13)ශ්වේත වෘකයා

321 73 60
                                    

_________________________________

I don't know your secrets
But I'll pick up the pieces
Pull you close to me now

|Waste It On Me by BTS|
___________________________________

තිර රෙදි අතරින් මෑත් වූ වෘකයා දෙස යුන්ගි දිගටම බලාසිටින්නට වුනා.

එදා රාත්‍රියේ කැලෑවේදි ප්‍රථම වතාවට දුටුවාක් මෙන්ම ජිමින්ගේ වෘකයා ඉතාමත් සුවිශේෂ වුනා.

සිරුරෙන් යුන්ගිගෙ වෘක සිරුර නොඉක්මූමුත් ඔහුගේ සිරුර ඔමෙගාවෙක් තරම් කුඩා වුවේ නෑ.එමෙන්ම සන්ධ්‍යා අඳුර පරදමින්, තමා ඉදිරියේ සිටින්නාගේ ශ්වේත පැහැ සිරුරේ ලෝම අතරින් පතර රිදී පැහැයෙන් දිදුලන බවට යුන්ගිගේ තියුණු දෑස් වල සටහන් වුනා.

ජිමින් තම ගෙල එක් පසෙකට ඇල කරමින් යුන්ගිගේ විමසිලිමත් දෑස් ගැන ප්‍රශ්න කරන්නට තැනුවද වහාම පිටුපසට හැරුන කාල වර්ණ ඇල්ෆා වනය තුළට දිවයන්නට වුවා.

ජිමින්ව තවමත් රැලේ සාමාජිකයෙකු ලෙස පිළිගෙන නොමැති නිසා ඔවුන්ට සිතුවිලි මඟින් සම්බන්ධ විය නොහැකි නිසාවෙන් යුන්ගිගේ පියවර පසුපස ගමන් ගන්නවා ඇරෙන්නට ජිමින්ට වෙන විකල්පයක් නොවූ නිසාවෙන් ඔහුද වනය තුළට වේගයෙන් ඇතුලුවුවා.

තරමක් දිගු ගමනකින් පසු ඔවුන් කැලෑවෙහි වඩාත් අඳුරු පැතිකඩකට පැමිණ තිබූ අතර යුන්ගිගේ පියවර වේගය කෙමෙන් අඩු වූ වහාම ජිමින්ද එය අනුගමනය කරන්නට වුනා.

රුක්ගොමුවක් අසලට ආ ඇල්ෆා නැවතී ජිමින් තමන්ගේ අසලට එනතුරු බලාසිටින්නට වුනා.

හෙමින් තමා අසලට ආ වෘකයා දෙස තත්පර කීපයක් බලාසිටි යුන්ගි රුක්ගොමුව තුළට වැදුනා.

තමා පසුපසින් රුක්ගොමුව තුළට වැදුන ශ්වේත පැහැ වෘකයාගේ විමසිලිමත් දෑස් අවට ඇති මළ සිරුරු දෙසටත් ඉන්පසුව ගස අසළ වැටි තිබූ කඹයන් මෙන්ම කුනු වැකීගිය ඇඳුම් කැබලි දෙසටත් යොමුවන යුරු පැත්තකට වී සිටගෙන සිටි ඇල්ෆාගේ නෙත ගැටුනා.

එමෙන්ම ඇඳුම් ඉව කර බලා යම් කෙඳිරියක් නැගූ වෘකයා තමා දෙසට එල්ල කරන බැල්මේ යම් වේදනාවක් ලියවී ඇති බව යුන්ගිට තේරුම් ගියමුත් ඒ වෙනුවෙන් තමා කුමක් කළ යුතුදැයි ඔහුට වැටහීමක් තිබුණේ නෑ.

His Galaxy Eyes |YM & TK| OnholdWhere stories live. Discover now