2)කවුද?

454 106 25
                                    

"ඔයාගෙ නම මොකක්ද?" සිරකරුට ඉදිරියෙන් සිටගෙන සිටින ආරක්ෂකයා නැවතත් ඉවසීමෙන් විමසන්නට වුනා.

එහෙත් සුදුමැලිව දුර්වලව සිරමැදිරියේ බිත්තියට හේත්තු වී ඉඳගෙන සිටි, අළු පැහැති හිසකෙස් ඇති තරුණයා හිස ඔසවා බැලීමට හෝ උත්සහයක් ගත්තේ නෑ.

"එයාට නමක් නෑලු..මන් එයාට කතා කරන්නෙ ජිමින් කියලා.."එහා පස ගුලිව සිටි සිරකරු ආරක්ෂකයාට පිළිතුරු දෙන්නට වුනා.

"ජිමින්?!"ආරක්ශකයා වූ හෝසොක්, අනෙක් සිරකරු වූ දුඹුරු කැරලි හිසකෙස් ඇති තරුණයා දෙස බලන්නට වුනා.දුර්වලව සිටියද වසර ගණනකින් ලද නව ඇඳුම් නිසා ඔහු යම්තරමක් පියකරුව පෙනෙන්නට වුනා.

"ඔව්..මගෙ මැරුණ හ්‍යොන්ග්ගෙ නමින් මන් කතා කලේ එයාට.එයාව මන් හිටපු තැනට ගෙනාවෙ මීට සතියකට විතර කලින්.ඒත් එයා වැඩිය කතා කරන්නෑ.."ලානිල් දෑස් හා දුඹුරු හිසකෙස් වලින් යුතු, සුවඳින් ඔමෙගාවෙකු වූ තරුණයා අනෙකාට වඩා සුහදශීලී බව වැටහුන හෝසොක් ඔහුගෙන් විස්තර දැනගැනීමට කල්පනා කළේ ඒ නිසාවෙන්.

"ඔයාගෙ නම මොකක්ද?"

"මන් ටේහ්‍යොන්හ්.."

"ටේහ්‍යොන්හ් ඔයා මොන පැක් එකේ කෙනෙක්ද?"

"බ්ලඩ් රෝස්.."ටේහ්‍යන්ග් අකමැත්තෙන් මෙන් මුහුණ බිමට හරවා ගත්තා.

"ඉතින් ඔයාගෙම පැක් එක ඔයාට වහලෙක්ට වගේ සැලකුවේ ඇයි?"

"මගෙ හ්‍යොන්ග් එයාලට විරුද්ධ වුන නිසා එයාව මරලා දැම්මා.ඊට පස්සෙ මාව වහලෙක් කලා."ටේහ්‍යොන්ගේ කටහඬ වේදනාවෙන් පිරී තිබුණා.

කරුණු වටහාගත් කරුණාවන්ත ආරක්ෂකයාගෙ සිතටද වේදනාවක් දැනුනද සිරකරුවන්ට බුරුලක් දීම ඔහුගෙ සිරිත නොවීය.

"හරි."තොරතුරු විමසා සටහන් කරගත් ආරක්ෂකයා සිරමැදිරියෙන් පිටතට ඇවිද ආවා."ඔයාලව හෙට මෙහෙන් අරන් යයි..ඔය දෙන්නට ඉන්න තැනක් දැනටමත් හදලා ඇත්තෙ.."

"කොහෙටද?!" ටේහ්‍යොන්හ්ගෙ ස්වරයේ කලබල වූ බවක් පෙනෙන්නට තිබුනා.

"ගියාම දැනගනී.."එසේ කියූ ආරක්ෂකයා පිටව යන විට ඔහුගෙ පියවර ශබ්දය මැකී යන්නට වුනා.

"එයාලා අපිව කොහෙ ගෙනියයිද දන්නෑ නේද ජිමින්?"සුපුරුදු පරිදි පිළිතුරු නොලැබෙන බව දැන සිටියද ටේහ්‍යොන්හ් කතා කරන්නට වුනා."ඩාර්ක් ඩයමන්ඩ්වල නායක ඇල්ෆා ටිකක් භයානකයිලු.."

එහෙත් අනෙක් පස හේත්තු වී සිටි තරුණයා මේ කිසිවක් නොතකා කිසිදු හැලහොල්මනක් නොමැතිව බලාගත් අතම හැඟීම් විරහිතව බලාසිටින්නට වුනා.

••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••

His Galaxy Eyes |YM & TK| OnholdWhere stories live. Discover now