15)මැදියම

281 70 96
                                    

__________________________________________

In the middle of the night
I'm wide awake
I crave your taste

Middle Of The Night by Elley Duhe
____________________________________________

"ජිමින්.. ඔයාට මාව ඇහෙනවද? ජිමින්.."

කොහෙන්දෝ පැමිණි කටහඬක් නිසාවෙන් තම ඇසිපිය විවර කිරීමට ජිමින් වෙහෙසක් දරන්නට වුනා.

අලංකාර වීදුරු විදුලි පහනක් ජිමින් ඇලවී ඉන්නා තැනට මඳක් එහායින් සිවිලිමේ රැඳී තිබුන අතර අයින් ආලෝකමත් වූ කාමරයට තම දෑස් හුරුකරගනිමින් ජිමින් අවට නිරීක්ෂණය කළා.

ඒ අතර ජිමින්ගේ මුහුණ අසලට වී එබී බලන කාරුණික වෛද්‍යවරයාගේ කටහඬ නැවතත් ගලා එන්නට වුනා.
"ජිමින්.. දැන් ඇඟට කොහොමද?"

"හ්..හොඳයි.."
එසේ කියමින් මඳක් කෙලින්ව ඇඳෙහි හිඳගත් ජිමින්, නම්ජුන්ගේද උපකාර ඇතිව තම පිට කොට්ටයකට හේත්තු කර හාන්සි වුනා.

"හොඳයි.එහෙනම් මේක බොන්න."
නම්ජුන් වතුර පිරවූ වීදුරුවක් ජිමින්ගේ දෙතොල් අසලට ලන් කළ අතර එය තම දෑත් අතරට ගත්තා.
.
ජිමින් එය එක හුස්මට පානය කර අවසන් කළ පසු නම්ජුන් දෙසට දෑස් යොමුකළා.

"යුන්ගි..?"

ජිමින්ගේ ප්‍රශ්නය නිසාවෙන් නම්ජුන්ගේ මුහුණේ සිහින් සිනාවක් ඇඳුනා.
"ඇල්ෆා ඉක්මණට එයි."

"මේ කොහෙද හ්‍යොන්ග්?"ජිමින් අලංකාර කාමරයට තම දෑස් යොමුකළා.එහි බිත්ති මෙන්ම සියලු ගෘහ භාණ්ඩ දිස්නය දෙමින් තිබූ අතර ඔහු හාන්සි වී සිටින විශාල ඇඳ, තමා දන්නා කාලයක නිදාගත් සුවපහසුම ඇඳ බව ජිමින්ට දිවුරා පැවසිය හැකි වුනා.

මේ කාමරය මන්දිරයේ තමා මීට පෙර නිදාගත් ස්ථානයට වඩා දහස් ගුණයකින් පිරිසුදු මෙන්ම සුවපහසු බව සසඳන්නට මෙන් ජිමින්ගේ දෑස් කාමරය වටා  විමර්ශනයක යෙදුනා.

"මේක අමුත්තන්ගේ කාමරයක්.
ඒක නෙවෙයි..ඔයාට එකපාරටම සිහියනැති වුනා කියලා තමා ඇල්ෆා මාව ගෙන්නලා තිබ්බේ.මොකද වුනේ ජිමින්? ඔයාට කරදරයක් වුනාද?"
කෙටි දිනකින් වුවත් ජිමින් කෙරෙහි ඇති වූ ලෙන්ගතුකමකින් නම්ජුන් විමසුවා.

His Galaxy Eyes |YM & TK| OnholdWhere stories live. Discover now