chapter 10

830 248 70
                                    

Still With You ( Fan Fiction Only )
_Chapter 10_

____________________________________

이 단순한 감정들이
내겐 전부였나 봐

I dansunhan gamjeongdeuri
Naegen jeonbuyeonna bwa

I guess these simple feelings were everything to me..

ඒ හැම සරල හැගීමක්ම මට මගේ හැමදේම වුනා..
____________________________________

" බේබි..,

" ම්ම්.."

" නැගිටින්නකෝ.. අපි දැනටමත් පරක්කුයි.."

" අනේ තව විනාඩි පහයි ඔප්පා.."

" ආ.. දැන් ඔය කීවෙනි විනාඩි පහද කියන්න බලන්න මට.."

" අනේව් ඉතින්.."

සේහි ඔහුට පිටුපාලා ආපහු බ්ලැන්කට් එක බදා ගත්තා. ඒ වුනත් ඔහු නම් තමන්ගෙ වැඩේ නැවැත්තුවෙ නෑ. හෙමින් හෙමින් සේහිගෙ බෙල්ලෙ චූටි චූටි හාදු තියන්න පටන් ගත්තා. සේහි කොච්චර ඇස් වහගෙන ඉන්න හැදුවත් ඒක හරි ගියෙ නෑ. ඔහුගෙ තොල් වල පහස තෙත් විදිහ ඇගේ ගෙලට දැනෙද්දි සේහිට දැනුනා තමන්ට කිති කැවෙනවා වගේම මුලු ඇග දිගේම හිරියක් යනවා වගේ හැගීමක්.

" යාහ්.."

සේහි එයාගෙ පැත්තට හැරුනෙ යමක් කියලා බනින්න වුනත් කෙල්ලට කලින් ඉක්මන් වුන ඔහු ඒ තොල් වලට බර වුනා. වුනේ මොකක්ද කියලා එකපාරටම තේරුම් ගන්න බැරි වුනත් ටිකක් වෙලා යද්දි සේහිගෙ අත් එයාගෙ ඉන වටේ බැදුනා.

~~~~~~~~~~

සේහි හිටියෙ නිදාගෙන නෙවෙයි. ඇය හිටියෙ කල්පනා ලෝකෙක. ඒ කල්පනා ලෝකෙ වත්මන් ආදරේ හිමිවෙලා තිබුනෙ ජොන් ජන්කුක්ට වුනත් තවමත් දේයන් වෙනුවෙන් තිබුන ඒ ආදරේ කිසිම වෙනසක් වෙලා තිබුනෙ නෑ. ජොන් ජන්කුක්ගෙන් තමන්ට ලැබෙන්න ඕනි සෙනෙහස නෙවෙයි.. අඩුම තරමෙ රැකවරනය හරි ලැබුනා නම් ඇයට නොදැනෙන්න තිබ්බා දේයන්ට තමන්ගෙ සැමියා කියන නම දෙන්න බැරි වුනා කියන පසුතැවීම.

ඔව්.. ඔයා හිතපු දේ හරි.. සේහි ඒ වෙනකොටත් ඒ දේ හිතන්න පටන් අරන් තිබුනා. නෑ.. ඇයට හිතෙන්න පටන් අරගෙන තිබුනා. ජන්කුක්ගේ ආදරේ ඒ අඩුව. ඔව්.. එයා එච්චර කල් දේයන් තමන්ගෙ සැමියා නොවුනා කියලා පසුතැවුනේ නෑ. මොකද ඇයට ඒ තමයි ජීවිතේ හැටි කියලා හිත හදා ගන්න පුලුවන් වුනා. ඒ වුනත් ඇයට තමන්ගෙම සැමියගෙන් ලැබුන ප්‍රෙශර් එක නිසා තව දුරටත් හිත හදා ගන්න පුලුවන් කමක් තිබුනෙ නෑ. නමට හරි දේයන්ගෙ වයිෆ් වෙන්න පුලුවන් වුනා නම් කියලා එන්න එන්නම එයාගෙ හිත කියන්න පටන් ගත්තා.

STILL WITH YOU | JJK AU | ✔️Where stories live. Discover now