10)දෙවැන්නා

319 82 81
                                    

තම දෑතෙහි ඝන කබායක් මෙන්ම කලිසමක් ගුලි කරගත් ජන්කුක් සුළු මොහොතකට පසු කාමරයෙන් වේගයෙන් පිටතට විත් කෑම කාමරයට බර අඩිතියන්නට වුනා.

"මේක..." ජන්කුක්ගේ වදන් අතරමඟ නැවතුනා.

හිස් වූ කුස්සියේ මඳක් අනුභවයට ගත් ආහාර මෙන්ම ඔහු පිරවූ දොඩම් වීදුරුව එලෙසම තිබූ අතර , මීට සුළු මොහොතකට පෙර එහි සිටි බියෙන් ගැස්සෙන දෑස් වලින් යුතු වූ ඔමෙගා එහි වූයේ නෑ.

"මේ තරම් ඉක්මණට.." ජන්කුක් තම නිවසේ ඉදිරිපස දොර දෙස බලා මුමුණන්නට වූ අතර ඔහුට කුමක් සිතිය යුතුදැයි ඔහුටම හැඟී ගියේ නෑ.

අතේ තිබූ ඇඳුම් වේගයෙන් බිමට ගැසූ ජන්කුක් තමාටම කෑගසන්නට වුනා.
"ගිය එක හොඳයි. මට මොකද මොනාවුනත්!!"

ඔමෙගා තමන් කෑගැසූ අවස්ථාවේදී පමණක් ආහාරයට ගත් පිඟාන අතට ගත් ජන්කුක් එය කවුන්ටරයේ වූ සින්ක් එක තුළට අතහැර තම පිඟන දෙසට හැරී එය අතට ගන්නට සූදානම් වුනා.

එහෙත් ඔහු මේ සිදු කරන සියල්ලම නිවැරදිද?

අවට පිළිබඳව කිසිවක් නොදැනුන ලෙස පෙනුන , තම දුහුල් ශර්ටය පමණක් හැඳ සිටින ඔමෙගාව නිවසින් පිටතට ඇද දැමීම නිවැරදිද?

කිසිවක් නොදන්නා ඔමෙගාට කෑගැසීම නිවැරදිද?

එහෙත් මේ කිසිවකට වඩා...

තම දෛවය නිවැරදිද?සඳ දෙව් දුවගේ තීරණ නිවැරදිද?

නැත..
කිසිවක් කිසිදින ඔහුට නිවැරදි වූයේ නැත.

කුස්සියේ බිමට ඇද වැටුන ජන්කුක් තම හිස එහි වූ කබඩයකට හේත්තු කරගෙන තම සිතින්ම ප්‍රශ්න නගන්නට වුනා.

මේ අතර පිටත පරිසරය කෙමෙන් කෙමෙන් අඳුරු වන්නට වූ අතර වැහි වලාකුළු පරිසරය වසාගන්නට වුනා.පිටත පරිසරයේ අන්ධකාරයද උරාගත්තාක් මෙන් , ජන්කුක්ගේ සිත පුරුදු ලෙසටම අඳුරු සිතුවිලි අතර සැරිසරන්නට වුනා.

වරක් තමාට දරාගත නොහැකි තරම්වූ සතුටක් ලබාදී , එක්වරම එය අන්තිම බිඳුව දක්වාම උදුරාගෙන තම සුසුම පමණක් ඉතිරි කළ සඳ දෙව් දුව, නැවත වරක් තමාට සිදු කරන්නට තනන්නේ එයමදැයි ජන්කුක් විමසුවා.

His Galaxy Eyes |YM & TK| OnholdHikayelerin yaşadığı yer. Şimdi keşfedin