chapter 12

785 258 84
                                    

Still With You ( Fan Fiction Only )
_Chapter 12_

____________________________________

눈을 보고 말할래요
보고 싶었어요

Nuneul bogo malhallaeyo
Bogo sipeosseoyo

I will look into your eyes
And say I missed you

මම ඔබේ දෑස් දෙස බලා පවසන්නම්
මට ඔබ නැතුව පාලුයි කියා

____________________________________

දවල් ආහාරය ගත්තු සේහි ඒ වෙනකොටත් හිටියෙ ජොන් මන්දිරයේ බිම් මහලෙ තිබුන දෙවෙනි කාර්යාල කාමරේ. ජොන් මන්දිරයේ තිබුන සියලුම සේවක සේවකයන්ගෙ විස්තර ඇතුලත් ලිපි ගොනු තිබුනෙ ඒ කාමරයේ. මිසිස් ජොන් කියලා දුන්න විදිහට ඉක්මනින් වැඩ කරන්න පටන් ගන්න ඕනි වුනත් සේහිට ඊට කලින් සේවක සේවිකා වාර්තා පරීක්ශා කරන්න ඕනි වුනා. ඒ නිසාම ඇය ටික වෙලාවක් අරගෙන ඒ ලියකියවිලි පිරික්සන්න ගත්තෙ ගත වෙලා යන කාලෙ ගැන කිසිම නිනව්වක් නැතුව.

වෙලාව රෑ අටට ළං වෙනකලුත් සේහිට වෙලාව ගැන අවධානයක් වුනේ නෑ. අන්තිමට ඇය ඔෆිස් රූම් එකෙන් එලියට ආවෙ මේඩ් කෙනෙක් ඇවිත් රෑ කෑමට කතා කළාම.

" අහ්.. එන්න දුව.."

කෑම මේසය වටේ දැනටමත් හැමෝම වාඩිවෙලා හිටියත් සේහිට එකපාරටම කිසියම් හිස්තැනක් දැනුනා.

" මම්..?"

" දුව.. පුතා අද කෑමට එන්නෑ කිව්වා.."

" අහ්.."

" අද එයා ඔෆිස් අපාට්මන්ට් එකේ ඉන්නවා කිව්වා. ඉවර කර ගන්න බැරි වැඩ ගොඩක් තියනවලු. හෙට නම් අනිවාරෙන් එනවා කිව්වා.."

" හරි මම්.."

කොච්චර ප්‍රශ්න තිබුනත් ජොන් ජන්කුක් නැති කෑම මේසෙ පවා සේහි දැක්කෙ සොහොනක් විදිහට. එච්චරටම පාලු පෙනුමක් එතන තිබුනා. නෑ.. එතන තිබුනා නෙවෙයි. සේහිට දැනුනා. ඔව්.. ඒකෙ කිසිම වැරැද්දක් නෑ. ඒක පාර්ශ්වික වුනත් ඒකත් ආදරයක්නෙ.

" අනේ දුව.. අදට ඒ ගැන හිතන්නැතුව කාලා ඉන්නකො. පුතා හෙට එනවනෙ.."

සේහි මලානික විදිහට හිනාවෙලා කෑම මේසෙන් අසුන් ගත්තා.

" නෑ.. හෙට රෑ වෙනකල් ඉන්න ඕනි නැහැ දුව. ඔයා හෙට උදෙන්ම ඔෆිස් එකට යන්න.." සර් ජොන්ගෙ කතාවත් එක්ක සේහි බොන්න ගත්තු වතුර වීදුරුවත් ආපහු මේසෙ උඩින් තියලා සර් ජොන් දිහා පුදුමෙන් බැලුවා.

STILL WITH YOU | JJK AU | ✔️Where stories live. Discover now