Chapter 02 ⚠️🐝🐞

3.7K 410 41
                                    

මම පටන් ගද්දිම කීව මේක 18+ඒ වගේම ඔයාලට යථාර්ථවාදී දෙයක් පෙන්නන්න try කරනව කියල..ඔන්න එහෙනම් මම flash Back එක පටන් ගන්නව..හොද අවදානෙන් කියවන්න ළමයි..මේක ෆැටසියක් නෙවෙයි.මේ පොළොව උඩ වෙන්න පුළුවන් දෙයක්..
පරිස්සමින් ඉන්න බබාල😘😘❤️❤️

Flash Back Before 1 1/2 year 👈

අද ලෙක්චර්ස් නැති නිසා මම ටිකක් වැඩියෙන් නිදා ගත්ත.ඇහැරුණ ගමන් 4න් එක අතට අරන් unlock කරේ "good morning baba" කියල මැසේජ් එකක් ඇවිත්ද කියල නම් නෙවෙයි මිත්‍රවරුනි 😂 ඒව කොහෙද අපිට එන්නෙ අපි VIP ඒක නිසා company message විතරයි එන්නෙ😎👌 ගැම්මක් තමයි ඉතින් 🤣.ඒත් අද නම් ඩයලොග් එකටවත් මාව මතක් වෙලා නෑ.😐 එහෙම්ම inster එකට ඔළුව දාල බැලුවෙ ඇවිත් තියෙන request මොනවද බලන්න.

