chapter 09

787 253 64
                                    

Still With You ( Fan Fiction Only )
_Chapter 09_

____________________________________

함께 울고 ..

hamkke ulgo..

We cried together..

අපි එකට ඇඩුවා..

____________________________________

" තේහ්‍යුන් ඔප්පා..?"

" හායි.."

" හායි.." සේහි ඒ වෙනකොටත් හොදටම තිගැස්සිලා හිටියෙ. ඒ ඇරුනම තේහ්‍යුන්ගෙ ගැබුරු ඇස් දැක්කම ඇය තවත් තිගැස්සුනා.

" මොකද මේ බයවෙලා..?" තේහ්‍යුන් කට කොනින් හිනාවෙලා සෝෆා එක උඩ කකුලක් උඩ කකුලක් දාගෙන වාඩිවුනා.

" අහ්.. නෑ.. ඒත් ඔයා මේ වෙලාවෙ..?" සේහි හෙමින් තේහ්‍යුන්ගෙ බැල්ම මග ඇරියා.

" විශේෂයක් නෙවේ. ඔයාව බලන්න හිතුනා.. ඉතින් මන් ආවා.."

තේහ්‍යුන් කිව්වෙ හරියට ලොකු හපන්කමක් කරපු පොඩි එකෙක් වගේ කටේ දෙපැත්ත ඇස් වල ගෑවෙන්නම හිනාවෙලා. ඒත් එක්කම සේහි ඔහු දිහා බැලුවා. ඇයට හිතා ගන්න බැරිවුනා මේ අර ගැඹුරු බැල්මක් තියන තේහ්‍යුන්මද කියලා. මොකද ඒ වෙලාවෙ ඒ ඇස් වල තිබුන සැහැල්ලු බව.. ඒ වගේම ඒ හිනාව.. මන්දා.. මුලු ජොන් පවුලම සෑහෙන්න අමුතුයි. ආපහු එහෙම හිතලා සේහි ඉවත බලා ගත්තා.

" ඉන්න ඔප්පා.. මන් බොන්න මොනව හරි අරන් එන්නම්.."

" නැහැ.. මන් හොටෙල් එකට ගිහින් ආවෙ.. ඒ නිසා දැන් ආපහු කන්න බෑ.." සේහිට ඕනි වුනේ මොහොතකට තේහ්‍යුන්ගෙන් බේරෙන්න වුනත් ඒ උත්තරෙත් එක්ක එයාට ගැලවීමක් නැති වුනා.

" අහ්.. ඒත්..!"

" නෑ.. ඇත්තටම මට බඩගිනි නෑ.. ඔයා මෙතනින් වාඩි වෙන්නකො.. අපි කතා කරමු.."

සේහිට කොහොමටවත් පුලුවන් කමක් තිබුනෙ නෑ තේහ්‍යුන්ගෙ ඇස් වල තිබුන ඒ හැගීම තේරුම් ගන්න. ඇත්තටම ඒ හැගීම සහෝදරයෙක් සහෝදරියක් වෙත දෙන හැගීමද? එහෙමත් නැත්නම් ඊට හාත්පසින්ම වෙනස් හැගීමක් ද කියලා සේහි බැරිම වෙලාවත් එවෙලෙ තේරුම් ගත්තා නම් සමහර විට ඇයගෙ හිත ටිකක් හරි නිදහස් වෙන්න තිබුනා. ඒ වුනත් එහෙම වුනේ නෑ.

STILL WITH YOU | JJK AU | ✔️Where stories live. Discover now