❤️/💔...I Meet you(Chapter 02)...❤️/💔

260 79 12
                                    


Kim Taehyung p.o.v.

වෙනදට නම්ජුන් හියුන්ග් හරි ජින් හියුන්ග් හරි ඇවිල්ලා කන ළඟ ලවුඩ්ස්පීකර් එකක් හයි කරනකන් උදේට අහැරින්නේ නැති මම ,අද උදේ පාන්දරම නැගිට්ටේ කිසිම අපහසුවක් නැතුවයි.නැගිටලා ඔරලෝසුව දිහා බලද්දී මටත් පුදුම හිතුනා මන් ගැනම.

"ඈ.....තාම උදේ පාන්දර 5.30 යිද¿¿¿¿¿¿¿ ආහ්හ්හ්හ්......මං මොකට මෙච්චර උදේ නැගිටලද මන්දා..."

ඇදේ ඉදගෙනම ඔලුව කහන ගමන් මන් හිතුවා.ආයේ නිදාගන්න හැදුවත් මට නින්ද ගියේම නැති නිසා,මං ඇඳෙන් බැස්සේ වොෂ් එකක් දා ගන්න යන්නයි.

"සමහරවිට මට මෙච්චරම උදේ නැගිට්ටුනේ අද මන් අරයව හම්බවෙන්න යන නිසා වෙන්න ඇති.ආයිෂ් .......ආහ්හ් මන් මොකටද ඒ නිසා උදේ නැගිටින්නේ.මට නිකන් ඇහැරෙන්න ඇත්තේ."

හිතින් මාත් එක්කම තර්ක කරන් ගමන් මං ෂවර් එක යට හිටගෙන ෂවර් එක ඇරියේ ,සීතල වතුර බින්දු වලට මගේ සිරුර නිරාවරණය කරමින්.සීතල වතුර බින්දු මුලින්ම ඇගේ ගෑවෙද්දී සිරුර මදක් හිරි වැටුණත් පසුව මට දැනුනේ හරිම සුවපහසු බවක්.මං ඇස් දෙක වහගෙන ආයෙම හිතුවේ ඊයෙ දැකපු ගර්ල් ගැන.එයාගෙ පෙනුම මගේ හිතේ හොල්මන් කරන්න පටන් ගත්තේ එයාගේ ලස්සන මූනට මාව තව තවත් සිතින් ආකර්ෂණය කර ගනිමින්.
මං බාත්රූම් එකෙන් එලියට ආපු ගමන්ම ඇවිදන් ගියේ මගේ අල්මාරිය ළඟට .මං ආසම ට්‍රව්සර් එකකුයි ෂර්ට් එකකුයි අතට ගත්ත මන් ඒක ඇදගන්න කියලා හදද්දිම මට මතකෙට ආවේ මං කවුද කියන එක.

"හ්ම්ම්ම්.....මට කවදාවත්ම මං කැමති විදිහට ඇදගෙන එලියට යන්නනම් ලැබෙන එකක් නෑ."

බිඳුණු හඬකින් මටම කියාගත්තු මම ,කලින් ගත්ත ට්‍රවුසර් එකයි ෂර්ට් එකයි ආපහු අල්මාරියට දාල කලු පාට T-shirt එකකුයි ඩෙනිම් කලිසමකුයි අරගත්තේ ඒක ඇදගෙන යන්න හිතාගෙනයි.ඉක්මනින් ඇදුම් ඇදගත්තු මං ,මගේ කොන්ඩේ උඩින් පල්ලෙන් හදාගෙන මාස්ක් එකකුයි ,කැප් එකකුයි අතට ගත්තේ නිරන්තරයෙන් මගේ පෞද්ගලිකත්වය මං පිටතට නොපෙන්වා සිටීම සිදු කල යුතු නිසායි. මං මගේ කාමරේ දොර වහලා පල්ලෙහට යනකොටත් හියුන්ග්ලා breakfast එක ගන්න කෑම මේසෙන් වාඩිවෙලා.මං පල්ලෙහට එනව මුලින්ම දැක්ක නම්ජුන් හියුන්ග් මගේ දිහා බලාගෙන හිටියේ කටත් ඇරගෙනයි.ඒ ගැන ගාණක් නොගත් මං කෑම මේසෙන් ගිහින් වාඩි වුනේ මගේ බොක්සි ස්මයිල් එකත් දාගෙනමයි.

❤️💔....𝙒𝙞𝙩𝙝 𝙮𝙤𝙪 𝙒𝙞𝙩𝙝𝙤𝙪𝙩 𝙮𝙤𝙪....❤️💔  (𝗼𝗻 𝗵𝗼𝗹𝗱)Where stories live. Discover now