තම මුහුණට ඍජුවම එල්ල වී තිබූ සුදුපැහැ ආලෝක බල්බය නිසා ජිමින්ට වටපිටාව පැහැදිලිව දැක ගැනීමට සුළු වෙලාවක් ගතවුනා.
"ටේ??!!ටේ??!!කො..කොහෙද ටේ??"කෙලින් වන්නට තැත් කල ජිමින් කෑගසන්නට වුනා.
ඒත් ඔහුගෙ හිස අධික ලෙස වේදනා දෙන්නට වූ අතර වම් උරහිසේ සිට නැගුණ වේදනාව නිසා ඔහුට සිය හස්තය තිබුණාද කියා හෝ දැනුනේ නෑ.මුළු සිරුරම තලා දමා ඇතිවාක් වැනි නිසා ඔහුට ප්‍රථම වරට යම් අසරණ වූ හැඟීමක් දැනුනා.
"සන්සුන් වෙන්න..ඔයාට ඇන්න කිණිස්සෙ විස තිබුණා.දැන් අපි ඔයාට ප්‍රතිකාර කරන්න අරන් යන ගමන්.."ඔහුට එහා පසින් යම් කටහඬක් ඇසුන අතර කවුරුන් හෝ යුවතියක් එහි අවසානයේ ඔහුගෙ මුහුණට එබුනා.
හෙදියද සිටියෙ යම් වික්ශිප්ත වූ හැඟීමකයි.විස කැවූ කිණිස්ස නිසා ඔහු සිටිය යුත්තේ අඩපණව මිසක් මෙලෙස දඟලමින් නොවේ.
"ටේ...එ..එ..යා..කෝ??!"නැවතත් ජිමින් අමාරුවෙන් විමසන්නට වුනේ සිය මුඛයට ලේ පිරෙන වග දැනෙන්නට වූ නිසයි.
"කලබල කරන්නෙපා!!ඔයාටමයි අමාරු වෙන්නේ!!
අපි ඉක්මණට යමු!!මේ ලෙඩාට අමාරු වේගන එන්නෙ!!" ඒ යුවතිය කවුලුවකින් රියදුරුට කෑගසන අයුරු ජිමින්ගේ දෙසවනට වැටුණද ඔහුගේ සිත තුල සැරිසැරූවේ ටේහ්‍යොන්ග්ව සොයාගැනීම පමණයි.තමාව ඇඳට තල්ලු කිරීමට තනන යුවතියව පසෙකට කළ ජිමින්, ගමන් කරන රථයෙ පිටුපස වූ දොරට තම පාදයෙන් වැරෙන් පහරදුන් අතර දෙවරක් නොසිතා ඔහු විවර වූ දොරෙන් පිටතට පැනගත්තා.
පිටතට විසිවූ ඔහුව රෝල් වී ගොස් නැවතුන විට හිස බමන්නට වුණත් අමාරුවෙන් නැගිටගත් ඔහු කටේ වූ ලේ ගුලිය පිටතට කෙළ ගසා විසි කර උරහිසද අල්ලාගෙන අසල වූ වනයට ඇතුල් වූවේ නතර වූ රථයේ සිටි අයවලුන්ගෙන් බේරීමටයි.
ටේහ්‍යොන්ග්ට කුමක් හෝ කරදරයක් වී ඇතැයි සිතීමෙන් පවා සිය දෑසට කඳුළු උනන බව ඔහුට වැටහුනා.පිටුපසින් කටහඬවල් ලන් ලන්ව ඇසෙන්නට වූ නිසා ජිමින් තම උපරිම ශක්තිය භාවිතා කර තම වෘක ස්වරූපයට පැමිණ වනය තුලට දුවන්නට වුනා.
තම වෘක ස්වරූපයේ කුමක් හෝ විශේෂයක් තිබෙන බව ජිමින් දැන සිටියේ ටේහ්‍යොන්ග් නිසායි.
