4)පැමිණිලි

378 94 63
                                    

මාස කිහිපයකට පසු

"මේකද වෘකයන්ගේ ජීවිතේ? මෙහෙමද හැමෝම වෘකයන්ට සළකන්නේ?"

ඕර්තුස්හි තමාට මෙන්ම ටේහ්‍යොන්ග්ට ලබාදුන් කූඩා නිවසට දවසෙ වැඩ කොටස අවසන් කර වේගයෙන් කඩාවැදුණු ජිමින් කුඩා නිවස දෙදරන්නට කෑගසන්නට වුනා.

ජිමින්ගේ පිටුපසින් මුහුණේ හා අතපයෙහි සීරිම් සහිතව නිවසට ඇතුල් වූ ටේහ්‍යොන්ට නම් ඕර්තුස් වල මේ මාස කීපයට ජිමින්ගේ මේ හැසිරීම සාමාන්‍ය දසුනක් වුනා.

ටේහ්‍යොන්ග්ගෙ කුළෑටි ගති වලින් ප්‍රයෝජන ගන්නට තැත් කරන අනෙක් සිරකරුවන්ද ඒ අවස්ථාවලදී සුපුරුදු පරිදි ඔවුන් හා ගැටුම් වලට එළඹෙන ජිමින්ද බොහෝවිට ඕර්තුස්හි සුලබ දසුනක් වුනා.

"ජිමින්..." තම තුවාල වල රිදවීම් වලට වඩා තමන් නිසා ගැටලු වලට මැදිවෙන , තමාගෙම සහෝදරයා මෙන් තමාව රැකබලා ගන්නා තරුණයා ගැන ටේහ්‍යොන්ග්ගෙ සිතෙහි හටගෙන තිබුනේ වේදනාවක්.

"කටවහගන්නවා ටේ.තවත් මුකුත් කියන්න එපා..!!"

ජිමින් දැන් බොහෝ විට තම හඬ අවදි කළද ඒවා නිතරම දරුණු මෙන්ම සිත රිදවන ආකාරයේ වූයේ සෑමවිටම ඔවුන්ට මුහුණ දීමට සිදුවු ගැටලුන් නිසාමයි.

ටේහ්‍යොන්ග් ඉතා පියකරු මෙන්ම යම්තාක් දුර්වල ඔමෙගාවෙක් වීමද , ජිමින් වෘක ගති ලක්ෂණ පෙන්නුවද අනෙක් වෘකයන්ට කිසිදු ආකාරයේ සුවඳක් නොදැනීමද ,ඔහුගේ වෘක ස්භාවයට පත් වීමට පෙන්වන අකමැත්තද මේ ගැටලු වලට මූලිකම හේතු වුනා.

එහෙත් ජිමින්ට ඇති අඩු ඉවසීමත්,
අන් අයට නොනැමෙන ගතියත් මෙන්ම,
සමහර සිරකරුවන්ගෙ නොහොඹිනා උසුළු විසුළුද මේ ගැටුම් වල නොපෙනෙන සත්‍ය වී තිබුනා.

ඒත් මේ මොහොතේ සත්‍ය විමසා බැලීමට නොහැකි තරමට, සිරකරුවන්ගේ අත්පය වැදීමෙන් හා ආරක්ෂකයන්ගෙ තුවක්කු මිටවල් වැදීම හේතුවෙන් දෙදෙනාම මේවන විටත් අතිශයෙන්ම වෙහෙසට පත්ව සිටියා.

හිස පහත් කරගත් ටේහ්‍යොන්ග් සෙමෙන් කුඩා නිවසෙහි වූ නානකාමරයට බඩගාන්නට වූයේ දුහුවිලි හා දාඩිය නිසා අපිරිසිදු වූ තම ගත පිරිසිදු කරගැනීමටයි.
මේ අතරෙ ජිමින් , සිර කඳවුරේ බොහෝ කටයුතු සඳහා යොදාගත් ඔවුන්ගේ නිවස පිටුපසින්ද ගලාගිය පිරිසිදු දොළ පහර වෙත ගමන් කලේ ඔහුටද ඉක්මණින් පිරිසිදු වීමට අවැසි වූ නිසයි.

His Galaxy Eyes |YM & TK| OnholdWhere stories live. Discover now