❤️💔...I feel you(Chapter 07)...❤️💔

154 36 15
                                    


             "......ජන්......ජන්කුක්........."

            

                   දොර ළඟ වැනි වැනි පිස්සෙක් වගේ කෑගහන ජන්කුක්ව දැක්කම මං හයියෙන්ම කෑගහලා අත් දෙකෙන් කටත් වහගත්තා.ඇයි දෙයියනේ මං දැනන් හිටියෙ නෑනේ මේ හා කොල්ලට මෙහෙම වෙරි වෙන්නත් පුළුවන් කියලා.ඉන්නෙනම් නිකන් දහයට ගනන් කරගන්න බැරි පොඩි එකා වගේ.

"දැක්කනෙ එයා මාව දන්නවා.......ය_නවා..... අහකට වෙනවා....දුප්......😏....."


           වොන්ජින් සීයව තල්ලුකරගෙන ඉස්සරහට පැනපු ජන්කුක් සීයගෙ පැත්තට කකුළ දික්කරලා එහෙම කියද්දි සීයගෙ කන් දෙකෙන් දුම් වළාවක් පිටවුනේ බෝම්බයක් කන අස්සෙ පුපුරල වගේ 😅.........උස්සපු කකුළ හරියකට බිම තියාගන්න බැරුව ආපස්සට කැරකුණු ජන්කුක් බිමට පතාබෑවෙන්න කලින් මං ඉක්මනට පැනලා බඩ මැද්දෙන් අත දාලා අල්ලගත්තා.


"අම්මෝ මෙයාගෙ බර.......🙄......."


               මං එහෙම හිතුව නෙමේ ලාවට කියවුනාද කොහෙද.මං ඔළුව වනලා යොන්ජින් සීයට ප්‍රශ්නයක් නෑ කියද්දි සීයා එතනින් එළියට ගියත් ආපහු හැරිල ජන්කුක්ට රවන්න අමතක කළේ නෑ.යොන්ජින් සීයා ගිය දිහා බලාගෙන හිටපු මම ආපහු පියවි සිහියට ආවෙ වැළමිට ගාවින් දැනුනු වේදනාවට.අම්මෝ මං මෙච්චර වෙලා මෙයාව මෙහෙම අල්ලගෙනනෙ.........ජන්කුක්ටත් නැගිටින්න කිසිම උවමනාවක් නැ.තොටිල්ලක වගේ කකුළ් දෙකත් දික්කරගෙන හොද සැපට ඉන්නව.ජන්කුක්ගෙ අත් දෙක යටින් අත යවලා හිරකරගෙන බිම ඇදෙන කකුල් දෙක එහෙ මෙහෙ වදින්නෙත් නැතිවෙන්න මං පරිස්සමට ජන්කුක්ව වාඩි කෙරෙව්වෙ සෝෆා එක ළඟ බිම.ඕනාවට වඩා දිගට වැවිලා තිබ්බ ජන්කුක්ගෙ කොණ්ඩෙ නළල ඉස්සරහින් වැටිලා තිබ්බෙ ඇස් දෙකම වහගෙන.සැරින් සැරේට පියවීගෙන යන ඇස් ආමාරුවෙන් ඇරගෙන ඉන්න දගලන ජන්කුක්ව දැක්කම මට ආවෙ කේන්තියක්........බොන්න බැරිනම් ඇයි බොන්නෙ මං අහන්නෙ......😒......

       සෝෆා එක ළඟ බිම මාත් ඉදගත්තේ ජන්කුක්ගෙ දෙපැත්‍තට වැටෙන ඔළුව සෝෆා එකට හේත්තු කරන ගමන්.නළල ඉස්සරහට වැටිල තිබුණු කොණ්ඩෙ පිටිපස්සට කරල බලද්දියි මං දැක්කෙ ලේ පාට වෙලා තිබ්බතොල් දෙක.ලේ පාට වෙලා නෙමේ ගලාගෙන ගියපු ලේ තොල්වල කැටි ගැහිලා.එහෙම්මම ජන්කුක්ගෙ මූණ මගෙ දිහාවට උස්සගෙන මං මූණට එබුනෙ ඇස් දෙකත් ලොකුකරගෙන.__මොකාද යකෝ මේකගෙ තොල් කෑවෙ__ 🙄.......මං ජන්කුක් දිහා බලාගෙන කල්පනා කළේ ඒ ගැන.


❤️💔....𝙒𝙞𝙩𝙝 𝙮𝙤𝙪 𝙒𝙞𝙩𝙝𝙤𝙪𝙩 𝙮𝙤𝙪....❤️💔  (𝗼𝗻 𝗵𝗼𝗹𝗱)Where stories live. Discover now