12)ආරංචිය

290 74 68
                                    

දින දෙක තුනකට පසු මුළුතැන්ගෙය පසුපස උද්‍යානයේ කෙළවරක ගස් සෙවනෙහි තනා තිබූ බංකුවක ජිමින් ඇල වී හිටියේ විඩාවෙන්.

ගතින් එතරම් දුර්වල නොවුනද ඔහු සිතින් ස්ථාවරයැයි කිව හැකි මට්ටමක නොසිටි තරම්.

නම්ජුන් අද උදෑසන පැමිණ ටේහ්‍යොන්ග් පිළිබඳ තවම හෝඩුවාවක් නොමැති බව පැවසූ වෙලාවේ පටන්ම ජිමින්ගේ වෙහෙසකර ගතිය වැඩිවෙන්නට පටන්ගෙන තිබුණා.

සිත එකඟ කර ගත නොහැකිව අතපසු කළ කාර්යයන් නිසා, වෙනදාට වඩා අත් උදවු වැඩ වලදී බැනුම් අසන්නට සිදු වුනත් සුපුරුදු ලෙස සියල්ලන් හා රණ්ඩුවට යාමටවත් ඔහුට සිහියක් තිබුනේ නෑ.

ඔහු නැවත බරැති සුසුමක් සැලුවා.

තවත් මෙය ඉවසිය නොහැකි බව ජිමින්ට එන්න එන්නම තේරුම් ගියා.

සන්ධ්‍යාවේ රාජකාරි අවසාන නිසා සියල්ලන්ම තම තමන්ගේ කාමර වලට යන බව දන්නා නිසාවෙන්ද තමාව වැරදිලා හෝ කිසිවෙක් නොසොයන බැව් දන්නා නිසාවෙන්ද , ඔහු කෙමෙන් කෙමෙන් මන්දිරයේ පසුපස තාප්පයේ කුඩා දොරටුව දෙසට පියමැන්නා.

දහවල් විවේකයද තනිවම ගත කරන ජිමින්, මන්දිරයේ පසුපස කොටසට දැඩි අවධානයක් යොමු කිරීමට ඒ කාලය යොදාගත් අතර එවිට මේ අතහැර දමා තිබූ කුඩා දොරටුව ඔහුගේ අවධානයට ලක්වුනා.

තම වෘක ස්වරූපයට පැමිණ එහි අගුල කඩා දැමීමට තීරණය කළ ඔහු අවට පරීක්ෂා කරන්නට වුනා.කිසිවෙක් නොවූ නිසාවෙන් නැවතත් දොරටුව දෙසට හැරුනු ජිමින් තම කමිසය ගලවා ඉවත් කළා.

"ඔය දොර ඔයාට පාවිච්චි කරන්න පුළුවන් කියලා කවුද කිවුවේ?"
ඒ ගැඹුරු කටහඬින් ගැස්සී ගිය ජිමින් පිටුපස නොබැලීමට තීරණය කළා.

තම නාසය හරහා ගිය කෝපි සුවඳින් ඒ කවුද යනවග දැනගැනීමට ඔහුට පසුපස බැලිය යුතු වුනේ නෑ.මේ දින කිහිපයේම මේ කෝපි සුවඳ වරින් වර ඔහුට දැනෙන්නට වුනත් තමා සිටින්නේ මුළුතැන්ගෙයිහි බව මතක් කරගත් ඔහු ඒ බව ගණන් ගන්නට වුනේ නෑ.

බංකුවේ විවේක ගන්නා අවස්ථාවලදී වියැකී ගිය කෝපි සුවඳ දැනුන විට, ඒ තමාගේ සිතුවිල්ලක් යැයි එය ඉවතලූ ඔහු අදද ඒ දේම සිදුකළා.

His Galaxy Eyes |YM & TK| OnholdWhere stories live. Discover now