17)කාල වර්ණය

269 60 131
                                    

______________________________________________

Save me from all of the things I've done,
lately I'm lost..
Save me from all that I've become,
till I become yours..

Save by Faime
________________________________________________

උදෑසන අවදිවීමෙන් පසු නාන කාමරයට පිවිසි ජිමින් වතුර මල යටට වී ගත කළ පැය කිහිපයකට පසු පිටතට පැමිණියේ එහි වූ විශාල තුවායක් තම සිරුර වටා ඔතාගෙනයි.උදෑසන සිහිල් වාතය විවර කළ ජනෙල් තුළින් ඇතුළට විත් තම ගත තවත් සීතල කරන අතරේ ජිමින්ගේ දෑස් පුදුමයෙන් විශාල වුනා.

තමා නාන කාමරයට යාමට ප්‍රථම ජනෙල් විවර නොකළ බව ඔහු දැන සිටි අතර තමා නිදා සිටි ඇඳ පිළිවලට සකසා ඇති ආකාරයෙන්ද ඒ මත තබා තිබූ තරමක විශාල පෙට්ටියෙන්ද කාමරය තුළට කවුරුන්හෝ සේවිකාවක් පැමිණි බව කියා පෑවා.

තුවාය තවත් තදින් අල්ලාගත් ජිමින් එක් අතකින් ඇඳ මත වූ පෙට්ටියේ පියන ගලවා ඉවත් කළේ ඔහුගේ තෙත් හිසකෙස් ඔහුගේ බැල්මට බාධා කරන අතරෙයි.ඉන්පසු ඔහුගේ දෑස් වලට හසු වූයේ එතුළ වූ කළු පැහැ ඇඳුම් කට්ටලයකුයි.

දිගැති තුවාය තම ඉන හරහා ගැටගසාගත් ජිමින් එතුළ වූ  කළු පැහැ සැහැල්ලු කමිසයද, තරමක් ඝනකම් එහෙත් සනීප රෙද්දකින් නිමවා තිබූ කළු පැහැ කලිසමක්ද පිටතට ගත් අතර අවසානයේ එතුළ යට ඇඳුමක්ද ඇති ආකාරය දැක රත් පැහැ වන්නට වුනා.

"මෙච්චර හොඳ ඇඳුම්!මේක කවුද මෙතනින් තිබ්බේ?"තමාට වඩා මඳක් විශාල වූ ඇඳුම් ඇඟිලි වලින් අල්ලාගෙන ඒ මේ අත හරවමින් බලන අතරේ ජිමින් තමාටම මුමුණන්නට වුනා.

"මේඩ් වෙන්නැති.ඒත්...
කාගෙන්ද?"
කාල වර්ණිත ඇඳුම් දුටු විට තමාට මතක් වන එකම පුද්ගලයා සිහියට නගා ගත් ජිමින් ඉක්මණින්ම ඇඳුම් තම නාසයට ළඟට ගෙන ඉව කරන්නට වූ මුත් එහි නැවුම් ඇඳුම් වල සුවඳ විනා ඔහු බලාපොරොත්තු වූ සුවඳ කැටිව තිබුණේ නෑ.

"මන් මොකක්ද ඒ කලේ!"නායකයාගේ සුවඳ අපේක්ශා කළ තමාටම රවාගත් ඔහු කාමරයේ වූ ඇඳුම් මාරු කරන ආවරණය පිටුපසට ගොස් නව ඇඳුම් ඇඟලාගන්නට වුනා.

පළමු වතාවට තම සිරුරට දැනෙන සිනිඳු ඇඳුම් වල පහසින් සැනසීමට පත් ඔහු කාමරයේ කෙළවරක වූ උස් කණ්ණාඩිය ඉදිරියේ හිටගෙන එතුළින් පේන තම රූපය දෙස බලන්නට වුනා.

His Galaxy Eyes |YM & TK| OnholdWhere stories live. Discover now