chapter 29

776 238 167
                                    

Still With You ( Fan Fiction Only )
_Chapter 29_

____________________________________

아름다운 보랏빛을 그려볼래요..

Seoro balgeoreumi an majeul sudo itjiman..

We may not be on the same page..

අපි එකම පිටුවක නෙවෙයි සිටින්නේ..

____________________________________

" බේබි ඔයාට අමාරුයි නේද ඔහොම.. මගේ අතට ඔහොමම හේත්තු වෙන්න බබා.. තව කොහොමත් පැය‍ භාගයක්වත් යයි අපිට ගෙදරට යන්න.."

" ම්ම්.."

කන්නාඩියෙන් පේන සෝල් අගනුවර දිහා දෑස් යොමාගෙන බලන් හිටපු සේහි තමන්ගෙ සැමියට අවනත වෙලා ඔහුගෙ අත උඩින් ඔලුව තියාගෙන ඒ ශරීරයට හේත්තු වුනා. ජීවිතේ හැම වෙලාවෙම වගේ බලාපොරොත්තු වුන ඒ උනුසුම.. ඇත්තෙන්ම සේහිගෙ මුලු හදවතටම පිටුවහලක් වුන වග නම් පේන්න තිබුනා.

" කුකී..?"

" ම්ම්.."

" ඔයා අඩනවද කුකී..?"

" පිස්සුද බේබි.. මන් අඩනවා වගේ පේනවද ඔයාට.. පිස්සි.."

" අඩන්නෙපා කුකී.. පෙනුනෙ නැතත් මට හිතෙනවා ඔයා අඩනවා ඇති කියලා. හැමදේම ඉක්මනින් විසදෙයි.. ඒ නිසා අපි සතුටින් ඉමු.. හාද..?"

" ඔව් බේබි.. අපි සතුටින් ඉමු. මේ ලෝකෙ අනිත් හැමෝටම වඩා.."

ඒ දෙතොල් වල පැටලුනු ජන්කුක්ගෙ දෙතොල් වල ඇත්තෙන්ම හඩ නගලා කියාගන්න පුලුවන් වුනා නම් ' ඔව් මගේ මුලු හදවතම අඩනවා' කියලා. වැඩක් නෑ.. හිත් රිදෙනවා ඇරෙන්න කිසිම දෙයක් නම් වෙනස් වෙන්න ඉඩ තිබුනෙ නෑ.

~~~~~~~~~~

සෝල් නගරයේ තිබුන කලබලකාරීත්වයට තව දුරටත් ජොන් ජන්කුක් කැමති වුන බවක් පේන්න තිබුනෙ නෑ. ඔහුට ඒ කලබලකාරී පරිසරයෙන් මිදෙන්න ඕනි වුන වග ඔහුගෙ මුහුනෙ හැම ඉරියව්වක්ම වගේ පෙන්නුම් කලා. ඔහුගෙ දකුනතින් එකම එක මොහොතකවත් තමන්ගෙ බිරිදගෙ අත අතැරුනෙ නැති නිසා ඔහුට මොහොතකටවත් ඇයව ඈත් වෙනවා දකින්න ඕනිකමක් තිබුනෙ නැති වගත් පේන්න තිබුනා.

STILL WITH YOU | JJK AU | ✔️Where stories live. Discover now