chapter 14

834 258 89
                                    

Still With You ( Fan Fiction Only )
_Chapter 14_

____________________________________

이 안개가 걷힐 때쯤
젖은 발로 달려갈 게

I angaega geotil ttaejjeum
Jeojeun ballo dallyeogal ge

By the time this mist clears
I'll be running with my feet wet

මීදුම පහව ගිය විට තෙමුණු පාද තබමින්

____________________________________

ඩෝල් සී ( Doll C/Sea )

සී බෝනික්කා එහෙම නැත්නම් මුහුදු බෝනික්කා.. ඩෝල් සී කියන මේ යෙදුමෙ තේරුම කවුරුත් හරියටම දැනන් හිටපු දෙයක් නෙවෙයි. තේරුමක් නැතිව පවා මේ නම කිව්වම බයෙන් සලිත වෙලා වෙව්ලලා යන පිරිසක් මුලු ලෝකෙම හිටියා. ඇත්තෙන්ම ඇය වෙලාවකට මුහුද වගේ සැරයි.. වෙලාවකට බෝනික්කෙක් වගේ පියකරුයි, වෙලාවකට ඇනබෙලා වගේ භයංකාරයි. තවත් වෙලාවකට සී අකුර වගේ වටකුරුයි.

ඩෝල් සීව දැනන් හිටියෙ මුලු ලෝකෙම සුවහසක් ක්‍රීඩා ලෝලීන්. විශේශයෙන්ම අත්පන්දු. දකුනු කොරියානු කාන්තා අත්පන්දු ජාතික කණ්ඩායමේ ප්‍රධාන ක්‍රීඩිකාව. ඒ වගේම ඒ එයාලගෙ අනන්‍යතාවය. ඩෝල් සී එක්ක වර්ල්ඩ් කප් එකක්.. ප්‍රතිවාදී කන්ඩායම දක්ශ කමට වඩා බය නිසාම පැරදෙන අවස්ථා බහුලයි. කතා කරන්න ඕනි නෑ. අනිවාරෙන් ඩෝල් සී ඉන්න ටීම් එකක් නම් ඒ කන්ඩායමට ඇරෙන්න වෙන කිසිම කන්ඩායමකට ජය ගන්න බෑ.

ඒත් එකම එක විශේශයක් තිබ්බා. කවුරුත්ම ඩෝල් සීගෙ මූන දැකලා තිබුනෙ නෑ. ඇයගෙ ලගම රසිකයන් පවා ඒ මූන කොයි වගේද කියන එක දැනන් හිටියෙ නෑ. ඒකට විශේශ හේතුවක් තිබුනා. හැමදාම තරගයක් පැවැත්වෙන වෙලාවකට ඩෝල් සී ග්‍රවුන්ඩ් එකට එන්නෙ ඒ වගේම තමන් ඩෝල් සී කියන ප්‍රතිරූපෙන් ජනතාව ඉස්සරහ පෙනී සිටින්නෙ තමන්ගෙ මුහුන වෙන කාටවත්ම අදුර ගන්න බැරිවෙන විදිහට ආවරනය කරගෙන. අන්න ඒ නිසා ක්‍රීඩා ප්‍රවෘත්ති වල මාධ්‍යවේදීන්ට පවා පුලුවන් කමක් තිබුනෙ නෑ ඩෝල් සීගෙ අනන්‍යතාවය හදුන ගන්න. ඇය එච්චරටම තමන්ගෙ පවුද්ගලිකත්වය සැලකිලිමත් වුන කෙනෙක්.

ඒත් ඒ දකුනු කොරියානු කාන්තා අත් පන්දු ඉතිහාසයේ යක්ශයා, "ඩෝල් සී"..

STILL WITH YOU | JJK AU | ✔️Where stories live. Discover now