❤️/💔...I feel you(chapter 04)...❤️/💔

254 70 14
                                    


Choi Inha p.o.v.

            ජීවිතේ ගතවෙද්දි මිනිස්සු වෙනස් වෙනවා , ඒ වගේම හැගීම් , ඔව් හැගීමුත් වෙනස් වෙනවා , දැක්ම , අවබෝධය , ප්‍රාර්ථනා , බලාපොරොත්තු , ඔව් මේ හැමදේම වෙනස්වෙනවා.කවුද හේතුව මේ දෙයට........කවුරු නිසාද මේ හැමදේම මේ විදිහට වෙනස්වෙන්නෙ........කියාවි කෙනෙක් හේතුව කාලය කියලා.......ඇත්තටම හේතුව කාලය විතරක්මද.....කාලයට හැමදෙයක්ම පවරලා අපිට නිහඩ වෙන්න පුළුවන්ද......කාලයට විතරක්ම හරි වැරදි හැමදේකම වගකීම පවරන්න බැහැ....
මොකද ඒ දේවල් කාලය ගතවෙද්දි එහෙම වෙන්නත් අපි අතින් වෙන සුළුම සුළු මගහැරීමක් හේතුවක් වෙන්න පුළුවන්....හිතන් නැතුව සිද්දවුනු සුළු හිත් රිදුමක්......හිත පාරවන පොඩි වචනයක්........පිටට හැගුනත් ඒක සුළු දෙයක් පොඩි දෙයක් කියලා , ඒ දේ අත්වින්ද කෙනාට ඒක කොයි විදිහට බලපෑවද දැනුනද හැගුනද කියන්න දන්නේ , ඒ දෙයින් රිදුනු පෑරුනු තුවාලවුනු හදවත එක්ක හුස්ම ගන්න ඒ කෙනා විතරමයි.

..........මිනිසුන් වෙනස් වේවි නමුත් මතකයන් එසේම තියේවි..........

ඒත් හිතාගන්න පුළුවන්ද අඩුම තරමේ මතකයවත් එහෙම නොතිබුනොත්......මතකය කියලා දෙයක් තිබුණු බවත් අමතක වුනොත් , වෙනස් වුනු කෙනාට ආපහු මතකයක් විදිහටවත් රැදෙන්න බැරි වේවි නේද ........ අපේ මතකයේ සදහටම සලකුණු වුනු........සදාකාලිකවම නිමැවුනු කැටයමක් වුනත්........කැටයමේ රටාව අමතකනම් , අවුල් වෙලා ගියපු ඉරි රටා රේඛා විතරක්මනම් ඒ කෙනා තුළ , ඒ කෙනාගෙ මනස තුළ තියෙන්නෙ......අපේ හිතේ සදාකාලිකවම කැටයම් වුනු ඒ ලස්සන රටාවෙන් පලක් තියනවද.......

____"Selective memory lose situation"____

ජීවිතේටම අහපු අමිහිරිම වචන කීපය........අකුරක් අකුරක් පාසා වෛර කරනවා මං......Dr.මින්හො ගේ ගොරෝසු කටහඩින් ඒ වචන එළියට එනකොට.......ඔව් මට පළවෙනි වතාවට දැනුනා පිස්සෙක් වුනාම කොහොමද හැගෙන්නේ කියලා.......

_____"කනගාටුවෙන් වුනත් කියන්න වෙනවා dr.ඉන්හා......Mr.Kim Taehyung selective memory lose situation එකක තමයි මේ වෙද්දි ඉන්නෙ......එයාට අවධි කිහිපයක මතකය නැතිවෙලා.......සිහිය ආපුවම අපිට දැනගන්න පුළුවන් ඒ අවධි ගැන.......බොහොම ඉක්මනින් ඒ අවධි කීපයේ මතකය අපිට ගන්න පුළුවන් වේවි කියලා හිතනවා........ඒක ඩිපෙන්ඩ් වෙන්නෙ patient ගේ මානසික තත්වය මත......."______

❤️💔....𝙒𝙞𝙩𝙝 𝙮𝙤𝙪 𝙒𝙞𝙩𝙝𝙤𝙪𝙩 𝙮𝙤𝙪....❤️💔  (𝗼𝗻 𝗵𝗼𝗹𝗱)Kde žijí příběhy. Začni objevovat