chapter 20

737 229 83
                                    

Still With You ( Fan Fiction Only )
_Chapter 20_

____________________________________

하루를 그 순간을..

Harureul geu sunganeul..

Every day, every moment..

සෑම දිනක්ම, සෑම මොහොතක්ම..

____________________________________

තමන්ට අඩි කිහිපයක් උසින් තිබුන ඒ අත් පන්දු දැල අතරින් ප්‍රේක්ශකාගාරයේ උස වහලෙ තිබුන විදුලි පහන් දිහා සේහි බලන් හිටියා. ඒ එලිය ඕනිවටත් වඩා වැඩියි කියලා සේහිට වෙලාවකට හිතුනත් තමන් අතේ ගෝලය තිබුන සමහර වෙලාවට සේහිට හිතුනෙ ඒ විදුලි පහන් වල එලිය මදි කියලා.

" ඩෝල්.."

" කියන්න ඕරා..?"

" අපිටත් තවමත් බෑ නේද ඔයාගෙ මූන දකින්න..?"

" මෙච්චර කල් අපි මැච් ප්ලේ කලේ මගේ මූන දැකලා නෙවෙයි නේද ඕරා..?" සේහි හිනාවෙලා අත් පන්දුව ඕරා දෙසට විසි කළා.

" වී ආ වෙරි සොරි අබවුට් කෝච් දේයන් ඩෝල්.."

" වෙන්න තියන දේ වුනා. ඒ ගැන තව දුරටත් කතා කරලා වැඩක් නෑනෙ.."

පැලදගෙන හිටපු මාස්ක් එකට යටින් ඩෝල්ගෙන් පිටවුන සුසුමෙ තිබුන බර ගතියෙ අන්‍තර්'ගත වෙලා තිබුනෙ මොන වගේ හැගීමක්ද කියලා ඕරාට තේරුම් ගන්න බැරිවුන බවක් පේන්න තිබුනා.

ඕරා.. කොරියානු කාන්තා ජාතික කණ්ඩායමේ පසුපෙළ ප්‍රධාන ක්‍රීඩිකාවක්.

" අපි කප් එකට ඕනිවටත් වඩා මහන්සි වෙනවා වැඩියි වගේද..?" ඕරා ආපහු ඩෝල්ට ප්‍රශ්නයක් එකතු කලා.

" අපි ඒ ගැන කතා කරන්නෝනි. අන්තිම මැච් එකට කවුරු ඉදියි කියලද ටාගට් කරන්නෙ..?"

" ජැපෑන් හරි ඇමරිකා හරි.."

" පසන්ටේජ්..?"

" මට සීයට සීයක් විශ්වාසයි.."

" එහෙනම් අපේ මේ මහන්සිය මදි ඕරා..!"

" ඒත්.."

" ජැපනීස් ටීම් එක මේ පාර කෝච් කරන්නෙ මීට අවුරුදු හතරකට කලින් කැප්ටන්. එයා කෝච් කරන ටීම් එකක් එක්ක තරග කර විදිහ අපිට තාමත් හිස්තැනක් විතරයි.."

STILL WITH YOU | JJK AU | ✔️Where stories live. Discover now