Chapter 02❤️

2.1K 271 10
                                    

Aura නැගිටින්න ළමයෝ අද වැඩට යන්නේ නැද්ද??

ආය අම්මා කියනවා මට යන්තමට වගේ ඇහුනා.ඒත් මට ආයි නින්ද ගියා.මට ආයි ඇහැරුනේ මගේ phone එක ring වෙන සද්දේ ඇහිලා.මම නිදිමතේම phone එක answer කලා.

Annyeongseyo aura.

Annyeongseyo aisha.මම කවුද ගත්තේ කියලා බැලුවේවත් නෑ.

මොකක්!! මම aisha නෙවෙයි මම arin ඔයා තාම නිදිද??

අහ් නෑ නෑ මම නිදි නෑ. මම දැන් නැගිට්ටේ.

බලනවා ඔරලෝසුව දිහා. වෙලාව 8.00 අද hospital එන්නේ නැද්ද??

මොනවා 8.00 ත් වුනාද?????මම දැන්නෙ ඇහැරුනේ.ඇයි ඔයා කතා කලේ?? මම ඇදෙන් බැහැලා දුවන ගමන් arinගෙන් ඇහුවා.

මම මේ කතා කලේ ඔයා ඇහැරලාද?? නැද්ද?? බලන්නම තමයි.

හරි හරි thanks. මන් ඉක්මනට ලෑස්ති වෙලා එන්නම්.

මම ඉක්මනට මූන හෝදගෙන කෑම කාලා ලෑස්ති වුනා.

ඒත් කෝ මගේ shoes කොහේද??🤔🤔🤔🤔

ආය අම්මේ මගේ shose කොහේද??

ඔයාගේ shose ගැන මම දන්නේ කෝමද ලමයෝ??කිව්වට අහන්නේ නෑනේ තමන්ගේ බඩු පිලිවෙකට තියාගන්න කියලා. බලන්න පොඩ්ඩක් ඔයාගේ කාමරේ දොර පිටිපස්සේ හෙම.

හා!! හා!!!!

මම ඉක්මනට උඩට ගිහින් දොර පිටිපස්සේ බැලුවා.
Oh!! වෙලාවට මගේ shose එතන තිබුනා. නැත්තම් ඉතින් බල්ලෝ දාලා තාමා shose හොයාගන්න වෙන්නේ. 😂😂😂😂

මම ඉක්මනට මගේ card එක බෙල්ලට දාගෙන දුවන්න හැදුවා විතරයි මට මගේ ආය අම්මගේ සද්දේ ඇහුනා.

මේ ඔයා අදත් නොකා යන්නද හදන්නේ. හැමදාම පරක්කු වෙලා ඇහැරලා නොකා යනවා. අද නොකා ගියොත් මම ආයි ඔයාට උදේට උයන්නේ නෑ.

අනේ ආය අම්මේ!!!! අදට විතරක් මෙහෙම යන්න දෙන්න මට හොදටම පරක්කු වෙලා.please please

බෑ ඔයා අද කාලා නොගියොත් මම ආයි උයන්නේ නෑ.

හරි හරි එහෙනම් මට කෑම බෙදන්නකෝ. හැබැයි ටිකයි

මම ආය අම්මා බෙදලා දුන්න කෑම එක කටට දෙකට කෑවා.

Annyeon ආය අම්මේ. මම යනවා.

ඔච්චර ඉකමනට කෑවද??

ඔව් ඔව් මම කෑවා බලන්නකෝ පිගාන එහෙම කියලා මම වේගෙන් දිව්වා. මොකද එතකොට කෑම ඉතුරු කරලා ගිහින් කියලා දැන ගත්තාම ආය අම්මට මට බනින්න විදියක් නෑනේ. ඕනි නම් හවසට ටිකක් සැර කරයි. එතකොට ඉතින් ඔය කේන්තිය නිවිලා තියෙයිනේ.

මම bus එක අල්ලගන්න හයියෙන් දිව්වා.

ඩෝං!!!!!!

එකපාරටම මන් කාගෙද ඇගේ හැපිලා බිම වැටුනා.මම පස්ස හැරිලා බැලුවා ඔලුවේ ඉදන් පෙරෝගත්ත කෙනෙක් හිටියා.මම එයාට බැනගෙන බැනගෙන ගියා.මට ඉතින් පොඩ්ඩ ඇත්නම් කේන්ති යනවනේ. එවෙලෙ මට ගොඩාක් පරක්කු වෙලා තිබ්බ නිස්ස මට ගොඩාක් කේන්ති ගියා.

"කොහේ බලාගෙනද යන්නේ මිනිහෝ. බලන්නකෝ මගේ ඇදුමත් ඉවරයි. අයියෝ!!"

මම ඉක්මනට වැටුන තැනින් නැගිටලා ආයිත් දුවන්න පටන් ගත්තා.

මම එයාට බැනපු එක වැරදිද මන්දා මමනේ වේගෙන් දුවගෙන ආවේ. හරි කමක් නෑ දැන් ඒක වෙලා ඉවරයිනේ. මොනා වුනත් එයා මාර හොදයි. මමම වැරැද්ද කරලා මමම බැන්නත් එයා ඒ බැනුම් ටික අහගෙන හිටියනේ වෙන මිනිහෙක් වුනා නම් ඉතින් මන් මෙලහකටත් හොද කනේ පාරවල් ටිකක් කාලා.😁😁😁

Chapter 2 is end!!!!!!!!



Hello guys,
කොහොමද කතාව අඩුපාඩු තියනවා නම් comment කරන්න.ලස්සනයි නම් ඉතින් vote කරන්න.🤗🤗🤗🤗🤗

VAMPIRE FALLS LOVE [Completed]Where stories live. Discover now