chapter 30

1.1K 250 325
                                    

Still With You ( Fan Fiction Only )
Chapter 30 [ Final one ]

____________________________________

그대와 함께 이 길을 걷고 싶어요

Geudaewa hamkke i gireul geotgo sipeoyo

But I want to walk this path with you

නමුත් මට මේ පාරෙ එකට ගමන් කිරීමට අවශ්‍යයයි

____________________________________

- ඔයාට අඩන්න ඕනි වගේ හිතෙනවා නම් ස්ටිල් ප්ලේ කන්ටිනිවස්ලි ප්ලේ කරන්න.. ඒක නැතුව ඇඩෙන එකක් නෑ හොදේ 🥲🥲

පරිසරයේ නිහඩ බව ඕනිවටත් වඩා ජේජු දූපත් සංකීර්'ණයට වඩා සෝල් නුවර ආක්‍රමනය කරලා තිබුන නිසා හැමදේම වෙනස් විදිහට හිතන්න පුරුදු වෙලා හිටපු මිනිස්සු ඒ නිහඩ බව නොවන සන්සුන් බවක් කියලා තේරුම් අරන් තිබුනා. හැම තත්පරයකදිම පවා කාර්'යය බහුල වුන සෝල් අගනුවර ප්‍රදාන මාවත් හැම එකම වගේ පාලු ස්වභාවයක් ගත්තෙ එකම වාහනයක්වත් පාරෙ නොතිබුන නිසා නෙවෙයි. වෙනදට වඩා වාහන ධාරිතාවය අඩු වුන නිසා වගේම ගමන් කරපු වාහනය වලින් විශාල සංඛ්‍යාවක් කලු පැහැති වාහන වුන නිසා.

ජොන් ජන්කුක් ඇගේ අවසන් ඉල්ලීම් හැම එකම වගේ ඉටු කරන්න පටන් අරන් කියලා දැනටම ඔහුගෙ විඩාබර දෙනෙත් සාක්ශි සැපයුවා. ඔහුගෙ කලු පැහැති නිදන කාමරය තව දුරටත් කලු පැහැති වුනේ නෑ. ලා නිල් පාටට හුරු චූටි චූටි බඩු ගොඩක් ඒ කාමරයේ විසිරිලා තිබ්බෙ තවත් අමුත්තෙක් ඒ කාමරයට දැන් අයිතිවාසිකම් කියන්න පටන් අරන් තිබුන නිසා වෙන්න ඇති.

ඔව්..

ඔයා හිතුවා හරි..

ඇය දැනටමත් යන්න ගිහින් තිබුනා..

ආපහු මේ ලෝකයට නොඑන්නම..


~~~~~~~~~~~

" කුකී.."

" ඕ බේබි.. ඔයාට අමාරුද..?"

" නෑ කුකී.. අපි චුට්ටක් එලියට යමුද..? මට ඔයාට කතා කරන්න ඕනි.."

STILL WITH YOU | JJK AU | ✔️Where stories live. Discover now