chapter 01

1.6K 292 184
                                    

Still With You ( Fan Fiction Only )
_Chapter 01_

______________________________________

날 스치는 그대의 옅은 그 목소리

Nal seuchineun geudaeui yeoteun geu moksori

That faint voice of yours that grazed me

මා තෘප්තිමත් කල දුර්වල ඔබේ කටහඩ..

______________________________________


' " සීතලයි.."

" වැස්ස නිසා ද එහෙමත් නැත්නම් අසනීපයක් නිසා ද..?"

මන් සීතලයි කිව්වොත් මට පොරවගන්න බ්ලැන්කට් එකක් දෙන එක, මාව හීටින් මැශින් එකක් ලගට එක්කන් යන එකට වඩා හැමෝම කරන්නෙ,

'ඔයාට සීතල හැදුනෙ වැස්ස නිසා ද එහෙමත් නැත්නම් අසනීපයක් නිසාද..?'

කියලා ආයෙමත් මගෙන් ප්‍රශ්නයක් අහන එක. ඒ ලෝකෙ හැටි.. ගොඩක් මිනිස්සු ජීවත් වෙන්නෙ මහ හීන ලෝකෙක. හීන ලෝකෙක ජීවත් වුනාට කමක් නෑ, අනුන් ගැන ටිකක් හරි හිතනවා නම්. නෑ.. මිනිස්සු එහෙම නෑ. එයාලා මේ ලෝකෙ ජීවත් වෙන්නෙත් නෑ.. පරාර්'ථකාමීත් නෑ.

පොඩ්ඩක් ඉන්න..

මොකක්ද මේ වෙනස..

ඇයි අද මගේ ඇස් තෙමෙන්නෙ නැත්තෙ..?

වෙනදට මන් මෙහෙම දෙයක් මතක් කලත් මට ඇඩෙනවා.. ඒ වුනත් අද මන් ශක්තිමත් වෙලා..

ඔව්.. එහෙම වෙන්න ඕනි තමයි.. මන් මූන දුන්න ප්‍රශ්න වලින් දිනලා මේ විදිහට දැන් ඉන්නවා කියන්නෙ, මට කිසිම දේකට නොඇඩෙනවා කියන්නෙ.. ඒක හරි. මොකද මන් දැන් ඉන්නෙ එච්චරටම ලොකු කඩාවැටීක..

මට හිතුනා ජීවිතේ නැති කර ගන්න.. එකපාරක් නෙවෙයි.. කීප වතාවක්ම.. ඒත් ඇත්තටම මන් කොහොමද එහෙම කරන්නෙ..?

මගේ ජීවිතේ විතරක් නම් මන් මගේ ජීව්තේ නැති කරගෙන ගොඩක් කල්..

ඒ වුනත් මන් කොහොමද එහෙම කරන්නෙ..?

මන්-'

[ දඩාස්.. ]

එක විනාඩියක් යන්නත් කලින් අතුරු පාරකින් එකපාරටම මතු වුණ බුගට්ටි වර්'ගයේ මෝටර් රථය සේහිව හප්පගෙන ගියා.

STILL WITH YOU | JJK AU | ✔️Where stories live. Discover now