chapter 23

745 233 154
                                    

Still With You ( Fan Fiction Only )
_Chapter 23_

____________________________________

눈을 보고 말할래요
보고 싶었어요

Nuneul bogo malhallaeyo
Bogo sipeosseoyo

I will look into your eyes
And say I missed you

මම ඔබේ දෑස් දෙස බලා පවසන්නම්
මට ඔබ නැතුව පාලුයි කියා

____________________________________

" අන්තිමට එහෙනම් ඔයා රිසයින් වෙනවා නේද..?"

" මට දැන් වයසයි.."

" ඒ කියන්නෙ මාත් දැන්ම රිසයින් වෙන්න ඕනිද..?"

" ඔයා පිරිමියෙක් ජිමින්.. ඉතින් මන් කලින් අයින් වෙන එකේ පුදුමයක් නෑ.."

" ඔව් ඇත්ත.."

පාක් ජිමින් සිනා මුසු මුහුනෙන් ඩෝල් සීගෙ අස්වීමේ ලිපිය භාර ගත්තෙ මුලු ලොවක් සසල කළ ඒ ක්‍රීඩාවේ ආගමනයට ඉතා විශාල හිස්තැනක් තියලා ඩෝල් සී යක්ශයා ක්‍රීඩා පිටියට නිළ වශයෙන් සමු දෙද්දි.

" ජන්කුක්..?"

" හ්ම්.."

" සතුටින් ඉන්න සේහි.. දන්නවද..? ජන්කුක් කියන්නෙ මගෙ පොඩි කාලෙ ඉදන් හොදම යාලුවා. එයා ඕනිවටත් වඩා මුරන්ඩුයි වගේම කිසිම දරාගැනීමේ හැකියාවක් නැති කෙනෙක්.."

" ජිමිනි.."

" ඕ.."

" මන් එයාට ආදරෙයි.."

" එයා දන්නවද ඔයා එයාට ආදරෙයි කියලා.."

" ඔව්.."

" ඇත්තටම එදා ඒ වෙලාවෙ මන් බයවුනේ ඔයාගෙ ජීවිතේ ගැන මිසක් එයාගෙ ජීවිතේ නෙවෙයි.. ඔයා එයාට ආදරෙයි කියලා මන් දැනන් හිටියා. ඔයාගෙ ආදරේ ගැන සමහර විට මේ ලෝකෙන් වැඩිපුරම දන්න කෙනා මම වෙන්න ඇති.."

ජිමින්ගෙ කියමන ළග ජොන් සේහි හිස් අවකාශෙට හිනාවුනා.

" මට බයයි එයාගෙ ආදරේ ගැන.."

" ඔව්.. මන් එයාට කිව්වා එයාගෙ ආදරේ ගැන බය වෙන්න කියලා.. ඒත් මන් හිතන්නෙ නෑ එයා එහෙම බය වෙවි කියලා.."

ජොන් සේහි එහෙම කියලා හිනාවුනත් ඇයගෙ දෑස් වල ලියවිලා තිබුනෙ හිස් බවක් එක්ක මිශ්‍ර වුන මලානික බවක් විතරයි.

STILL WITH YOU | JJK AU | ✔️Where stories live. Discover now