   ම්ම්ම්ම්ම් තුනක් වගේ තියෙනව.දෙකක්ම කොල්ලො දෙන්නෙක්ගෙ.අනිත් එකේ නම Park Myung..මේ දවස් වල fake acc වලින් ඇවිත් armyලගෙ acc වලට ප්‍රශ්න දාන අය වැඩි නිසා මම කෝකටත් කියල pfofile එක check කරා.ම්ම්ම්ම් අවුලක් නෑ.ඇත්තටම army කෙනෙක් වගේ.අෆ්ෆ්ට fan boy knk??????? වාව්... ඇත්තටම fan බොයි කෙනෙක් කියන්නෙ මේ කාලෙ අවංක කොල්ලෙක්  වගේ.ඔව් ඔව් හොයා ගන්න අමාරුයි 😁😁. ඒත් අපි fan boy කියල කියන් එන උන්ව එක පාරම ඇඩ් කර ගන්නෑ.මොකද අපි එහෙම එන්නෙ ගොඩක් වෙලාවට hatersල.ඉතින් මුළු ඔක්කොම අවුස්සල මම මේ ඉන්නෙ එහෙම එකෙක් නෙවෙයි කියල හිත හදා ගත්ත.ඊට පස්සෙ ඒක comfirm කරල ආයෙ කොට්ටෙ මූණ ඔබා ගත්ත.කම්මැලි කමට එහෙම නෙවෙයි හොදේ අනාගතේ ගැන හීන දකින්න ඕන එතකොට තමයි ඒව හැබෑ වෙන්නෙ law of attraction ගැන දන්නවනෙ😌.
      අහ්හ් මං ගැන කීවෙ නෑ නේද.විශේෂයක් නෑ.කෙටියෙන් කීවොත් ටිකක් විතර පිස්සු,ම්ම් ටිකක් විතර කොට,හැබැයි ගොඩක් කියුට් කෙල්ලෙක්😁😁. මට ඉන්නෙ මං විතරයි.ඒක නිසා දේපල බෙදද්දි ප්‍රශ්න නෑ හුම් 😊. අම්මගෙයි තාත්තගෙයි එකම වස්තුව මේ මං තමයි.මම යුනිවර්සිටි එකේ 1st year student කෙනෙක්.විවිධ භාෂා ගැන තමයි මම ඉගෙන ගන්නෙ.හොදටම පුළුවන් මිශ්‍ර සිංහල 😋.අවුරුද්දු 20ක් වෙලත් කොල්ලෙක් නැතුව ආතල් එකේ පිස්සුවක් නටන් ඉන්න හොද ළමයෙක් මං.ඔය ලව් මට ඇලජික් 😏. කවුරු හරි රින් එකක් අරන් ඇවිත් "will you marry me " කියල ඇහුවොත් කණට ගහන්න තරම් මම රොමෑන්ටික් 🙈😊.ඒ වගේම මට තියෙන්නෙ ඒක පාර්ශවික ආදරයක්.සිංහලෙන් කීවොත් one sidded love එකක් 🤧🤧 මගේ හොබ්බ!! ඔව් ඔව් J-hope තමයි.අවුරුදු ගානක් තිස්සෙ මං එයාට ලව්.එයා වෙන කාට ද ලව්.තත්ත්වය සෝචනීයයි මිත්‍රවරුනි 😪(ඒක තමයි තනිකඩ බවේ රහස) ඒයා ඇරුනම අනිත් හය දෙනත් මගේ තමයි.(කියල තමයි හිතන් ඉන්නෙ)
      ඔයඇති නෙ මගෙ ඕප දූප.කොහොම හරි මම නැගිට්ටෙ දවල් වෙලා.එතකොට ම 4n එකට නොටිෆිකේෂන් එකක් ඇවිල්ල.
      ©park Myung-Hi
      අෆ්ෆට මේ මොකද.මම inster message වලට රිප්ලයි දාන්නෙ මට කම්මැලි හිතුනොත් විතරයි.මේත් මට කම්මැලි වෙලාවක්.පාර්ක් කියන මනුස්පයටයි Shan කියල එකෙකුටයි මම hi කියල රිප්ලයි කරා.දෙන්නගෙන්ම සනිකව රිප්ලයි ආව.😅 මුන් යකූ.පස්සෙ ඉතින් එදා දවස නෝමල් විදිහට chat එකක් දාන් ගෙවිල ගියා.Myung තායිලන්ඩ් වල fashion designer කෙනෙක්ලු.ඉතින් එයා හැම රටකම වගේ වැඩ කරනවලු.අනිත් එකා නම් ලංකාවෙ.හැබැයි ඌත් පිස්සු පොරක්. මම Myung එක්ක කතා කරේ හරි ආසාවෙන්.මාත් languages ඉගෙන ගන්න නිසා රටවල් ගැන දැන ගන්නත් ආසයි.
   තවත් මාස 3ක් ගෙවිල ගියෙ Myungවයි මාවයි හොදම යාලුවො වෙලා.හැබැයි එයා මට ඒ වෙද්දි ලොකු රහසක් කීව.ඒ එයා Big hit එකේ වැඩ කරනව කියල.කීව වෙලාවෙ නම් මට මැරෙනකම් හිනා ගියා.මං කීව වොශ් රූම් ක්ලීන් කරන්න හරි මාවත් දාන්න කියල 😁.පස්සෙ එයා කියපු දේවල් ඇත්ත කියල මම විශ්වාස කරේ එයා වීඩියෝ කෝල් එකක් ගමු කියල කීව නිසා.අපි යාළුවො වෙලා මාස ගානක් ගියත් අපි එකම එක වීඩියෝ  කෝල්  එකක්වත් අරන් තිබ්බෙ නෑ.ඉතින් ඒ අපේ පළවෙනි කෝල් එක.ඊට කලින් එයා යන යන තැන 4tos මට එව්ව.ඉතින් ඒ දවසෙ එයා මට BigHit (Hybe in future) එක පෙන්නුවා.මට ඇස් අදහ ගන්න බැරි වුනා.ඇත්තට මට හුස්ම ගන්නත් අමතක වුණා.එයා කොච්චර වාසනාවන්තද කියල මට හිතුන.මොකද මගෙ කොල්ලො 7 දෙනාව එයාට ඇස් දෙකෙන්ම බලා ගන්න පුළුවන් නෙ 😪. ඒත් එදා එයා එයාගෙ මූණ නම් පෙන්නුවෙ නෑ.මට ඒකට ටිකක් දුක හිතුන.
