chapter 19

909 254 125
                                    

Still With You ( Fan Fiction Only )
_Chapter 19_

____________________________________

별처럼 너의 하늘에 머물고 싶었어

Byeolcheoreom neoui haneure meomulgo sipeosseo

I wanted to stay in your sky like a star

මට තාමත් තරුවක් ලෙසින්
ඔබේ අහසේ ඉන්න අවශ්‍යයයි

____________________________________

" අපි යමුද එහෙනම් බේබි.."

" ම්ම්.. යන්.."

සේහි එහෙම කියලා ජන්කුක්ගෙ අතක් හයියෙන් අල්ල ගත්තා. සේහි කලබල වෙලා කියලා තේරුන නිසාම ජන්කුක් ඒ අතෙන් සේහිව තදින් අල්ලගෙන අනිත් අත ඉන වටේ යවලා සේහිව තමන්ට හේත්තු කර ගත්තා.

" ඕනි නම් අඩන්න සේහි.. මන් ඔයා වෙනුවෙන් ඉන්නවා.." එහෙම කියපු ජන්කුක් සේහිගෙ හිස කෙස් මතින්ම හාදුවක් තැවරුවා.

එයාලා ජේජු වලින් ආවෙ පෙරේදා. උනුසුම්ව වගේම සතුටෙන් ගත කරපු ඒ ආදරනීය මොහොතවල් වලින් මිදෙන්න දෙන්නටම ඕනි වුනේ නැති වුනත් කරන්න මහ ගොඩක් වැඩ සෝල් වල ගොඩ ගැහිලා තිබුන නිසා එයාලට එන්න වුනා. ජොන් ජන්කුක් විවාහය වෙනුවෙන් ලැබුන සතිය සේහි වෙනුවෙන් ගත කලේ නැති නිසා ඒ පිලිබදව පසුතැවුනා කියලා මේ දින කිහිපයේ නම් හොදටම පේන්න තිබුනා.

ජන්කුක් සේහිගෙන් ඇහුවා තමන්ගෙන් මොනාද ඕනි කියලා ඒ උනුසුම් රාත්‍රියක. සේහිගෙන් ලැබුනෙ එක උත්තරයක් විතරයි.

" ජන්කුක්.."

" කියන්න බේබි.. ඕනිම දෙයක් දෙන්නම් මන්.."

" දේයන් ඔප්පා වෙනුවෙන් ග්‍රේව් එකක් හදලා දෙන්න පුලුවන්ද..?"

සේහිගෙ ඒ ඉල්ලීමත් එක්ක සේහිව තමන්ගෙ පපුවෙන් ඈත් කරපු ජන්කුක් ඒ ඇස් වලට එබුනෙ ඒ ඇස් වල කදුලු තියනවද බලන්න. නෑ.. ඒ ඇස් වල කදුලු තියා පොඩිම තෙතක්වත් ගෑවිලා තිබුනෙ නෑ.

" විශ්වාසයිද බේබි.?"

" ඔව් ජන්කුක්.. එච්චරයි මන් ඔයාගෙන් ඉල්ලන්නෙ.."

" ම්ම්.. මන් ඒ දේ අනිවාරෙන් කරන්නම් බේබි.."

ඒ විදිහට ජොන් ජන්කුක් තමන්ගෙ බිරිදගෙ එකම ඉල්ලීමට එකග වුනා. ඔව්.. ඇත්තෙන්ම ඒ දේ සේහිට ඕනි වෙන්න ඇති.

STILL WITH YOU | JJK AU | ✔️Where stories live. Discover now