Kim Taehyung p.o.v.මගේ ජීවිතය මගේ සහෝදරයෝ හය දෙනා එක්ක ගත කරන්න පටන් ගත්ත දවසේ ඉදන්ම ,මට එන ගොඩක් ප්‍රශ්න මං එයාලටයි කිව්වෙ.ඒ හැම ප්‍රශ්නෙකටම ,හැම හිත් රිදුමකටම එයාල ළඟ උත්තර තිබුනා. හිත සැනසෙන විදිහෙ එක දයාබර හිනාවක් ,සහනදායි වචනයක් ,සෙනෙහෙබර වැළඳ ගැනීමක් එයාල ළඟ හැමතිස්සෙම තිබුනා.
ඒත් මං කරන හැම දගකාර වැඩකටම,මෝඩ වැඩකටම නම් එයාලගෙන් මට කවදාවත් උදව් ලැබුනෙ නෑ.ජිමිනා කොහොම වුනත් අනිත් හියුන්ග්ල නම් ඒ වගේ වැඩ කවමදාවත් අනුමත කරෙත් නෑ.ඉදිරියේදී කරන්නෙත් නෑ.ඒක මං හොදාකාරවම දන්නවා.ඒ වගේ ඕනිම ඔලමොට්ටල වැඩක් කරන වෙලාවකට මං ළඟම මගේ හෙවනැල්ල වගේ ඉඳගෙන උපදෙස් දෙන්නේ වෙන කවුරුත් නෙමේ,මගේ ජන්කුකියා.හැබැයි බැරිවෙලාවත් ඉතින් කරන දේ වැරදුනොත් ,එයා නම් ඒකට ගෑවිලාවත් නෑ.එයා පොඩි එකා.මොකවත්ම දන්නෑ ඒ වෙලාවට එයා.
ඒ කොහොමවුනත් දැන් මට තියෙන්නේ ඉස්සෙල්ලා තිබුණු ප්‍රශ්න වර්ග දෙකෙන් එක වර්ගෙකවත් ප්‍රශ්නයක් නෙමේ.ඉතින් දැන් මම නිකන් ගිරයට අහුවෙච්චි පුවක් ගෙඩිය වගේ.හිතාගන්න බැහැ මට,මං කාටද මගේ හැගීම් කියන්නේ කියල.හියුන්ග්ලට කියලා උපදෙස් ගන්නවද,ජන්කුක්ට කියලා හිත සැහැල්ලු කර ගන්නවද.........¿¿¿¿¿¿¿🙄🙄
දාහක් සිතුවිලි මැද්දේ අතරමං වෙලා හිටිය මම අන්තිමටම තීරණය කලේ වෙනද වගේම මේ දේත් ජන්කුක්ටම කියලා හිත නිදහස් කරගන්නයි."ජන්කුක් මේ අහන්න........මං මේ කියන්න යන දේ ,මං කියල ඉවර වෙනකල්ම ,මැදින් පැනල ඇඩ් දාන්න එපා.......මොකවත්ම අහන්නත් එපා...........අහන්න හරි කියන්න හරි තියෙන ඕනිම දෙයක් ඊට පස්සේ......ඒ වගේම ඔයා අහන හැම ප්‍රශ්නෙකටම උත්තර දෙන්න කියල ,ඔයා මට බල කරන්නත් බෑ,මං මේක කිව්වයින් පස්සේ......ok......."
මං මුලින්ම එහෙම කියලම පටන් ගත්තේ ,ජන්කුක් ගංවතුර ගලනවා වගේ එකදිගටම ප්‍රශ්න අහන එක නවත්තන්නයි.මං එහෙම කියන පරක්කුවෙන් ජන්කුක් වේගෙන් ඔලුව වැනුවේ ඒක අනුමත කරන්න වගේ.මද වෙලාවක් නැවතත් කල්පනා කල මම කතාව පටන් ගත්තේ ජන්කුක්ගේ දෑස් මගහැර ,නිමක් නොපෙනෙන හිස් අවකාශය දෙසට දෑස් යොමාගන්නා අතරයි.
YOU ARE READING
❤️💔....𝙒𝙞𝙩𝙝 𝙮𝙤𝙪 𝙒𝙞𝙩𝙝𝙤𝙪𝙩 𝙮𝙤𝙪....❤️💔 (𝗼𝗻 𝗵𝗼𝗹𝗱)
FanfictionOne day🍂 you will cry for me....... As much as I cry for you today........ One day🍂 you will miss me........ The more I miss you today........ One day🍂 you will need me........ As much as I need you today....... One day🍂 you will love me so much...