chapter 13

880 246 135
                                    

Still With You ( Fan Fiction Only )
_Chapter 13_

____________________________________

황홀했던 기억 속에
나 홀로 춤을 춰도 비가 내리잖아

Hwangholhaetdeon gieok soge
Na hollo chumeul chwodo biga naerijana

In a rapturous memory
It's raining when I dance alone

සිත් ඇද ගන්නා සුළු මතකයන් තුළ
වර්ෂාවේදී මා තනිවම නර්තනය කරනවා

____________________________________

විනාඩි කිහිපයක් තුලදි සේහිට පුලුවන් වුනා ජන්කුක්ගෙ පපුව ගැහෙන රිද්මයට හැඩ ගැහෙන්න. ඒ සේහිගෙ හුස්මත් ඒ තාලෙටම වැටෙන්න පටන් ගත්තු නිසා. සේහිට හිතා ගන්න බැරි වුනා තමන්ගෙ අත් දෙකත් තමන්ගෙ සැමියගෙ බද වටේ පටලව ගන්නද කියලා. ගොඩ කාලෙක ඉදන් බලන් හිටපු උනුසුමක් තමන්ට ලැබුනා වුනත් සේහිට දැනුනෙ හදවතේ මහ හිස්තැනක්.

ඔව්.. ඇත්ත.. සේහි සෑහෙන්න බලාපොරොත්තු වුනා කවදමහරි මේ විදිහෙ උනුසුමක් තමන්ගෙ සැමියගෙන් ලැබෙයි කියලා. මොකද දේයන්ගෙ උනුසුම තමන්ට නැති වුන දවසෙ ඉදන් සේහි හිටියෙ අදුරු වලාකුලු ඇතුලු හිරවෙලා. මුලදිම ජොන් ජන්කුක් එක්ක බලෙන් වුනු විවාහයට සේහිගෙ හිතේ තිබුනෙ තදබල විරුද්ධත්වයක් සහ නොරිස්සුමක් වුනත් විවාහ වෙලා දවස් කිහිපයක් යද්දි සේහි ඒ ජීවිතේට බලෙන්ම හැඩ ගැහුනා වගේම ජොන් ජන්කුක්ට ආදරේ කරන්න පටන් ගත්තා. ඒත් ඇයට කිසිම උනුසුමක් හෝ අඩුම තරමෙ රැකවරනයක්වත් ජන්කුක්ගෙන් ලැබුනෙ නැහැ. ඒ වුනත් සේහිගෙ බලාපොරොත්තු බිදුනෙත් නෑ. කොහොම වුනත් සේහි යේරා සහ ජන්කුක් අතර තිබුන සම්බන්ධය සහ එයාලගෙ ආදර කතාව ජොන් මන්දිරයේ හිටපු සේවක මන්ඩලයෙන් එහෙන් මෙහෙන් දැන ගත්තට පස්සෙ නම් ඒ හැම බලාපොරොත්තුවක්ම නැත්තටම නැති වුනා.

ඒත් අද.. මේ මොහොත.. සේහි කොහොම විශ්වාස කරන්නද තමන් හිටියෙ තමන්ගෙ සැමියගෙ උනුසුම ඇතුලෙ කියලා.

" ජන්..කු..ක්..ශී.." විනාඩි කීපයක් අන්තිමේදි සේහිට පුලුවන් වුනා අකුරු කිහිපයක් ගැට ගහ ගන්න.

" මෙතන මම්වත් ඩෑඩ්වත් නෑ ජන්කුක්ශී.." එතනත් ජන්කුක්ගෙන් ප්‍රතිචාරයක් එකක් තිබුනෙ නෑ.

STILL WITH YOU | JJK AU | ✔️Where stories live. Discover now