14)ප්‍රාර්තනාව

336 75 69
                                    

______________________________________

'Сause you are loved
You are loved more than you know
I here by pledge all of my days
To prove it so

Light by Sleeping At Last
______________________________________

ටේහ්‍යොන්ගේ පසුගිය දවස් කිහිපයම ගතවුනේ ඉතාමත් නිහඬවයි.

තමාගේ සොහොයුරා සොයා ගැනීමට තමාට පිටතට යායුතු බව පැවසූ මොහොතේ, සිරකඳවුරේ සිටින්නෙක් දැන්ම පිටතට යාම අවදානම් බව පැවසූ ඇල්ෆා නගරයට ගොස් විපරම් කිරීමට එකඟ වූ බව කවුළුවෙන් පිටතට බලාසිටි ටේහ්‍යොන්ග් සිහිකරන්නට වුනා.

එහෙත් සොහොයුරාගේ පෙනුම හෝ නොදැන එය ප්‍රතිඵලදායකදැයි විමසීමට සිතුනත්, ජන්කුක් කෙරෙහි පවතින බියමුසු ආකල්පයන් ටේහ්‍යොන්ගේ සිත ප්‍රශ්න කිරීම් වලින් වළකාලන්නට වුනා.

තමාව හැකි සෑම මොහොතකම මඟහරින්නට කටයුතු කරන තමාගේ සහකරු නිසා ඔහුගේ දවස් ගතවන්නට වුනේ වඩාත් හෙමින් සහ වේදනාවෙන්.

තත්පර ගානකට තමා දෙස යොමුවන ජන්කුක්ගේ කාල වර්ණ දෙනෙත් වල පිරී තිබෙන වේදනාවන් මෙන්ම සැකයන්ගේ අන්ධකාර වූ සිතුවිලි, ටේහ්‍යොන්ග්ට දැනුන මුත් ඔහුගෙන් ඒ පිළිබඳව විමසීමට ටේහ්‍යොන්ග් බියවුනා.
ඇල්ෆාගේ වැඩුණු සිරුර, රළු බැල්ම , හැඟීම් විරහිත හැසිරීම හා තෙතමනයක් නොදත් කෙටි වදන් ඔහුට බිය වීමට රුකුල් දුන්නා.

තමාව වර්ෂාවෙන් බේරාගෙන නිවසට ගෙනා දිනට පසුදින ඔහු පළඳින්නට අණ කළ මාලය නිසා තමාගේ සුවඳ පාලනය කරන බව ඔහු දැනසිටියත් ඇල්ෆාගේ අණට පිටුපෑමට ඔහු බියක් දැක්වූයේ ඒ නිසයි.

පෙරදින උදෑසනම නිවසින් පිටවූ ඇල්ෆා නිවසට පැමිණිනුනේ අද උදෑසන වුන අතර ඒ පැය කිහිපය කුමක් කළ යුතුදැයි සිතාගත නොහැකිව තමා වේදනා විඳි ආකාරය නිවසේ බිත්ති හැරෙන්නට කිසිවෙකුත් දැන නොගන්නා බව ටේහ්‍යොන්ග් තේරුම් ගත්තේ ඔහු නිවසට පැමිණි වෙලාවේ තම රත් පැහැ ගිලී ගිය දෙනෙත් දෙස බලා අහක බලාගත් ජන්කුක්ගේ දසුන නැවත සිහි කරමිනුයි.

ඇල්ෆාද තමා මෙන්ම පැළඳගෙන සිටින මාලය නිසා ඔහුගෙන් නිකුත් වන කොකෝවා හා කුකීස් වල සුවඳින් තම රිදුම් දෙන සිත සන්සුන් කරගැනීමට හෝ හැකියාවක් නොතිබීම ඔහුව තවත් රිදවන්නට වුනා.

His Galaxy Eyes |YM & TK| OnholdWhere stories live. Discover now