❤️/💔...I feel you(chapter 01)...❤️/💔

328 75 56
                                    

 
📌️This  Chapter  contains  some  mature  contents ....🔞 But not  contained  in  bulk  or  indecently.......

Choi Inha p.o.v.
       
         ශටල් එකෙන් ඇතුළට හමාගෙන එන සීතල සුළගට ඇවිස්සෙන ටේගෙ කොන්ඩෙ දිහා මං දැන් ගොඩක් වෙලාවක් තිස්සෙ බලාගෙන. කොන්ඩ කෑලි එයාගෙ ඇස්වල වදින වදින පාරක් ගානේ ඇස් දෙක වහලා එහෙට මෙහෙට ඇදකරන්නේ හරියට පොඩි ළමෙක් වගේ.strein wheel එකට එක අතක් තියාගෙන අනිත් අතින් කොන්ඩෙ හදන ගමන් මගෙ දිහත් බලන්නෙ හරියට ඇයි ඔයාට මගෙ කොන්ඩෙ හදන්න බැරි කියන්න වගේ.එයාගෙ කොන්ඩෙ පිටිපස්සට කරන්න කීප වතාවක්ම හිතුනත් එයා ඒ විදිහට එයාගෙ අතින්ම කොන්ඩෙ හදන විදිහ බලාගෙන ඉන්න මං ආසයි.එතකොට එයාගෙන් පේන්නෙ අමුතුම කඩවසම් බවක් කියලයි මට හිතෙන්නෙ.අනිත් එක අපි දෙන්නගෙ එෆෙයාර් එකට මාසයක් වෙලත් මං තාම ලැජ්ජයි.ඔව් අපේ එෆෙයාර් එක පටන් අරන් හෙටට මාසයක්.මට වෙලාවකට පුදුමයි අපි එකිනෙකාව හම්බෙලා තාම මාසයයිද කියලා.ඒ තරමටම අපි සමීපයි.
           ටේ හැමතිස්සෙම සතුටුවෙන්නෙ චූටි චූටි දේවල් වලින්.එයා ලොකු ලොකු දේවල් බලාපොරොත්තු වෙන කෙනෙක් නෙමේ. එයාට කිස් එකකට වඩා වටින්නෙ හග් එකක්.තෑග්ගකට වඩා වටින්නෙ ආදරෙන් කියන වචනයක් දෙකක්.......හම්මෝ මං ටේ ගැන ටේටත් වඩා දන්නවනේ........වෙලාවකට මට එහෙම හිතිලා හිනාත් යනවා.මං ආස කලේ ටේගෙ හැම ඉරියව්වක් දිහාම බලාගෙන ඉන්නයි.ඒ හැම ඉරියව්වක්ම මගෙ හිතට සතුටක් ගේනවා.ටේ දිහා බලාගෙන ඉද්දි මට හිතෙනවා මගේම කියලා දෙයක් තියනවනේ කියලා.ටේගෙ හදවත මගේ කියලා එයා කියන්න ඕනි නෑ ඒක මට දැනෙනවා.මේ ලෝකෙ තියෙන කිසිම දෙයක් සදාකාලිකවම අපේ වෙන්නෙ නෑනේ.ඒත් මගෙ බොළද හිත ඒක තේරුම් ගන්නෙම නෑ.මට වෙලාවකට පුදුමයි , එදා හැන් ගග ළගදි ටේගෙ අත ගසලා දාලා විකාර කියෙව්වේ මන්ද කියලත්.මං දැන් එයාගෙ ආදරේට ඇඩික්ට් වෙලා.ඒ ආදරේ නැතුව මොහොතක්වත් ගත කරන්න බැරි විදිහට.පොඩි කාලෙ ඉදන්ම කුඩම්මගෙ නපුරුකම් වලින් පිරිලා ගියපු ලෝකෙක ජීවත් වුනු මට, මගේම කියලා මටම අයිති වුනු මේ ආදරේ ගොඩක් වටිනවා.
                   ඩ්‍රයිවින් ශීට් එකේ ඉන්න ටේ දිහාවට මූන හරවගෙන පැය ගානක් තිස්සෙ මං කොච්චර දේවල් හිතලද.තාමත් ටේ එයාගෙ ඇවිස්සෙන කොන්ඩ කෑලිත් එක්ක ලොකු යුද්දෙක.පව් කියලත් හිතෙනවා.මොකටද ඔච්චර වවාගෙන ඉන්නෙ.ටිකක් කොට කරගත්තනම් ඉවරයිනෙ.
                මගෙ කොන්ඩෙ පිටිපස්සට කරලා දාලා තිබ්බ පෝනිටේල් එක ලිහලා දාලා හෙයා බෑන්ඩ් එක අතට අරගන්න ගමන්ම ශීට් බෙල්ට් එක ගලවපු මම ටේගෙ ශීට් එක  දිහාවට නැමුනේ ටේට වදදෙන කොන්ඩෙ අල්ලලා ගැටගහන්නයි.ඒත් එකපාරටම ශීට් එකෙන් විසික්වුනු මං ටේගේ උකුලෙන් ඉන්දවුනේ ටේගෙ වැරැද්දෙන්ම තමා.ටේට මාව ළගට ගන්න තිබ්බ වුවමනාවට තමා එයා ඒ විදිහට බ්‍රේක් ගහලා පාර අයිනෙන් වාහනේ නතර කළේ කියලා මං නම් හොදටම දන්නවා.ඒක දැනගෙනත් නොදන්න ගානට හැසිරෙන්න බැරි නිසාම මට බකස් ගාලා හිනාගියේ ටේගෙ මූන ලැජ්ජාවෙන් ඇකිලිලා යද්දියි.

❤️💔....𝙒𝙞𝙩𝙝 𝙮𝙤𝙪 𝙒𝙞𝙩𝙝𝙤𝙪𝙩 𝙮𝙤𝙪....❤️💔  (𝗼𝗻 𝗵𝗼𝗹𝗱)Where stories live. Discover now