Chapter 27🥀

246 73 3
                                    

Back to present🥀

Jimin Pov...

අද උදේම නැගිටලා උදේ කෑම හදලා මං ජන්කුක්ව ඇහැරවන්න ගියා.මං යනකොටත් එයා ඇහැරිලා වොශ් එකක් දාගන්න ගිහිල්ලා.එයා ඇහැරිලා නිසා මං පහලට ගිහිල්ලා ජන්කුක් හියුන්ට ගෙනියන්න කෑම ලෑස්තී කලා.

ජිමින්..

හියුන් මට කතා කරපු නිසා මං හැරිලා බැලුවා.

ඇයි හියුන්.🙄

හැපි බර්ත්ඩේ ජිමින්.

අද මගේ බර්ත්ඩේ එක.හිතුවේ නෑ හියුන් විශ් කරයි කියලා.🙂ඇයි ඉතින් කොයි වෙලෙත් අර කාමරේ අස්සෙනෙ.😕

තෑන්ක්ස් හියුන්.

ආහ්ම් මං ඔයාට ගිෆ්ට් එකක් ගත්තා.😌

ගිෆ්ට් එකක්.මේ මට

ඔව් ඔව් ඔයාට තමයි ආහ් ගන්න.

හියුන් මගෙ දිහාට දික් කරන් ඉදපු ගිෆ්ට් එක මං ගත්තා.මං ඒක දිහා බලන් ඉද්දි ආයි හියුන් මට කතා  කලා.

බලන් ඉන්නෙ මොනාද ගිෆ්ට් එක අරින්නෙ නැද්ද?

ආහ් ඉන්න හියුන් මං බලන්නම්.

මං හියුන් දිහා බලලා කියනකොටයි මං දැක්කෙ හියුන් ශර්ට් එකේ ඉස්සරහා කොලර් එක හරියේ තිබ්බ රතු පාට පැල්ලම.

හියුන් ඔය මොනාද රතු පාට පැල්ලමක් ශර්ට් එකේ තියෙන්නෙ.කොහෙද ඔයාගෙ තුවාල වුනේ.

ආහ් ජිමින් ඒ ලෙ නෙමේ.සෝස් වෙන්න ඇති.අද උදේ මම සෝස් බෝතලේ ඇරියා ඒකෙන් ගෑවෙන්න ඇත්තේ.

හියුන් හිනාවෙලා කිව්වා.මාත් ඒක විශ්වාස කරලා ආයි ගිෆ්ට් එකට අවධානය දුන්නා.

ආහ්ම් ජිමින් ඔයා ගිෆ්ට් එක බලන්නකො.මං චේන්ජ් කරන් එන්නම්.

හියුන් ගියාට පස්සෙ මං ගිෆ්ට් එක ඇරලා බැලුවා.ඒක ඩ්‍රීම්කැට්චර් එකක්.🥺🥺🥺මගේ ඩ්‍රීම්කැට්චර් එක කැඩුන නිසා එකක් හදන්න ගිහිල්ලා අතත් තුවාල කරගත්තා මං.ඒ නිසා හියුන්ගෙන් මං බැනුනුත් ඇහුවා පන්ඩිත වැඩ කරන්න යනවා කියලා.

හරි හරි ඒක එච්චර ලොකු තෑග්ගක් නෙමේ තමා.😕ඒත් මට ඒක හුගක් වටිනවා.මොකද මට ටේ හියුන් අරන් දුන්නෙ ඒ ඩ්‍රීම්කැට්චර් එක.ජන්කුක් හියුන් අරන් දුන්න ඩ්‍රීම්වැට්චර් එකත් ටේ හියුන් අරන් දුන්න එක වගේමයි.🥺🥺

ඒක ලස්සනයිද?

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ඒක ලස්සනයිද?

ජන්කුක් හියුන් චේන්ජ් කරන් ඇවිල්ලා තිබ්බා.මං ඩ්‍රීම්කැට්චර් එක මේසෙ උඩින් තියලා ජන්කුක් හියුන්ව හග් කලා.

තෑන්ක්ස් හියුන්.ඒක ගොඩක් ලස්සනයි.🥺

ඔයා කැමතිනම් කමක් නෑ.එහෙනම් මං ගිහින් එන්නම් ජිමින්.

හියුන් මගෙ නලල කිස් කරලා කිව්වා.හියුන් හැමදාම වැඩට යද්දි මගෙ නලලට කිස් එකක් දීලා යන්නෙ.මං ඒකට හුගක් ආසයි.මට ගොඩක් වෙලාවට ජන්කුක් හියුන් ලග ඉන්නකොට ටේ හියුන් ලගදි දැනුනා වගේම ආරක්ශාවක් දැනෙනවා.

මං ගිහින් එන්නම් ජිමින්.

හියුන් ගියාට පස්සෙ මං ඩ්‍රීම්කැට්චර් එක කාමරෙන් එල්ලලා කතන්දර පොතක් අරගෙන ඇවිල්ලා සෝෆා එකෙන් ඉදගෙන ඒක කියවන්න පටන් ගත්තා.

ටිකකින් කවුරුහරි දොරට තට්ටු කරන්න පටන් ගත්ත නිසා මං ගිහිල්ලා දොර ඇරියා.මං හිතුවෙ ජන්කුක් හියුන් වෙන්න ඇති කියලා.ඒත් එතන හිටියේ කීයටවත් හිතපු නැති කෙනෙක්.

ජින් හියුන්.😮😮😮

කොහොමද මගෙ චූටියෝ.😌🥀

༒︎༒︎༒︎༒︎༒︎༒︎༒︎༒︎༒︎༒︎༒︎༒︎༒︎༒︎༒︎༒︎

@𝑸𝒖𝒆𝒆𝒏_𝑷𝒋𝒌𝒎_𝑱𝒊𝒏𝒏𝒊𝒆🖋️

𝐈 𝐚𝐦 𝐬𝐨𝐫𝐫𝐲|𝐯𝐢𝐦𝐢𝐧𝐤𝐨𝐨𝐤[𝑪𝒐𝒎𝒑𝒍𝒊𝒕𝒆𝒅✓]Where stories live. Discover now