පළවෙනි වතාවට ටේහ්‍යොන්ග්ගේ බලකිරීමකට ඔහු ඉදිරියේ වෘකයෙකු වූ පසු ටේහ්‍යොන්ග්ගෙ දෑස් වල ලියවූ පුදුමයත් , අන් අය ඉදිරියේ වෘකයෙකු නොවන ලෙස නැවත නැවතත් කියමින් තමාට අනතුරු ඇඟවූ හැටිත් ජිමින්ට ඒ මොහොතෙ සිහිවුනත් මේ මොහොතෙ ගැලවීමට හැකි එකම මාර්ගය වුනේ තමා තුළ සිටි වෘකයා අවදි කිරීම බව ජිමින්ට වැටහුනා.
ඔහු කැලය තුලින් රථය පැමිණෙමින් තිබූ පසටම ගමන් කරන්නට වූයේ නැවත කඳවුර සොයාගැනීමේ අරමුණෙනුයි.
ඔහුගෙ මනස මේ මොහොතේ ඉතා ඝෝෂාකාරී වූ අතර , සිරුරෙන් දැනෙන වේදනාව නිසා තව කොපමණ වෙලාවක් වෘක ස්වරූපයෙන් සිටිය හැකිදැයි ඔහු දැන සිටියෙ නෑ.ඒත් ඔහුට අවැසි වූයේ එකම එක පුද්ගලයෙක්ගෙ දසුනක් දැකීමට පමණයි.ඒ තම සහෝදරයාගෙ දසුනම පමණයි.
කෙටි කාලයක් තුළ තමාට පවුලේ අයෙකු කියාගන්නා අයෙකුට, පවුලක් යනු කුමක්දැයි හරිහැටි නොදන්නා තමා මේතරම් ලෙන්ගතු වීම ජිමින්ට පුදුමයක් වුනා.
එහෙත් එකවරම නාසය හරහා ගිය යම් ආගන්තුක සුවඳක් නිසා ජිමින් කලබල වී ගමනේ වේගය අඩාල කරන්නට වුනා.එමෙන්ම තමාගේ සිරුරේ වූ අඩපණ ගතිය නිසා සතුරෙකු සමඟ හරිහැටි සටන් කිරීමට හෝ ඔහුට හැකියාවක් තිබුණේ නෑ.
එවර තමන්ට ඉදිරියේ වූ පඳුරු අතරින් ගොරවමින් ඉදිරියට එන අඳුරු වෘකයෙකුගේ රතු පැහැයට හුරුවූ තද තැඹිළි දෑසක් ජිමින්ට දකින්නට ලැබුනා.ඔහුද සෙමෙන් පාද වලින් පිටුපසට යමින් ගෙරවීමට තැත් කලද සිරුරෙන් නැගුණ වේදනාව එන්න එන්නම දැඩිවන්නට වුනා.
තමා ඉදිරියේ වූ තැඹිලි දෑස් කෙමෙන් බොඳ වී යද්දී , ජිමින් නැවතත් ඇදවැටුනු අතර සුළු මොහොතකට පසු ගැඹුරු උඩුබිරුමක නොපැහැදිලි වූ හඬ ඔහුට ඇසුනා.
________________________________________________________
![](https://img.wattpad.com/cover/270658170-288-k506347.jpg)
YOU ARE READING
His Galaxy Eyes |YM & TK| Onhold
Fanfiction"කියන දේ අහන්න ඉගෙන ගන්නවා." "ඔයාගෙ ඇල්ෆා වොයිස් එක මට වැඩ කරන්නෑ.ඒ නිසා ඔයා මට මගෙ පාඩුවෙ ඉන්න දෙනවද පොඩ්ඩක්?!" "ඔය පැත්තට යන එක භයානකයි. කිවුවම අහනවා ජිමින්!" "මින් යුන්ගි!!ඔයා ලීඩර් වුනාට මට කමක් නෑ. ඔයා මගෙ කවුරුත් නෙවේ!!ඒ නිසා මට අණ දෙන්න එන...