8)ඉවසීම

298 80 28
                                    

"ජිමින්.. ඔයා ඇතුළට යන්න දැන්."  නම්ජුන් තමාව නවතා ඇතුලු වූ කාමරයෙන් පිටතටවිත් පවසන ආකාරය එහි ඉදිරිපසට වී වටපිට බලමින් සිටි ජිමින්ට ඇසුනා.

තමාට හිස වනා දොරගුල අල්ලාගත් ජිමින්ගේ මුහුණේ ඇඳෙන නොසන්සුන් හැඟීම් තම දෑසට හසු කරගත් නම්ජුන් මද සිනහවක් මුහුණට නඟාගත්තා.

"බයවෙන්නෙපා ජිමින්.."

"මන් ඉන්නෙ බයවෙලා නෙවෙයි හ්‍යොන්ග්.."ජිමින්ද කාරුණික බැල්මකින් නම්ජුන්ට සංග්‍රහ කර කාමරය තුළට පිවිසියා.

ඔහු පැවසූ ලෙසට ඔහුට දැනෙන්නට වුනේ බයකට වඩා, නොසන්සුන්බවකුයි.

ඔහු ආගන්තුකයා පිළිබඳව සිතීමෙන්ම පවා නොසන්සුන් වුනා.

කාමරය තුළට ඇතුලු වූ වහාම කෝපි සුවඳ තමාගේ නාසය හරහා ගොස් තම පෙනහලු පුරවන්නාවූ ආකාරය ජිමින්ට දැනුනා.තමාව මත් කරවන කෝපි සුවඳ නිසා තම මුවට මෙතරම් කෙළ උනනුයේ ඇයිදැයි ඔහුට ගැටලුවක් වුනා.

ඔහුට පානය කිරීමට අවශ්‍ය වුනා..

කෝපි?

නැහැ..
ඔහු ඉදිරියේ සිටින්නාව..

පොත් රාක්ක පිරී ගිය කාමරයේ මධ්‍යයේ තිබූ මේසයේ අසුන්ගෙන තමා දෙස බලා සිටින්නාගේ බැල්මේ ලියවී ඇති දේ තමන්ට නොදැනෙන මුත්, ඔහුගේ ඒ බැල්මෙන් පවා තම සිතුවිලි විසිරී යන බව ජිමින්ට දැනුනා.තමාගේ ඒකාකාරී වු සිතුවිලි කෙදිනක සිට මෙලෙස විසිරෙන්නේදැයි ජිමින්ට පුදුමයක් වුනා.

"ජිමින්..එහෙම නේද?"
නායක ඇල්ෆාගේ ගැඹුරු එහෙත් සුපරීක්ෂාකරී කටහඬ නැවතත් ජිමින්ව අඩපණ කළා.

ඔහුගේ සෞඛ්‍ය...
එය යහපත් බව නම්ජුන් පැවසුවා නොවේද? එය එසේනම් තම දෙපා මෙලෙස තමාව රඳවා ගැනීමට උත්සහ නොදරන්නේ මන්ද?

"මන් ප්‍රශ්නයක් ඇහුවම,ඒකට ඒ වෙලාවෙම උත්තරයක් බලාපොරොත්තු වෙනවා ජිමින්." නායකයාගෙ කටහඬ මෙවර යම්තරමක් අවධාරණාත්මක වුනා.

ජිමින් කෙටි නිහඬතාවයක් ගැලී ඉඳිමින් තම සිත හා වාද කරන්නට වුනා.
එහෙත් සියල්ල අවසානයේ ඔහුගේ සිතට ආ එකම දේ වූයේ තම සහෝදරයායි..

His Galaxy Eyes |YM & TK| OnholdWhere stories live. Discover now