❤️/💔...I See you(chapter 03)...❤️/💔

343 91 19
                                    

Choi Inha p.o.v.

ඇස්වල කඳුළු පුරවගෙන ,අප්‍රාණික වූවෙකු ලෙසින් ඇවිදන් ආ මන්,මමත් නොදැනම පාර්ක් එකේ ගේට්ටුව ලගටම ඇවිල්ලා.මන් යනකොට ඒ ගේට්ටුව විවෘත කරල තිබුණත් ඒ පිළිබඳව තැකීමක් නොකළ මන් එතුළට පියමැන්නේ ,මගේ හිතේ තියෙන වේදනාව නැත්තටම නැතිවෙනකල් අඩලයි එන්නේ කියලා හිත හදාගෙන.

මනුස්ස පුළුටක්වත් නොමැති බව පෙනෙන්නට තිබුණු මෙතැන ඇත්තෙන්ම දුක නැතිවෙනකන්ම අඬන්න කියාපුම තැනක්.ගේට්ටුව ඇරපු ගමන් එතනම තිබුණු බෙන්ච් එක ළඟ බිම වාඩිවුන මම ,හොදටම කෑ ගගහා අඬන්න පටන් ගත්තේ මං ඇදගෙන හිටිය සුදු පැහැ වෛද්‍ය නිල ඇදුම ගැනවත් නොතකමින්.

ගේට්ටුව ඇරපු ගමන් එතනම තිබුණු බෙන්ච් එක ළඟ බිම වාඩිවුන මම ,හොදටම කෑ ගගහා අඬන්න පටන් ගත්තේ මං ඇදගෙන හිටිය සුදු පැහැ වෛද්‍ය නිල ඇදුම ගැනවත් නොතකමින්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

(A/N :මේ විදිහට නෙමේ හොදේ එයා හිටියේ...අනික මේ විදිහටත් නෙමේ එයා ඇදල හිටියේ......😁මීට වඩා වෙනස්නෙ.🙄මට ගැලපෙන එකක් හොයා ගන්න බැරි වුනා.මේක ගැන වැඩිය හිතන්න එපා.)

මන් මගේ කේන්තිය ,තරහව,දුක ,ඔක්කොටම මගේ කදුලු මගින් ගලාගෙන යන්න ඉඩ දුන්නේ කිසිම බාධාවකින් තොරවයි.මගේ කටින් නිරන්තරයෙන් වේදනාත්මක ඉකි ගැසීම් පිට වුනත් මා ඒවා වලක්වා ගැනීමට කිසිදු උත්සහයක් නොගත්තේ ,ඒ දේවල් ඇහෙන්න මෙතන කවුරුත් නැති බව මා හොදටම දන්නා නිසායි .

Kim Taehyung p.o.v.

පැරණි මතක මතක් කරන එක නවත්තපු මම මේ මොහොත විදින්න තීරණය කලා.ඒත් එක්කම පාර්ක් එකේ ගේට්ටුව පැත්තෙන් ආ ශබ්දයක් නිසා මන් ඒ පැත්තට හැරුණා.මන් ශබ්දය ආ පැත්තට හැරෙනවත් එක්කම මට ඇහුණේ වේදනාත්මක ඉකි බිදුමක්.මුලින් මදක් තැතිගත් මා ඉක්මනින්ම එතැනින් පිටව යෑමට සිතුවත් මගේ සිත එයට එකග කරගන්න මට බැරි වුනා.කිසිදු හේතුවක් හෝ කාරණයක් නොතිබුණත් එතැනින් පිටව යෑමට මගේ සිත මට ඉඩ දුන්නේම නැහැ.

❤️💔....𝙒𝙞𝙩𝙝 𝙮𝙤𝙪 𝙒𝙞𝙩𝙝𝙤𝙪𝙩 𝙮𝙤𝙪....❤️💔  (𝗼𝗻 𝗵𝗼𝗹𝗱)Where stories live. Discover now