chapter 25

730 230 195
                                    

Still With You ( Fan Fiction Only )
_Chapter 25_

____________________________________

나 홀로 춤을 춰도 비가 내리잖아

Na hollo chumeul chwodo biga naerijana

It's raining when I dance alone

වර්ෂාවේදී මා තනිවම නර්තනය කරනවා

____________________________________

ඒ වර්'ශාව ධාරානිපාත වර්'ශාවක් නොවුනත් දැන් සති දෙකකට ආසන්න කාලයක් තිස්සෙ ඉදන් මලානිකව වැටුනු වැස්සෙ නිමක් තිබුනෙ නෑ. අඩුම තරමින් ඒ වර්'ශාව මූසල කමකට හිමිකම් කීවා නම් මට විශ්වාසයි ජොන් මන්දිරයේ ලිලී යාය පසු නොතැවෙන්න තිබුනා කියලා. ඒ වුනත් මූසල කමට වඩා මලානික බවක් ගත්තු ඒ වර්'ශාව දැනටමත් සිත් ඇදගන්නා සුදු වර්'නයේ ලිලී පෙති වල කැඩුනු ඉරි ඇදලා තිබුනා.

" සුබ පැතුම් මිසිස් ජන්කුක්..!"

" ස්තූතියි.."

" මන් ඔයාට සුබ පතන දෙවෙනියා මන් හිතන්නෙ.."

" ඔව්.."

" පසුතැවෙන්නෙපා කවමදාවත්.. මොකද ඔයාට කවුරු නැතත් දැන් තමන්ගෙම ලිලී යායක් තියනවා.."

" ඒ ලිලී යාය අයිති පොළොවත් අයිති එයාටමයි කියල මතක් වෙද්දි මට දරා ගන්න අමාරුයි.."

" මන් හිතන්නෙ ඔයා මීටත් වඩා දේවල් දරාගෙන තියනවා ජොන් සේහි..!!"

" ඔව් ඇත්තෙන්ම.. අපි ඒ ගැන කතාව නතර කරමුද..?"

" ඔයාගෙ කැමැත්තක්.." තරුන විද්‍යාඥයා සුසුමක් හෙලුවා.

" මට ආසයි මිස්ටර් කිම්ගෙ බබාල දෙන්නව බලන්න.."

සේහිගෙ ඇස් වල තරු කැට වගේ දිලිසුනේ කදුලු බින්දුද කියලා මට මොහොතකට හිතුනා.

" ඔව් ඇත්තටම.. ඔයාට පුලුවන් බලන්න.. දවසක එන්නකො.. මේ ලෝකෙන් මටත් වඩා ලස්සන එකම එක්කෙනා ඉන්නෙ අපේ ගෙදර..!"

" අහ්.. මන් දන්නවා.. ඒ ඔයාගෙ වයිෆ්නෙ..!!"

ජොන් සේහිගෙ සිහින් දෙතොලතර මද හිනාවක් ඇදුනා කියලා දැකපු තරුන විද්‍යාඥයා සොක් ජින් කිම් සැනසුම් සුසුමක් හෙලුවා.

STILL WITH YOU | JJK AU | ✔️Where stories live. Discover now