Chapter 19⚠️🐝🐞

1.7K 263 12
                                    

Author's prov ;

       සුගා , හොබී දෙන්නම ගල් ගැහිල බලන් හිටිය..එයාලගෙ ප්‍රින්සස් එයාලව දාල ගිහින් කියන දේ එයාලට හීනයක් උනා...කියාගෙ ප්‍රින්සස්!! කියාව රූම් එකට දානවාත් එක්කම පැටවු දෙන්නවත් රූම් එකට ගෙනාව.හොබී සුගා දෙන්න හරි පරිස්සමට පැටවු දෙන්නව වඩා ගත්ත.එයාගෙ ඇස් වල කදුළු පිරුණ..ප්‍රින්සසුත් හිටිය නම් කියල එයාලට හිතුන! කියා නැගිටල පැටවු ගැන අහද්දි එයා කොහොම හැසිරෙයිද කියන එක ගැන එයාල බය උනා.හැමෝම පැටවු අතට ගන්න පෝළිමට සැදී පැහැදී හිටිය.Pd nim වගේම මැජේජර් සේජිනුත් පැටවු බලන්න ආව.සේජින් නම් හිටියෙ ඒතරම් සතුටින් නෙවෙයි.Pd nim මොකක්ද උනේ කියල පැහැදිලි කරා.
     එදා කියාගෙ වගේම සෝප් දෙන්නගෙත් 4tos ලීක් කරල තිබ්බෙ සේජින්ගෙ දුව මීශා..එදයින් පස්සෙ එයා ගොඩක් දේවල් කරල තිබුණ fansලව අවුස්සන්න.සෝශල් මීඩියා වල ලොකු ප්ලෑන් එකක් කරන් ගිහින් තිබුණ කියාට අනතුරක් කරන්න.ඒත් හිතපු නැති විදිහට සසෙන්ග් කෙනෙක් තමයි කියාව ඇක්සිඩන්ට් කරවල තිබුණේ.ඒකට මීශගෙ සම්බන්ධයක් නෑ.ඒත් එදා concert එකේදි උන හැමදෙයක්මත් මීශගෙ වැඩක්.හොබී සුගා දෙන්නට නම් මීශ ගැන ලොකු පිළිකුලක් දැනුන.ඒත් සේජින් කියන්නෙ ඊට හාත්පසින්ම වෙනස් චරිතයක්.ඒක නිසා එයාල සේජින්ට වරදක් කීවෙ නැහැ.
      දවස් දෙකක් ගෙවිල ගියත් කියාට සිහිය ආවෙ නැති නිසා හැමෝම ගොඩක් කලබල උනා.මේ අතරෙ පැටවු දෙන්නට කියාගෙන් feed කලේ සුගයි හොබීයි දෙන්න.ඒ දෙන්න විනාඩියකටවත් කියාව දාල ගියෙ නෑ.ඒ විතරක් නෙවෙයි කුකීත්!! අනිත් අය විවේක ගන්න හරි එයාලගෙ අපාර්ට්මන්ට් වලට ගියත් කුකිත් එතනින් හෙලවුනේ වත් නෑ.කියාගෙ පැටවුන්ට වගේම කියාටත් එයාල පණවගේ ආදරේ කළා. BTSල හොබීගෙ ගෙදර ඉන්න කාලෙ අතරතුර කුකීගෙ හැම වැඩක්ම කළේ කියා.කියා කුකීට වඩා බාල උනත් අම්ම්ගෙ උණුහුම කාලෙකින් විදල නැති කුකීට කියාව දැනුණෙ අම්මෙක් වගේ! සුගා කුකී දෙන්න සෝෆා එකට වැටිල නිදා ගත්ත.හොබී නම් හිටියෙ ඇහැරලා.

හොබී නම් හිටියෙ ඇහැරලා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
#Be MiNe..🔐❤️(MC) [COMPLETED]Where stories live. Discover now