Chapter 21🥀

282 72 1
                                    

Back to past🥀

Kim seokjin Pov...

මං හිටියේ ජෙනීගෙ රූම් එකේ සෝෆා එකේ වාඩිවෙලා.ජෙනීට තාම සිහිය ඇවිල්ලා නෑ.ජන්කුක් එයා ලගට වෙලා හිටියා.ජුනීත් ජන්කුක් ලගට වෙලා හිටියා.මොනා වුනත් මේ වෙලාවෙ කොල්ලා ගොඩක් දුර්වලයි.වෙනදට මං තමා ජන්කුක් ලග මේ වගේ වෙලාවක ඉන්නෙ.ඒත් අද මට එහෙම කරන්න තරම් ශක්තියක් නෑ.

ටිකකින් ජුනී ඇවිල්ලා සෝෆා එකේ මගේ එහා පැත්තෙම ඉදගෙන මගේ උරහිස්සට ඔලුව තියාගත්තා.මාත් එක අතකින් ජුනීගෙ ඔලුව අතගාන්න පටන් ගත්තා.

ඇයි ජින් මට ඒක කිව්වෙ නැත්තෙ?

ජුනී මගෙන් ඇහුවම මං මුකුත් නොකියා සද්ද නැතුව හිටියා.මං මොනා කියන්න්ද?ටේ ඔයා මාව ලොකු අමාරුවක දැම්මෙ.

ජින්...

ජුනී මගෙන් සද්දයක් නැති නිසා මගෙ උරහිසෙන් ඔලුව අරන් මාව එයාගෙ පැත්තට හරෝ ගත්තා.

ඇයි ජුනී?

ඇයි මට කිව්වෙ නැත්තේ?

මොකක්ද?

ටේහ්‍යුන්ග් කියන්නෙ ඔයාගෙ මල්ලි කියලා.කිව්වනම් මං ජන්කුක්ට කියනවනෙ.

ඔන්න ඔය හේතුව මත තමා ටේ මට කලින්ම කිව්වෙ කාටවත් ඔය ගැන දැනගන්න තියන්න එපා කියලා.

ඒ කිව්වෙ?

ඉතින් ඔයා ජන්කුක්ට ඒක කිව්වම ජන්කුක් අනිවාර්‍යයෙන් ටේ වෙනුවට වෙන කෙනෙක් හොයාගන්නවනෙ.

ඉතින් ඒකනෙ වෙන්න ඕන.

කවුද දැන් එහෙම කිව්වෙ?

මං හිනාවෙලා ජුනීගෙ කම්මුලක් අතගාන ගමන් කිව්වා.

ජින් ඒ ඔයාගෙ මල්ලි.

ඔව් මල්ලි තමා.

ඉතින් ඔයා දැන් මට කියන්නෙ එයා ඕනකමින් ජෙනීට හදවත දෙන්න කැමති වුනා කියලද?

ඔව් එහෙම තමා ජුනි.

ආහ් ජින් මට තේරෙන්නෙ නෑ.මට මුල ඉදන් කියන්න.ටේ ඔයාගෙ මල්ලි වෙන්නෙ කොහොමද?එතකොට එයා ජන්කුක්වයි ජෙනීවයි දන්නෙ කොහොමද?

හෝව් හෝව් ජුනී ඔයා ඒ පාර මගෙ ජොබ් එක භාර අරගෙනද?වෙනදට මමනෙ ඔහොම ප්‍රශ්න අහන්නෙ.

ජුනී ඒකට එයාගෙ ඩ්ම්පල් හිනාව දැම්මා.

ඇත්තටම මට මුකුත් තේරෙන්නෙනෑ.ඔයා දන්නවද අර වෙලාවෙ ජන්කුක් ටේ ගැන කියලා අඩනකොට මාව මොංගල් වුනා.ඒ මදිවට ඔයා ජන්කුක්ට බනින්න ගත්තම මාව ආයිත් මොංගල් වුනා.

හරි හරි ජුනී මට ඔයාගෙ තත්වෙ වැටහෙනවා.ඔක්කොටම කලින් කියන්න ජන්කුක් කොහෙද දැන්?

අර ඉන්නෙ ජෙනී ගාව.නින්ද ගිහිල්ලා මං හිතන්නෙ.

ජන්කුක් ජෙනීගෙ ඇද ගාව තිබ්බ පුටුවෙ ඉදගෙන ඇදට ඔලුව තියන් නිදන් හිටියා.ජන්කුක් නිදි නිසා මං ආයි ජුනී දිහාට හැරුනා.

දැන් ඔයාට මොන ටිකද දැනගන්න ඕන ජුනී?

මට ඔක්කොම දැනගන්න ඕන.ආහ් ඒක නෙමේ ජින් මොකක්ද අර අම්මලා දෙන්නෙක්ගෙ කතාව?

ඒක ලොකු කතාවක් ජුනී.

ඒක මට කියන්න බැරිද?

පුලුවන්.අනික මං කවදහරි ඔයාට මේවා කියන්න ඕනනෙ.මං ඔයාට මුල ඉදන් කියන්නම්.

මං ජුනීගෙ ඔඩොක්කුවෙන් ඔලුව තියාගෙන කකුල් දෙක සෝෆා එක උඩට අරන් හාන්සි වුනා.ජුනී මගේ කොන්ඩෙ එයාගෙ අතින් මසාජ් කරන්න පටන් ගත්තම මං ඇස් දෙක පියාගෙන කතාව කියන්න පටන් ගත්තා.🥀

༒︎༒︎༒︎༒︎༒︎༒︎༒︎༒︎༒︎༒︎༒︎༒︎༒︎༒︎༒︎༒︎༒︎

රවුටරේ ප්‍රශ්නයක් නිසා පරක්කු වුනේ.☹️☹️නිදිමරගාතෙ ලිව්වෙ.ඒ නිසා typing mistake ඇති.☹️😂ගනන් ගන්න එපා.

@𝑸𝒖𝒆𝒆𝒏_𝑷𝒋𝒌𝒎_𝑱𝒊𝒏𝒏𝒊𝒆🖋️

𝐈 𝐚𝐦 𝐬𝐨𝐫𝐫𝐲|𝐯𝐢𝐦𝐢𝐧𝐤𝐨𝐨𝐤[𝑪𝒐𝒎𝒑𝒍𝒊𝒕𝒆𝒅✓]Where stories live. Discover now