3)ඕර්තුස්

409 93 44
                                    

වෘකයන් මෙන්ම මනුශ්‍යයන් එක්ව දිවි ගෙවූ මේ භූමියට තවමත් තාක්ෂණය නවමුය..

බොහෝ ධනවතුන් මෝටර් රථ ලෙස හඳුන්වන යන්ත්‍ර භාවිතයට ප්‍රිය කලද සාමාන්‍ය වැසියන්ට පොදු ප්‍රවාහන සේවා භාවිතය පමණක් සීමා වූයේ තවමත් සියල්ලම මුල් අවධියේ වූ නිසයි.

සිරකුටියෙ සිටි සිරකරුවන් දෙදෙනාද තරමක් විශාල වූ ආරක්ෂිත මෝටර් රථයකට නංවා පෙර දින පැමිණි ආරක්ෂකයා හා තවත් අයෙකු සමඟ ඔවුන් නොදන්නා ප්‍රදේශයකට ගෙන යමින් තිබුනා.

පසුපස කොටස අඳුරු කර තිබූ නිසා වටපිට කිසිවක් නොදුටු ටේහ්‍යොන්ග් තරමක් විමතියෙන් මෙන්ම බියකින් සිටියද අනෙකා සුපුරුදු හැඟීම් විරහිත ස්භාවයෙන්ම යුතු වුනා.

"ජිමින්..ඔයාට බය නැද්ද?"ආසනයේ ගුලී වූ තරුණයා දෑස් පියාගෙන සාවධානව සිටින්නාගෙන් සියවෙනි වරද කොඳුරා විමසන්නට වුනා.

"මට බය හිතෙනවා.."මෙවර ටේහ්‍යොන්ග්ගෙ කෙඳිරීම අවසානයේ දෑස් රත් පැහැ ගැන්වී තිබුනා.

ආසනයේ අනෙක් කෙළවර දෑස් පියාගෙන සිටින්නා අසලට සෙමෙන් ළඟා වූ ටේහ්‍යොන්ග් ඔහුගේ බාහුවක් වටා සිය දෑත පටලා ඔහුගේ උරහිසින් තම හිස තබා ගත්තේ ඒ නිසාමයි.

ඔහු ජිමින් නමින් හැඳින්වූ , ආගන්තුකයෙක් වූ මුත් ආගන්තුකයෙක් ලෙස නොදැනෙන්නා එක්වර ගැස්සී ගියමුත්,තමාව තල්ලු කර නොදැමීම ටේහ්‍යොන්ග්ට මේ මොහොතේ සැනසීමට කරුණක් වුනා.

මඳ වෙලාවකින් ඔහු බාහුවේ පටලාගත් අත ජිමින් ඔහුගේ අතින් අල්ලාගෙන තමාගේ දෑඟිලි , ඔහුගේ දෑඟිලි වල පටලාගන්නා බව ජිමින්ගෙ උරහිසේ හිස හොවාගෙන සිටි ටේහ්‍යොන්ග්ගේ ලානිල්වන් දෑසට හසුවුනා.වෙන වෙලාවකනම් පුදුමයෙන් කෑගසන නමුදු මේ අවස්ථාවේදී බය විසින් ටේහ්‍යොන්ග්ව නිහඬ කර තිබූ අතර වැඩිමහල් තරුණයාගේ කාරුණිකත්වය ඔහුට මේ මොහොතෙ දැඩිව අවශ්‍ය වුනා.

"බය වෙන්න එපා.
මොනාවුනත් අපි දෙන්නට අපි දෙන්නා ඉන්නවා."
ජිමින්ගෙ තරමක් තදබල වුවද කාරුණික වන්නට තැත් කල කටහඬ ගලා ආවා.

_____________________________________

රථය මොහොතකින් විශාල යකඩ ගේට්ටුවක් අසල නතර වූ අතර එළියට එන්නට අණ කළ සිරකරුවන් දෙදෙනාට එහි අහස දෙසට අඩි කිහිපයක් විහිදුන දැවැන්ත තාප්පයද ,අවට සිටින තුවක්කුවලින් සන්නද්ධ ආරක්ෂකයන්ද දැක ගත හැකි වුනා.

"Ortus"

ගේට්ටුව අසල වූ බිත්තියේ රන්පැහැ අක්ෂර වලින් සවි කර ඇති පුවරුව දෙසට සිරකරුවන් දෙදෙනාගෙ දෑස් යොමුවුනා.

"ඕර්තුස්?! ඒ කියන්නෙ මොකක්ද?"
ටේහ්‍යොන්ග් පෙරදා තමා හමුවට ආ ආරක්ෂකයාගෙන් විමසුවා.

"ඒක ලතින් වචනයක්..තේරුම නැගීසිටීම හෝ උපත කියන එක..
ඔයාලට වාසනාව තිබ්බොත් ඔයාලා මෙහෙදි ආයෙම උපදියි.."

හෝසොක්ගෙ වදන් නිසා ටේහ්‍යොන්ග් ජිමින්ගේ දෑතෙහි වෙලී තිබූ තම ග්‍රහණය දැඩි කළා.

"මේ ඇත්තටම කොහෙද?"ජිමින් හෝසොක් ඉදිරියේ ප්‍රථම වතාවට සිය හඬ අවදි කළා.

"ආහ්??!! ඔයාට කතා කරන්න පුළුවන් එහෙනම්.." හෝසොක් උපහාසයකින් යුතුව පැවසු අතර ඔහුගේ දුඹුරු දෙනෙත් ජිමින් දෙසට යොමුවුනා.

"මේක හිරකාරයොන්ගෙ ගම..අද ඉඳන් ඔයාලා අයිති මෙතනට..ඕර්තුස් වලට.."

________________________________________________________

His Galaxy Eyes |YM & TK| OnholdWhere stories live. Discover now