7)කාරුණිකත්වය

410 90 80
                                    

මෙවර තමාගේ දෑස් වඩාත් සෙමෙන් විවර කල ජිමින්ගෙ දෙසවනට කිසිදු කලබලකාරි ශබ්දයක් ඇසෙන්නටවුනේ නෑ. සිය වම් හස්තය සෙලවිය නොහැකි මුත්, සෙලවිය හැකි දකුණතින් ඔහුට සුවපහසු රෙදිවල පහස විඳිය හැකි වුනා.

කොහෙන්දෝ විවර වූ ජනේලයකින් කාමරය තුලට පෙරී ආ සන්ධ්‍යා ආලෝකය මැද ඔහු සිය දෑස් සම්පූර්ණයෙන්ම විවර කර වටපිට බලන්නට වුනා.

අලු පැහැයට හුරු කාමරය තුළ යම් පරතරයක් තබා සකසා තිබූ ගිලන් ඇඳවල් කිහිපයක් දැකිය හැකි මුත් ඒවා මින්පෙර දැක තිබූ ගිලන් ඇඳවල් වලට වඩා සුවපහසු වූ බව ජිමින්ට වැටහුනා. කිසිවකු නොවූ විශාල කාමරය රෝහලක කොටසක් ලෙස සිතීමට අවශ්‍ය වුවත් තමා පමණක් සිටිය හැකි රෝහල කුමක්දැයි ඔහුට තෝරාබේරා ගැනීමට නොහැකිවුනා.

තනි අතකට වාරු දී අපහසුවෙන් ඇඳෙන් හිඳගත් ජිමින් තම හිස අල්ලාගෙන පෙර දින වූ සිදුවීම් එකිනෙක සිහි කරන්නට වුනා.නන්නාඳුනන මිනිසුන්,තම උරසට එල්ල වූ කිණිස පහර, ටේහ්‍යොන්ග්ගේ විලාප, රථයෙන් ඉවතට පැනීම මෙන්ම වෘකයකු ලෙස කැලෑවේ දිව යාම ඔහුගේ මතකයට එන විට හිස තවත් දැඩිව වේදනා දෙන බව ඔහුට වැටහෙන්නට වුනා.

රතු පැහැයට හුරු ඒ තැඹිලි දෑස්...
තමා ඉදිරියට පෙරදින ආ ඒ කාල වර්ණ වෘකයාගෙ දෑස් ජිමින්ගෙ මනසේ ඇඳුනා.

ඒ සමඟම මඳක් එහායින් වූ කාමරයෙ දොර විවර වූ අතර කවුරුන් හෝ කාමරයට ඇතුලු වන ආකාරය දෙස ජිමින් දෑස් අයා බලාසිටියා.

"ඕහ්!! ඔයා ඇහැරිලා වගෙයි..!"
දිගු සුදු පැහැ කබායකින් සැරසී සිටි රත්‍රන් පැහැ දාරයන් ඇති උපැස් යුවලක් පැළඳ සිටි , වෛද්‍යවරයෙකුගේ පෙනුමැති තැනැත්තා ජිමින් අසලට පැමිණෙමින් මඳ සිනහවකින් විමසුවා.සිනහවේදි වල ගැසෙන කම්මුල් නිසා ඔහුට යම් පියකරු මෙන්ම විශ්වාසදායී පෙනුමක් ගෙන දුන්නා.

"මන් මේ ඉන්නෙ කොහෙද?"එය ජිමින්ගෙ පළමු පැනය වුනා.

"ඔයා ඉන්න තැන මොකක් වුනත් ඔයා ඇහැරුන එක තරම් වෙන කිසිම පුදුමයක් මෙතන නෑ."ඔහු තවමත් මඳ සිනහවක් මුවෙහි රඳවාගෙන තිබුණා.

His Galaxy Eyes |YM & TK| OnholdWhere stories live. Discover now