1)නාඳුනන සුවඳ

1.2K 115 33
                                    

වනය මධ්‍යයේ වූ කාල වර්ණ මන්දිරයෙන් හිරු නැගෙන වේලාවේ එළියට අඩිය තැබූ, ගෙල දක්වා වූ අත් දිග කළු කමිසෙකින්,කළු කලිසමකින් මෙන්ම දිගු කළු ලෝගුවකින් සැරසී සිටි නායක ඇල්ෆා බර අඩි තියමින් ඇවිදීමට වුනේ ඔහු පිටුපසින් රැකවලුන් ලෙස රැලෙහි දක්ෂතම සටන්කාමීන් දෙදෙනා පැමිණෙන විටයි.

ඇල්ෆාගේ සුදුමැලි සමෙහි පැහැයට ඔහු නිතරම අඳින කළු පැහැය මෙන්ම කළු හිසකෙස්ද බොහෝ දෑ එක්කර තිබුනා.
ඔහුට නිතරම තිබුනාවූ ඍජු ගතිය,
ගැටුම් වලදී ඔහුට ඇති රෞද්‍ර ගතිය,
නිතර දකින්නට තිබූ හැඟීම් විරහිත බව හා
ඕනෑම කෙනෙකු දෙවරක් බලන කඩවසම් ගතිය ඒ අතර කිහිපයක් වුනා.

මන්දිරය වටා රැස්ව සිටි ඩාර්ක් ඩයමන්ඩ් රැලෙහි සටන්කාමී ඇල්ෆාවරු මෙන්ම ආරක්ෂක බීටාවරුද තම නායකයා මෙන්ම දැඩි හා ශක්තිමත් වුනා.ඔවුන් තමන්ගේ තුවක්කු ඕනෑම මොහොතක නායකයාගෙ අණ මත ක්‍රියාත්මක කිරීමට සැරසී සිටියා.

පියවර කිහිපයකට පසු මුණ ගැසුනු , දෙපසම එකඟතාව මත තම භූමියට ඇතුලු වූ බ්ලඩ් රෝස් රැලෙහි නායක ඇල්ෆාටද , කාල වර්ණ නායක ඇල්ෆාගෙන් ලැබුනේ ඔහුගේ සුපුරුදු හැඟීම් විරහිත බැල්මයි.

මේ සුහද හමුවීමක්ද?!
නැත.පරම්පරා ගණනාවක වෛරක්කරුවන් වූ ඩාර්ක් ඩයමන්ඩ් රැලට මෙන්ම බ්ලඩ් රෝස් රැලටද සුහද හමුවීම් තිබුනේ නැත.

මෙය හුදෙක් තම භූමියට අනවසරෙන් ඇතුල් වූ බ්ලඩ් රෝස් සාමාජිකයන් රැගෙන යන ලෙසට එහි නායක ඇල්ෆාට කාල වර්ණ ඇල්ෆා විසින් සිදු කරන ලද අවසාන නිවේදනය විය.

අවසාන නිවේදනය වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම අවසානය විය.
එයින් පසු ඇත්තේ යුද්ධයයි..
මියයන තුරු සටන් කිරීම පමණයි..

"ඇල්ෆා ජින්යන්ග්, මේ තමුන්ට මන් දෙන අන්තිම අවස්ථාව බව මතක තියාගන්නවා."
නායකයාගේ ගෝරෝසු මෙන්ම ප්‍රතාපවත් කටහඬ විරුද්ධවාදීන්ගේ මෙන්ම ඔහුගේම රැලෙහි සාමාජිකයන්ගේද සිරුරේ හිරිගඩු නැගීමට සමත් වුනා.

"හරි ඇල්ෆා යුන්ගි..සිද්ධ වුන කරදරේට සමාවෙන්න..මේ අන්තිමපාර.."
කපටි සිනහවකින් පිරී ගිය ජින්යන්ගේ මුහුණේ නම් සමාව අයදින බවක් පේන්නට නොවූවද නායක ඇල්ෆා වූ යුන්ගි එය ගණන් ගන්නට බවක් පේන්නට තිබුනේ නැත.

His Galaxy Eyes |YM & TK| OnholdDonde viven las historias. Descúbrelo ahora