chapter 05

825 245 107
                                    

Still With You ( Fan Fiction Only )
_Chapter 05_

____________________________________

어두운방 조명 하나 없이
익숙해지면 안 되는데

Eoduunbang jomyeong hana eopsi
Iksukaejimyeon an doeneunde

With no light in the darkroom
I shouldn't get used to it

අදුරු රාත්‍රියෙහි ආලෝකයක් නැතිව සිටීමට මම පුරුදු නොවිය යුතුය,

____________________________________

විවාහයට තිබුනෙ තව දවස් දෙකක් විතරයි. ජොන් මන්දිරයේ දෙවන මහල සම්පූර්ණයෙන්ම වෙන් වෙලා තිබුනෙ ජොන් ජන්කුක්ගෙ විවාහ මන්ගල්‍යයට. දැනටම සේවක සේවිකාවන් අසූ ගානක් ඒ මහලෙ වැඩ කලේ සැරසිලි කටයුතු සහ අනිත් හැම වැඩක්ම වෙනුවෙන්.

" හායි.." නාදුනන කටහඩක් නිසා සේහි මොහොතකට ගැස්සුනා.

" හා..යි.."

" ඔයාගෙ නම සේහි නේද..? මගේ නන්ගි.. නැහැ.. නෑනා.. එනිවේ නන්ගි කියන එක ලේසි.."

" අ..හ්.."

" මම ජොන් තේහ්‍යුන්.. ජන්කුක්ගෙ හ්‍යුන්.."

තද දුඹුරු පාට ඇස්, ගැඹුරු බැල්ම, ගැඹුරු කටහඩ.. වැලමිට ගාවට නවලා තිබුන කමිසය නිසා හොදින් පෙනුනු කිරිගරුඩ හම.. ඇත්තටම අමුතු හැගීමක්.. ඒ වුනත් ඒ කඩවසම් හෝ සිත් ඇදගැනීමේ විලාසය සේහිට නම් තවත් හැගීමක් ගෙනාවෙ නෑ. සේහි හැම දේකම වගේ දැක්කෙ හිස් බවක්.

" හායි තේහ්‍යුන්ශී.. මන් සේහි.."

" නෝප් ගර්ල්.. ඔයාට මිසිස් ජන්කුක් කියන එක ලේසිනේ.. එනිවේ.. මට නම් කුක්ගෙ ස්පව්ස්.."

" ..."

" ඔයා තාම බයෙන් වගේ.. බය වෙන්නෙපා.. ටික කාලයක් යද්දි ඔයා හැම දේටම හුරු වෙයි.."

තේහ්‍යුන්ගෙ වචන හරියට භාවනාවක් වගේ. ඒ වුනත් ඒ භාවනාවට සම වැදෙන්න තරම් මානසිකත්වයක් සේහි ලග තිබුනෙ නෑ.

" සේහි ඔයා අහගෙන නෙවෙයි ඉන්නෙ.."

" අහ්.. සමාවෙන්න තේහ්‍යුන්ශී.."

" මට ඔප්පා කියන්න.. මන් ඔයාගෙ අයියා..!"

" හරි තේහ්‍යුන්ශී.."

STILL WITH YOU | JJK AU | ✔️Where stories live. Discover now