𝐂𝐡𝐚𝐩𝐭𝐞𝐫 3🥀

364 98 9
                                    

Back to past🥀

ඩොක්ටර් එක්ක කතා කලාට පස්සෙ ජන්කුක් මලානිකව ජින්,නම්ජුන් හිටපු තැනට ආවා.ජින් ලගට ගියපු ජන්කුක් ජින්ව බදාගෙන අඩන්න ගත්තෙ ජින්වයි නම්ජුන්වයි තවත් බය කරලා.

"හියුන් මගේ ජෙනී."

"ජන්කුක් අඩන්න නැතුව මොකක්ද වෙලා තියෙන්නෙ කියලා කියන්නකො පැටියො."

"හියුන් මගෙ ජෙනීට ජීවත් වෙන්න තව මාසෙක කාලයක් විතරයිලු තියෙන්නෙ."

"මො.මොකක් ජන්කුක් ඔයා බොරු නේද කියන්නෙ."

"නෑ හියුන් මට දැන් ඩොක්ටර් කිව්වෙ."

"ඩොක්ටර් ජේනිව සනීප කරගන්න ක්‍රමයක් කිව්වෙ නැද්ද ජන්කුක්"

නම්ජුන් කතාවට මැදි වෙලා ඇහුවා.ජන්කුක් ජින් දෙන්නම හුගක් මේ වෙලාවෙ කලබල වෙලා හිටියෙ.නම්ජුනුත් කලබල වෙලා උන්නත් එයා ඒක පිටට නොපෙන්වා ඉන්න උත්සාහ කලා.

"ඔව් හියුන්".

"කොහොමද ඒ"

"ජෙනීගෙ ලේ වර්ගයට ගැලපෙන හදවතක් මේ මාසය ඇතුලත ඕන කිව්වා."

"ජෙනීගෙ ලේ වර්ගය මොකක්ද ටේ."

"O possitive."

"O possitive කියන්නෙ ගොඩක් දුර්ලබ ලේ වර්ගයක්නෙ."

"අපි මේකට මොකක්ද කරන්නෙ ජුනී."

ජින් නම්ජුන්ගෙන් ඇහුවා.

"මට එක අයිඩියා එකක්නම් තියෙනවා."

"ඒ මොකක්ද හියුන්."

"මෙහෙමයි.අපි ලේ දන්දීමේ වැඩසටහනක් තියමු.එතකොට එතනට එන අයගෙන් o possitive ලේ වර්ගය තියෙන කෙනෙක් හම්බුනොත් අපි එයාත් එක්ක මේ ගැන අහලා බලමු."

"ඒක හොද අයිඩියා එකක් හියුන්.අපි එහෙම කරමු."

ජිනුත් නම්ජුන්ගෙ අදහසට එකග වුනා.

Back to present🥀

ජිමින් ජන්කුක්ට කන්න හදලා එයා කෑවට පස්සෙ ඔක්කොම අස් කරලා එයාගෙ කාමරේට ගියා.ජින් කලින්ම ජිමින්ට ජන්කුක් එයාගෙ නංගි නැති වුන දවසේ ඉදන් එයාගෙ හැසිරීම ඔය වගේ කියලා කියලා තිබ්බ නිසා ඒ ගැන වැඩිය ගනන් ගත්තෙ නෑ.

ජිමින් කාමරේට ගිහිල්ලා එයාගෙ ඩයරිය අරන් ලියන්න පටන් ගත්තා.

2021/08/28

හියුන් ඔයා දන්නවද අද මං මැරි කලා.ඔයාගෙන් මං ලියුමක් එනකන් බලන් ඉන්නෙ හියුන්.මීට මාස හයකට කලින් ඔයාගෙන් ලියුමක් ආවට පස්සෙ මට ඔයාගෙන් ලියුමක් ආවෙම නෑ.ඔයාට මොකක් හරි කරදරයක්ද හියුන්.🥺🥺ඔයාගෙ මොචීට ගොඩක් පාලුයි.මං මැරි කරපු කෙනාගෙ නම ජියොන් ජන්කුක්.එයා හරි නිශ්ශබ්ද කෙනෙක්.☹️එයාගෙ නංගි නැති වුන දවසෙ ඉදන් එයා එහෙමලු.ඒ නිසා මං ඒක වැඩිය ගනන් ගන්නෙ නෑ..🙄කොහෙ හිටියත් කමක් නෑ හියුන් පරිස්සමින් ඉන්න.ඔයාගෙ මොචී බලන් ඉන්නවා.🖋️

༒︎༒︎༒︎༒︎༒︎༒︎༒︎༒︎༒︎༒︎༒︎༒︎༒︎༒︎༒︎༒︎

හායිම්.🙂
ජිමින්ගෙ හියුන් කවුද.🙄

බායි.

𝐈 𝐚𝐦 𝐬𝐨𝐫𝐫𝐲|𝐯𝐢𝐦𝐢𝐧𝐤𝐨𝐨𝐤[𝑪𝒐𝒎𝒑𝒍𝒊𝒕𝒆𝒅✓]Where stories live. Discover now