16)පියවර

353 79 111
                                    

________________________________________

All time baby you one in a million
Like wow we be acting so blind
Like how we been wasting this time

On The Low by Justin Park
________________________________________

ටේහ්‍යොන්ග් උදෑසනම අවදි වන විට නිවස නිහඬතාවයක ගිලී තිබුණ අතර ඒ වෙලාව වන විට හිරු එළිය යන්තමින් පොළොව සිපගන්නට පටන් ගත්තා පමණි.

වෙනදා මඳක් පමා වී ඇහැරෙන විට ජන්කුක් අවදි වී මුළුතැන්ගෙයිහි කෑම පිසින ශබ්දය ඇසුනද  අද සියල්ලම නිහඬ වී තිබීම ටේහ්‍යොන්ග්ව මඳක් බියට පත් කළා.

නාන කාමරයට ගොස් ඉක්මණින් කාමරයෙන් පිටතට ඇවිද ආ ඔමෙගාට කුඩා ආලින්දයේ සෝපාව හිස්ව තිබෙන බවද එහි තිබූ පොරවනය පෙර නවා තිබූ අන්දමින්ම ප්‍රයෝජනයට නොගෙන කොට්ටය මත තිබීම තවත් තිගස්සන සුළු වුනා.

"ජ..ජන්..කුක්.."ඔමෙගා හිමින් මිමිණුවා.
ජන්කුක් නැවතත් තමාව තනිකර පිටවී යාමේ අදහස ඔහුව දැඩි ලෙස බියට පත්කර තිබුණා.

ඇල්ෆාගේ විශාල කමිසයකින්ද කොට කලිසමකින්ද සැරසුණු බියට පත් වූ ඔමෙගා ඉක්මණ් පියවර තබමින් මුළුතැන්ගෙයට ගියද එයද හිස් වුනා. ඉන්පසු පියානෝව තිබෙන කාමරයටද ඇවිද ගිය ඔහු, එයද හිස්ව තිබෙන බව දුටු අතර කෙමෙන් බොඳ වන්නට පටන් ගත් ඔහුගේ දෑස් ඔහුව අඳුරු සිතුවිලි අතර තනි කරන්නට පටන් ගෙන තිබුණා.

ජන්කුක්ගේ සිතෙහි තමා පිළිබඳව කුඩා හෝ ලෙන්ගතුකමක් තිබෙන බව දැනුන විගසම ඔහු මෙලෙස තමාගෙන් ඈත් වීම ඔමෙගාගේ හඬන්නට තනන දෑස් වලට ඇඟිල්ලෙන් ඇනීමක් වුනා.

ඉදිරිපස දොර දෙසට ඇවිද යන අතරේ ප්‍රධාන ආලින්දයේ වූ සෝපාව දෙසින් එන කුඩා ගෙරවිලි ශබ්දයෙන් ඒ දෙස බැලූ ටේහ්‍යොන්ග්ට සෝපාවට වී නිදන්නෙකුගේ ජායාවක් නෙත ගැටුනු අතර එයින් ඔහුගේ දෙපා ඔහුව එතනම නවතා දැමුවා.

සැහැල්ලු සුසුමකින් තම සසල වූ හද ගැස්ම පාලනය කර ගත් ටේහ්‍යොන්ග්ගේ මුවෙහි කුඩා සිනහවක් ඇඳෙන්නට වුනා.

"මන් ඔයාව හොයාගත්තා"ටේහ්‍යොන්ග් මිමිනුවා.

කුඩා සිනහවෙන්ම සෝපාව දෙසට පා තැබූ ඔහුට, සෝපාවේ කුඩා කොට්ටයකට හිසතබාගෙන පොතක්ද තුරුල් කරගෙන සිටින ඇල්ෆාව දකින්නට ලැබුනා.සෝපාව අසල මේසය මත බාගයක් හිස් වූ වයින් බෝතලයක් මෙන්ම මඳක් පිරවී තිබෙන වයින් වීදුරුවක්ද වුනා.

His Galaxy Eyes |YM & TK| OnholdWhere stories live. Discover now