6)අනතුර

357 94 77
                                    

ටේහ්‍යොන්ග්ගේ දෑස් විවර වුනේ තද කලුවරකින් යුත් පරිසරයකටයි.

ඒත් සමඟම ඔහුගේ සිරුරේ චලනයන්ට අනුව තමාගේ දෑත් මෙන්ම දෙපයද ගැටගසා කාගේ හෝ කරමතින් තමාව කොහේ හෝ ගෙනයන බව ඔහුට දැනෙන්නට වුනා.

ඔහු සිටියේ දැඩි ලෙස අසරණවයි..
එයට හේතුව වූයේ ඔහු සටන් ශිල්ප නොදැන සිටීමමද,ඔහු ඔමෙගාවෙකු වීමමද, ඔහුගේ දෑත්දෙපා හා කට රෙදිකඩවලින් ගැටගසා තිබීමම පමණක් නොවේ.

ඔහු අවසානයට දුටු දසුන වූයේ තම සොහොයුරා ලෙස ඔහු ඇලුම් කල ජිමින්ගේ උරහිස හරහා යන කිණිස්සත් ඔහුව සිහිසුන්ව පොළවට ඇද වැටෙන ආකාරයයි.

එතැන සිටි නරුමයන්ගේ කතා බහට අනුව ඒ කිණිස්සෙහි විෂ තැවරී ඇති බැවින් ඔහුගේ ජීවිතයටද එය අනතුරක් බව ටේහ්‍යොන්ග්ට වැටහෙන විට ඔහුගේ දෑස නැවතත් කඳුලින් තෙත් යන්නට වුනා.

ඒත් ජිමින් මෙන්ම තමාද ඉතා විශාල වූ අනතුරක් ඉදිරියේ සිටින බව ඔහුට වැටහී අවසානයි.

තමාව කරමතින් ගෙනගිය කවුරුන්හෝ තමන්ව බිමට අත් හැරිය බව ටේහ්‍යොන්ග්ට දැනුන පසු ඒ බිය දෙගුණ තෙගුණ වුවද එයට කළහැකි කිසිවක් වුනේ නෑ.

මුහුණට යොදා තිබූ ආවරණය ඉවත් කළ පසු තමාට කඳවුරේදී නිතර නිතර කරදර කළ සිවුදෙනෙකුගේ කාමයෙන් මත් වූ මුහුණු ඔහුට දක්නට ලැබුණු අතර ඔහුගේ කම්මුල් දිගේ බේරීගිය කඳුලු වැල් තව තවත් වේගයෙන් ඇදහැලෙන්නට වුනා.ඔහු හැකිආකාරයෙන් පසුපසට වී ගසේ කඳට හේත්තු වන්නට වුනා.

ඔහුට ශක්තිමත් වන්නට අවැසිවුනා.
ඔහුට මෙලෙස අසරණව කඳුලු වැගිරීමට කෙලෙසකවත් අවශ්‍යතාවක් වුනේ නෑ.
නමුත් කෙසේද?
ඔහු දැනසිටියේ නෑ.
ඔහුට කියාදෙන්නෙකුද සිටියේ නෑ.
සිටිය එකම තැනැත්තා සුවෙන්ද යන වගවත් ඔහු දැනසිටියේ නැ.

"බලන්නකො මුගෙ මූණෙ ලස්සන..බයෙන් ගැහෙද්දිත් ලස්සනයි.."

"අද රෑට අපිට හොඳට විනෝද වෙන්න පුලුවන් මිත්‍රයා..."

"කියව කියව ඉන්නේ ඉක්මණට පටන් ගන්නවකෝ යකෝ!!"

මෙලෙස ඇස් වලින් මෙන්ම වචන වලින් ඔහුව දූශනය කල ඔවුන්, ඔහු ළඟට ළන් වූයේ ඔහුගේ ඇඳුම් ඉවත් කිරීමටයි.

His Galaxy Eyes |YM & TK| OnholdWo Geschichten leben. Entdecke jetzt