11)මන් ගැන..

335 75 114
                                    

පාන්දරින් ඇසුන සීනු නාදයකින් හදිස්සියේ අවදි වූ ජිමින් ඇඳෙහි කෙලින් වී ඉඳගත්තා.

ඔහු හිතාමතා අවදිවූයේ නෑ.
ඒ කන් බිහිරි වන සීනූ නාදය නිසා ඔහුට අවදි වන්නට සිදුවුනා.

පෙරදින වාදයේ තෙහෙට්ටුවද ඇදුම්කන උරහිසද ඒ නිදිමත බේරෙන දෑස් වලට හේතු වූ අතර සීනුවේ ශබ්දය ජිමින්ගේ ඇවිලෙන කේන්තියට අත් උදවුවක් වුනා.

දුහුවිලි වැකුනු පොළවට අඩිය තියත්ම පෙරදින සංවාදය ඔහුගේ දෙකන් වල දෝංකාර දෙන්නටපටන් ගත්තා.

_________________

"ඔයා ගැන!"

"මන් ගැන!!මන් ගැන මොකටද ඔයාට?!" තම කටහඬ කේන්තියෙන් පිටවන විට තමා ඉදිරියේ සිටින ඇල්ෆාගේ කාල වර්ණ දෑස් කෙමෙන් කෙමෙන් රක්ත වර්ණයට හුරු වන බවත් ඔහුගේ උගුරෙන් නිකුත් වන ගෙරවිල්ලත් ජිමින්ට හොඳ හැටි පෙනෙන්ට හා ඇසෙන්නට වුනත් ඒ පිළිබඳව ඔහුගෙ තැකීමක් වුනේ නෑ.

"ජිමින්!මන් එක පාරක් කිවුවා. මට ආයේ කියන්න තියන්න එපා. මන් මේ පැක් එකේ ලීඩර්!!
අනික මෙතන ප්‍රශ්න අහන්නෙ මන්!!ඔයා නෙවේ.තේරුනාද?!" ඇල්ෆාගේ ගැඹුරු කටහඬින් සෑම වදනක්ම බැරෑරුම්ව පිටවුවද ජිමින් ගස්සා අහක බලාගැනීම හැර,වදනක්වත් පිට කිරීමට උත්සහයක් නොගන්නට වුනා.

එහෙත් එක්වරම ජිමින් ඉදිරියට ආ යුන්ගි තම දකුණතින් ජිමින්ගේ ගෙලෙන් අල්ලා පැති බිත්තියට තද කල කල අතර ඔහුගේ ඒ ශක්තිමත් නහර ඉලිප්පී ගිය දෑත නිසා ජිමින්ගේ දෙපා පොළව මට්ටමට වඩා ඉහළින් එල්ලෙන්නට වුනා.තම කුඩා දෑත් වලින් යුන්ගිගේ දෑතෙහි එල්ලී තම හුස්ම අල්ලාගැනීමට තනන ජිමින්ගේ දෑස් අග පළමු වතාවට කඳුළු බිඳු එක් වූ අතර, ඒවාද හැඟීමක් නිසා නොවූ හුදෙක් හුස්ම ගැනීමේ අපහසුව නිසා හටගත්තක් පමණක්ම වුනා.

එහෙත් ජිමින්ගේ මුහුණ දෙස පාලනය කර ගත නොහැකි වූ කේන්තියකින් බලාසිටින නායකයාට මේ කදුළු බිඳු නිසා තමා සිදු කරන්නාවූ දේ පිළිබඳව පැහැදිලි වන්නට වුනා.

කිසි දිනක ඔහුගේ රැලෙහි කිසිවෙකු ඔහුගේ ඉවසීමේ සීමාව පරීක්ෂා නොකළ අතර, එසේ සිදු කළ පිටස්තරයන්ට නිතරම ඒවායේ විපාක අත් වූ බව නොදන්නා කිසිවකු නැති තරම්.අනෙකනම් තම රාජකාරිය නිසි ලෙස ඉටු කරන නායකයාට විරුද්ධවීමටද රැලෙහි කිසිවෙකුටත් කිසිදු හේතුවක් තිබුනේ නෑ.

His Galaxy Eyes |YM & TK| OnholdWhere stories live. Discover now