chapter 11

801 238 72
                                    

Still With You ( Fan Fiction Only )
_Chapter 11_

____________________________________

언제쯤일까
다시 그댈 마주한다면

Eonjejjeumilkka
Dasi geudael majuhandamyeon

When will it be?
If I face you again

මම ඔබව කවදාක හරි නැවත දුටුවොත්

____________________________________

" අජුස්සී.. අජුස්සී"

" ටක් ටක් ටක්.."

" අජුස්සී..!!"

මධ්‍යම රාතිය පසුවෙලා පෙරවරු දෙකටත් ලගා වෙනවා කියලා බිත්ති ඔරලෝසුවේ කටු සාක්ශි දරද්දිත් තමන්ගෙ කාමරේට දොරට තට්ටු කරමින් අජුම්මා කතා කරපු නිසා සේහිගෙ ප්‍රධාන ආරක්ශකයා ඇත්තටම බය වුනා. ඔහු ඒ වෙනකොටත් හිටියෙ අවධියෙන් නිසා අමුතුවෙන් ලෑස්ති වෙන්න දෙයක් තිබ්බෙ නෑ.. ඒ නිසාම මිරර් ටේබල් එකේ පලවෙනි ලොකර් එකේ තිබුන උණ්ඩ පුරවපු රිවෝල්වරයත් එතනම පුටුවෙ හෙඩ් එක උඩ දාලා තිබුන බ්ලේසර් එකත් ගත්තු සේහිගෙ පවුද්ගලික ආරක්ශකයා ඉක්මනින් තමන්ගෙ කාමරේ දොර ඇරියා.

" අජුම්මා..?"

" අජුස්සී.. පොඩි මැඩම් එලියට ගියා.."

" මොකක්..!?"

පුදුමය මිශ්‍ර වුන ප්‍රශ්නාර්තයකින් ආරක්ශකයා එහෙම ප්‍රශ්නයක් විමසුවත් ඒකට පිලිතුරක් බලාපොරොත්තු නොවීම එයා ලිවින්ග් රූම් එකට ගියේ ඔහුගෙ කාමරේට ලගම පිට පිවිසුම වුනේ විසිත්ත කාමරයේ ප්‍රධාන දොර නිසා.

එලියට ගියපු ඔහුට වැඩි ආයාසයකින් තොරව සේහිව හොයා ගන්න පුලුවන් වුනා. ඒකට හේතු කිහිපයක්ම තිබුනා. ඒ අතරින් විශේශම හේතුන් අතරට වැටුනෙ සේහිගෙ ඉකිබිදුම සහ දුහුල් සුදු ඇදුම.

ජේජු වල ජොන් පැලස් එකේ ගෙස්ට් රූම් එකත් එක්ක එහා පැත්තෙන් ගාඩ්න් එකේ තිබුන ලොකු ලිලී මල් ගස් පේලිය ලග තිබුන පොඩි පොකුන අද්දර සේහි වාඩිවෙලා හිටියා. පොන්ඩ් එකේ වතුර ගලන ශබ්දයක් අවට පරිසරයේ නිහඩ කමට බාධා කලේ නෑ. මොකද පොකුනෙ වතුර ගැලුවෙ නැහැ. ඒ වෙනකොටත් පිරිලා තිබුන වතුර ටික නිශ්චලව තිබුනා මිසක්. ඒ ගතවුනේ මධ්‍යම රාත්‍රියත් පහුවෙලා මහ පාන්දර නිසා ලිලී පොහොට්ටු එකිනෙක විකසිත වෙන්න පටන් අරන් තිබුනා. ඒ නිසා අවට වටපිටාව නැවුම් බවක් පෙන්නුම් කළත් එදා අහසෙ හද තිබුනෙ නැහැ. එදා හද පේන්න තිබුනෙ නැද්ද එහෙමත් නැත්නම් එදා අමාවකක් ද කියලා කියන්න නම් දන්නෙ නැහැ. කොහොම වුනත් ඒ මොහොතෙ හද පේන්න තිබුනෙ නෑ.

STILL WITH YOU | JJK AU | ✔️Where stories live. Discover now