9)අතරමන් වීම

325 77 94
                                    

ටේහ්‍යොන්ග් ඔහු සිටි නින්දෙන් අවදි වුවත් ඇස්පිය විවෘත කිරීමට මඳක් මැලි වූයේ පෙරදින මුහුණ දුන් සිදුවීම් වල කටුකත්වය තවම ඔහුගේ ගතට දැනෙන බැවිනි.

අභිරහස් වෘකයා සොයා වනය තුළට වැදුනු පසු තවත් බොහෝ දුර ගමන් කිරීමට තරම් ශක්තියක් තමන්ගේ සිරුරේ නොමැති බව ටේහ්‍යොන්ග්ට වැටහී ගියත් ඔහුට සිදු කළ හැකි වෙන කිසිවක් ඒ මොහොතේ සිහියට නැගුනේ නෑ.යට ඇඳුම පමණක් ඇඳ සිටි ඔහුගේ ගතට සීතල ඕනේවටත් වඩා දැනෙන්නට වූයේ මානසික වශයෙන්ද ඔහු සිටි පීඩනය අභියසයි.

ගස් වලට වාරුදෙමින් , කෙමෙන් වියකී යන්නට වූ කොකෝවා හා කුකීස් වල සුවඳ පසුපස විඩාබර පියවර තබන්නට වූ තමා එක් මොහොතක සිහි නොමැතිව ඇද වැටුනු බව ටේහ්‍යොන්ග්ගේ මතකයේ සනිටුහන් වූවා.

නමුත් දැන් ඇසිපිය විවෘත නොකර වුවද තමා සිටිනුයේ සුවපහසු ඇඳක් මත බව ඔහුගේ ගතට දැනෙන සිනිඳු ඇඳ ඇතිරිලි දනවන්නට වුනා.එමෙන්ම ඒ ඇඳ ඇතිරිලි වලින් ඔහුගේ නාසයට දැනෙන්නට ගත් කොකෝවා සුවඳ නිසා ටේහ්‍යොන්ග්ගෙ ගතට මෙන්ම සිතටද සහනයක් දැනෙන්නට වුනා.

පෙරදින සිදුවූ කිසිවකගේ වේදනාවන් ඔහුට නොදැනුන අතර ඔහුගේ සිතේ වූ එකම දේ වූයේ කොකෝවා සුවඳින් ගෙනෙන්නා වූ සහනයයි.

ඇඳ ඇතිරිල්ලට තවත් ගුලි වී ගැඹුරු හුස්මක් ගෙන කොකෝවා හා කුකීස් වල ආදරණීය සුවඳින් තම පෙනහළු පුරවාගත් ටේහ්‍යොන්ග් කෙමෙන් ඇසිපිය විවෘත කරන්නට වුනා.

ඔහුගේ දෑසට ප්‍රථමයෙන්ම හසු වූයේ අඩක් විවෘත කර තිබූ ඝන තිර රෙදි යෙදූ වීදුරු ජනේල වූ අතර, උදෑසන හිරු එළියේ පැමිණීමට සුදු පැහැ ඝන තිරරෙදි විශාල බාධාවක් වී තිබුණි.ලී සිවිලිමකින් යුත් කාමරයේ ලී වලින්ම තනා තිබු බිත්ති වල වූ විදුලි පහන් මද කහ පැහැ එළියකින් තවමත් දැලිවූයේ, පෙරදින සිට තවමත් කවුරුත් කාමරයට නොපැමිණි බව දන්වන්නට මෙනි.ලී වල දුඹුරු පැහැය මෙන්ම සුදු පැහැ තිරරෙදි වලට ගලපා සකස් කර තිබූ කාමරය සුවපහසු බව පෙනෙන්නට වුනා.

ඇඳ ඇතිරිලි මෑත් කර ඇඳෙන් බැස ගත් ටේහ්‍යොන්ග්, නානකාමරයක් යැයි කිව හැකි කුඩා දොරකින් ඇතුල්ව එහි වූ කරාමයෙන් මුහුණ සෝදාගන්නට වූ අතර තමාට ඉදිරියේ වූ කණ්ණාඩියෙන් තමා දෙස බලාසිටින අසරණ පෙනුමැති ඔමෙගා දෙස බලා ඔහු ඔරවන්නට වුනා.

His Galaxy Eyes |YM & TK| OnholdWhere stories live. Discover now