18)චිත්‍ර

469 66 146
                                    

________________________________________

You're always on my mind
When I called a thousand times
And I have to let you go
But I love you more and more than you could know

6.18.18 by Billie Eilish
_________________________________________

"මන් දිහා බලන් ඉන්න පස්සේ පුළුවන්, මුලින්ම කාලා ඉන්න.."ගුවන් විදුලි විකාශනයට සවන් දෙන අතරතුර තමාට ඉදිරියෙන් හිඳගෙන ආහාර ගන්නා ඇල්ෆා පවසන අයුරු ඇසීමෙන් ටේහ්‍යොන්ග් චෙරි පැහැයට හැරුනා.

තමා දෙස නොබලන ඇල්ෆා,තමාගේ දෑස් ඔහු ළඟ බව හඳුනා නොගන්නා බව සිතුවත් ඔහුගේ ඉව සිතුවාටත් වඩා තියුණු බව ටේහ්‍යොන්ග්ට වැටහුණා. මින්පසුවට සිදු කරනා සියල්ලම වඩාත් ප්‍රවේශමෙන්, තමාව ලැජ්ජා නොවෙන පරිදි කළ යුතු බවට තම සිතට දැඩි ලෙස බැනවදිමින් කියා සිටි ටේහ්‍යොන්ග්,ඇල්ෆා පිළියෙළ කළ ප්‍රණීත උදෑසන ආහාරය භුක්‍ති වින්දේ සිතට යම් සැනසීමක් දැනෙන අතරෙයි.

ජන්කුක්ගෙන් ලැබුණාවූ ආදරණීය හාදුව, ඔහුගේ යන්‍තමින් පෙනුන සිනහව, ඔහුගේ දිලිසුනාවූ කාල වර්ණිත දෑස් නිසාම තම බඩගින්න පවා ටේහ්‍යොන්ග්ට නොදැනුන තරම් වුනා. එහෙත් ඔහුගේ දෑතින්ම තැනූ කෑම ඉවත දැමීමට තරම් ටේහ්‍යොන්ග් අනුවණ වුවේ නෑ.

ඒ නිසාම තමාගේ පිඟානෙහි වූ විප් ක්‍රීම්, ස්ටෝබෙරි සිරප් මෙන්ම ස්ටෝබෙරි කැබලි පිරවූ වොෆල් කැබැල්ලක් ගෙන  එය මුව තුළ රුවාගත් ටේහ්‍යොන්ග් එහි රසයට වහ වැටුනා.
"ම්ම්ම්ම්.."දෑස් පියාගෙන එය රසවිඳින අතරතුරේ ටේහ්‍යොන්ගේ මුවින් කෙඳිරි‍යක් පිටවුනා.

එතනින් පසු තම මුව තුළට ගන්නා හැම කටකටම වතාවක් මුවින් විවිධ කෙඳිරුම් නිකුත් වුවත් ඒ සෑම වතාවකම තමා විසින් ඉදිරි අසුනේ හිඳගෙන ඔහුවම ඉතා අසීරුවෙන් පාලනය කරගෙන සිටින ඇල්ෆාගේ ඉවසීම තවත් පරීක්ෂා කරන බව ටේහ්‍යොන්ග්ට අවබෝධයක් තිබුණෙ නෑ.

"එච්චරටම රසද?"කටත් උල් කරමින් ආහාරය රස විඳින තම ඔමෙගා දෙස මිනිත්තු කිහිපයක සිට බලාසිටි ජන්කුක් සන්සුන්ව විමසුවේ ඔහුටත් නොදැනිම මුවඟට සිහින් සිනහවක් නැගෙන අතරතුරයි.

ඒ ප්‍රශ්නය හමුවේ මුවේ ආහාර පුරවාගෙනම තමා දෙස බැලූ දිලිසෙන නිල් දෑසත් වේගයෙන් සොලවන හිසත් වදනින් තොරව ඇල්ෆාට පිළිතුරු දුන්නා.
"ම..ම්..කෑව හොඳම කෑ..ම"

You've reached the end of published parts.

⏰ Last updated: Jun 02, 2022 ⏰

Add this story to your Library to get notified about new parts!

His Galaxy Eyes |YM & TK| OnholdWhere stories live. Discover now