chapter 26

727 233 166
                                    

Still With You ( Fan Fiction Only )
_Chapter 26_

____________________________________

이 안개가 걷힐 때쯤
젖은 발로 달려갈 게
그때 날 안아줘

I angaega geotil ttaejjeum
Jeojeun ballo dallyeogal ge
Geuttae nal anajwo

By the time this mist clears
I'll be running with my feet wet
Give me a hug then

මීදුම පහව ගිය විට
තෙමුණු පාද තබමින්
මාව වැළද ගන්න

____________________________________

හීනෙකින්වත් හිතුවෙ නැති සැඩ සුළග අබියස පවා ඇගේ ආදරයේ නිමක් දකින්න කාටවත්ම පුලුවන් වුනේ නෑ. ඇගේ හදවතේ වර්'තමානිකව උරුමය වෙලා තිබුනෙ ජොන් ජන්කුක් විතරමයි. දේයන්ට දුන්නා තරම් ආදරයේ පරිමාවකට ඒක සමාන කරන්න බැරි වුනත්, ජන්කුක්ට තියෙන ආදරේ ඕනිවටත් වඩා වැඩි කියලා තේරුම් ගියත්, සේහිට උවමනා වුනේ නෑ ඒ ආදරයේ අඩුවක් කරන්න. තමන්ගෙ කුස ඇතුලෙ ගැහෙන ඔහුගෙ ලේ වල හුස්ම පොදේ නාමයෙන් ඇය කලේ ඔහුට තව තවත් ආදරය කරන එක විතරමයි.

කලු පාටින් බිත්ති පවා වර්'න කරලා තිබුන ඒ දුර්'වර්'න කාමරයෙන් නැවුම් හුස්ම පොදක්වත් පෙනහැලි වලට ලබා ගන්න ඇයට හැකි වුනේ නෑ. හැමතැනම බැදිලා තිබුන මකුලු දැල් වගේම දූවිලි තට්ටු ඇගේ හිතට ගෙනාවෙ ජුගුප්සාජනක බවකට වඩා කලකිරීමක හැගීමක්. මීට සතියකට කලින් වුන සිදුවීමෙන් පස්සෙ තමන් මේ කාමරයට ඇදලා දාලා අගුලු දමපු මොහොත සේහිගේ හිතේ තවමත් හොල්මන් කළා.

ඇය මේ ගැන කලකිරීමක් නොදැනුනා කීවොත් මන් බොරුකාරයෙක්. ඒ වුනත් මන් බොරුකාරයෙක් නොවන වගත් මට කියන්න පුලුවන්. ඇයට කවමදාවත් ඒ විදිහට සැප පහසුකම් අවශ්‍ය වුනේ නෑ. විශේශයෙන්ම දකුනු කොරියාවෙ ඉහළ පෙළේ ධනවතුන් වෙලත් දේයන් එක්ක සාමාන්‍ය සරල ජීවිතයක් ගත කරපු ඇයට මේ විවාහයට කොටු වුන දවසෙ ඉදන්ම ඔලුව උඩටත් විහිදිලා තිබුන සැප පහසුකම් වදයක් වෙලා තිබුනා. ඒ නිසාම ඇයට සැප පහසුකම් නැති වුනාට ගානක් නැති වුනත්, ඇය ඇගේ කුසට සැප පහසුකම් හෙව්වා. ජොන් ජන්කුක්ගෙ ලෙයින් හැදුන ඒ කළලය ඒ විදිහට දුක් විදිනවට ජොන් සේහි නොනවත්වාම ශාප කලත් ඇයට ඒ මූසල අදුරු කාමරයෙන් එලියට යන්න ලැබුනෙ නෑ.

STILL WITH YOU | JJK AU | ✔️Where stories live. Discover now