   ඇත්තම කියනව නම් මගේ හිතේ ඒ වෙද්දි Myung ගැන කැමැත්තක් ඇතිවෙලා තිබ්බ.එයා එක්ක කතා කරද්දි මට දැන්නෙම මම ගොඩක් කාලෙක ඉදන් එයාව දන්නව කියල.සමහර වෙලාවට එයත් මට කැමති ඇති කියල හිතුනත්, මං වගේ කෙල්ලෙක් වෙනුවට එයාට වෙන කෙනෙක් ඇති කියල හිතුන.ඉතින් මම දරාගෙන ඉවසගෙන අර මල් සරා කියන එකා විදිනකම් හිටිය 😪.
   ඊට පස්සෙ සතියක් වගේ Myung මට කතා කලේ නෑ.මට ඒක ගොඩක් ලොකු දුකක් වුනා.මට හිතුනෙ පොඩි හරි කැමැත්තක් එයාගෙ තිබ්බත් එදා වීඩියෝ කෝල් එක වෙලාවෙ මම එයාව දැක්කෙ නැති උනාට එයා මාව දැක්කනෙ.ඉතින් එපා වෙන්න ඇති කියලයි.ඒත් මම කල්පනා කරේ මහ ලොකු ලස්ස්නක් නැති උනත් මම කැතත් නෑ නේද කියල.
   සුපුරුදු පරිදි ඉතින් පාඩම් කරන දේවල් එක්ක මගේ කාලෙ ගෙවිල ගියා.මාසෙකට විතර පස්සෙ Myung මට කතා කරා.මට ලොකු සතුටක් දැනුනෙ.ඒත් එයා කතා කරේ බිදුණු කට හඩකින්.එයා කීව එයාගෙ job එක නැති වුණා කියල.හේතුවක් කීවෙ නෑ.මම ඇහුවෙත් නෑ.මට ඕන උනේ නෑ එයාව රිද්දන්න.එයා කීවෙ ඒ වෙලාවෙ කන්නවත් එයාට සල්ලිනෑ කියල.කොරියාව කියන්නෙ අපි හිතන් ඉන්න තරම් ලස්සන රටක් නෙවෙයි කියල එයා කියපු දේවල් එක්ක මම තේරුම් ගත්ත.සල්ලි නැත්නම් එහෙ අයගෙ ජීවිත අපායක් වෙනව.ඉතින් මම තීරණය කරා Myungට පුළුවන් විදිහකට උදවු කරන්න.මේ වෙද්දි මම part time translator කෙනෙක් විදිහට පොඩි company එකකවැඩ කලා.අම්මයි තාත්තයි මට වියදම් කරන නිසා මම පොඩි ගානක් අතේ තියන් අනිත් ඔක්කොම Myungට යැව්ව.කවදාවත් නොදැකපු මේ කෙනා වෙනුවෙන් මම මගේ හදවතේ මුළුඉඩම වෙන් කරල තිබ්බ.
    මේ විදිහට තවත් මාස ගාණක් ගෙවිල ගියා.වෙන Job එකක් හොයා ගන්න Myung ගොඩක් try කරා.ඒත් ඒක ගොඩක් අමාරු දෙයක් උනා.ඉතින් ඒ මාස ගානම Myung ජීවත් වුනේ මම යවපු පොඩි ගානෙන්.මොන ප්‍ර්ශ්න තිබ්බත් Myung මං ගැන හොයන්න අමතක කලේ නෑ.එයා අන්තිමට පොඩි ඇදුම් shop එකක designer කෙනෙක් විදිහට වැඩට ගියා.කොච්චර වැඩ තිබ්බත් මට කතා කරන්න මං ගැන හොයල බලන්න එයා වෙලාව හොයා ගත්ත.ඇත්තටම කතා කරනව කීවට අපි ගොඩක්ම කලේ text කරපු එක.දෙන්නටම මොන වැඩේ තිබ්බත් අපි දෙන්නම අපි වෙනුවෙන් වෙලාව හොයා ගත්ත.මේ වෙද්දි අපි දෙන්නම දෙන්නට ගොඩක් ආදරේ කරන්නපටන් අරන් තිබ්බ.දවසෙ වෙන හැම දේම එයා එක්ක කියන්න මම හරි ආසාවෙන් හිටියෙ.
මේ විදිහට කාලෙ ගෙවිල මගෙ උපන් දිනේ දවසත් ආව..එයා කීවෙ එදාට මට පුදුම හිතෙන තෑග්ගක් දෙන්නම් කියල....
#NXT CHAp- මොකක් J-Hopeeeeeeee මට හුස්ම ගන්නත් අමතක උනා වගේ....

See you SOON‼️

ඔයාලගෙ ගොඩක් ප්‍රශ්න වලට උත්තර හම්බුනා නේද ළමයී??? කෝ එතකොට Yoongi?? BTS?? ඊළඟ Chap එකෙන් Fash back එක ඉවර වෙනව.එතකොට 100%ක් ඔයාලගෙ ප්‍රශ්න වලට උත්තර හම්බෙයි..මේක ටිකක් බෝරින් වගේද? බය වෙන්න එපා මේම තමයි එහෙම වෙන පළවෙනි වගේම අන්තිම පාර..🤣🤣 හොද ළමයි වගේ හොරෙන් කියවන්න...
අයි ලව් යු සෝ මච්...!! උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම
ඔයාලගෙ අදහස් කියන්නෝ..
-Min Seok-

#Be MiNe..🔐❤️(MC) [COMPLETED]Where stories live. Discover now