chapter 28

768 231 141
                                    

Still With You ( Fan Fiction Only )
_Chapter 28_

____________________________________

아름다운 보랏빛을 그려볼래요

Areumdaun boratbicheul geuryeobollaeyo

I'm going to draw a beautiful purple light

මම ලස්සන දම් පාට එලියක් අදින්නම්

____________________________________

දීර්'ඝ සිප ගැනීමකින් පස්සෙ තමන් ළගින් අයින් වුන සැමියගෙ ඇස් දිහා බලාගෙනම සේහි ඔහුට නොදැනි දිව යට අමාරුවෙන් රඳවගෙන හිටපු ඖෂධය එතනම බිමට දාලා නිමේශයෙන් ළග තිබුන වතුර බෝතලය අරගෙන කටත් හෝදලා එතනම බිමට දැම්මා. ජොන් ජන්කුක් ඒ දිහා බලන් හිටියෙ කිසිම දෙයක් හිතාගන්න බැරිව වගේ.

" හොඳයි එහෙනම් ජන්කුක්ශී.. සේරම දැනගෙනද ආවෙ..? එහෙම නැත්නම් මගේ හැම බැඳීමකින්ම මිදෙන්නද ආවෙ..?"

සේහි ඇහුවෙ ඒ තද කලු ඇස් දිහා කෙලින් බලාගෙන.

" සේහි..!!"

" ඔව්.. මන් අහගෙන ඉන්නෙ.."

" මන්.. මන්.. මට.."

" කියන්න.."

" මට සමාවෙන්න සේහි.. අනේ මට සමාවෙන්න.. මන් ඔයා කියන ඕනිම දෙයක් කරන්න පොරොන්දු වෙන්නම්.. ඒත්.. කරුනාකරලා.. කරුනාකරලා.. අපි මේක කරමු.. සේහි.. මන් වදින්නම්.."

" ඇයි ජන්කුක්ශී.. ඔයයි යේරයි දරුවෙකුයි.. පවුල සම්පූර්'නයිනෙ.."

සේහි ඒ විදිහට කිව්වෙ කොහොමද කියලා මන් දන්නෙ නෑ. ඒ වුනත් එයා එහෙම කිව්වා.

" අනේ සේහි..!!!!!!!!!!!!!!!!!!!!!!!!!"

කවමදාවත් ඇහිලා නැති තරම් විශාල ශබ්දෙකින් විලාප තියපු ජන්කුක් කෑ ගහලා අඩන්න පටන් ගත්තෙ ඇය ඉස්සරහ දනින් වැටිලා. කදුලු.. මට විශ්වාසයි ජොන් ජන්කුක් ජිවිතේ පළවෙනි වතාවට දුක කියන දේ අත් විදින්න ඇති කියලා.

හැගීම් විරහිත ඇස් වලින් ජන්කුක් දිහා බලන් හිටපු සේහි ඇරලා තිබුන ජනේලයෙන් පිටත බැලුවෙ එලියෙ වහිමින් තිබුන වර්'ශාව එකවරම වැඩි වෙලා අමුතු දම් පාට ආලෝකයක් ඇවිදින් නේද කියන එක සනාථ කර ගන්න.

STILL WITH YOU | JJK AU | ✔️Where stories live. Discover now