Chapter 4🥀

342 85 3
                                    

Back to past🥀

ජන්කුක් ජියොන් ආයතනයේ ඔහුගේ කාර්‍යාල කුටියට වී කෝපි කෝප්පයක් පානය කරමින් තමන්ගේ නැගනිය වන ජෙනී පිලිබද කල්පනා කරමින් සිටියා.

ජන්කුක් මං ඇතුලට එන්නද?

ආ එන්න හියුන්.

ජන්කුක් කෝපි කෝප්පය මේසය මත තබමින් තමාගෙ කාර්‍යාල කුටියට පැමිණි නම්ජුන් දෙස බැලුවා.

ඇයි හියුන්?

ආහ් ජන්කුක් ඔයා අර ප්‍රශ්නෙ ගැන හිතුවද?

ආහ් ඒකද හියුන්.තාම නෑ.මං දැන් hospital එකට ගිහිල්ලා ජෙනීවත් බලලා මගේ ලේ ටෙස්ට් කරන්න හිතන් ඉන්නෙ.

එතකොට ජන්කුක් දැන් ඔයා...

ජෙනී වෙනුවෙන් මං ඕන දෙයක් කරනවා හියුන්.එහෙනම් මං ඔයාට ඒ ගැන කල්පනා කරලා කියන්නම්.

හරි ජන්කුක් පරිස්සමින්.

නම්ජු ජන්කුක්ගෙ උරහිස මත අත තබලා පැවසුවා.ජන්කුක් නම්ජුන්ට හිනා වී ජියොන් ගොඩනැගිල්ලෙන් පිටතට පැමිණ තමන්ගෙ BMW රථයට නැග පිටත් වුනා.

Hoapitel එකට පැමිණ ජන්කුක් ප්‍රථමව ජෙනී සිටි VIP රූම් එකට ගොස් ජෙනීව හමුවී සිටින්න තීරණය කලා.

ඔප්පා

ජෙනී කොහොමද ඔයාට?

මම හොදින් ඔප්පා.

ජෙනී ජන්කුක්ව වැලදගෙන පැවසුවා.

මොකද ලමයෝ හොදටම අමාරු වෙනකන් උන්නෙ.

සොරි ඔප්පා.මට තිබුණේ ඔලුවෙ කැක්කුමක් විතරයිනෙ ඒකයි..

හරි හරි ඒකට කමක් නෑ.දැන් ඔයාට අවුලක් නෑනෙ.මං පොඩ්ඩක් ඩොක්ටර් මින්ව හම්බෙලා එන්නම්.

ජන්කුක් ජෙනීගෙ නලලට හාදුවක් දීලා ඩොක්ටර් මින්ගෙ කාර්‍යාල කාමරයට ගමන් කලා.

Excuseme Docter Min.

ආහ් එන්න මිස්ටර් ජියොන්.

ජන්කුක් කාමර ඇතුලට පැමිණ ඩොක්ටර් මින් ඉදිරියේ තිබූ ආසනයේ හිදගත්තා.

මොකක්ද මගෙන් වෙන්න ඕන මිස්ටර් ජියොන්.

ආහ් මට blood test එකක් කරගන්න ඕන ඩොක්ටර් මින්.

ආහ් පොඩ්ඩක් ඉන්න මිස්ටර් ජියොන්.

ඩොක්ටර් මින් තමන්ගෙ දුරකතනය ගෙන තමන්ගෙ සහයකයා වන හෝස්ක්ට ඇමතුමක් ගෙන තමන්ගෙ කුටියට පැමිණෙන ලෙස දැනුම් දුන්නා.

ඇයි ඩොක්ටර් මින් මට එන්න කිව්වෙ.

ආහ් හෝසොක් මිස්ටර් ජියොන්ට bood test එකක් කරන්න ඕනලු.මිස්ටර් ජියොන් ඔයා හෝසොක් එක්ක යන්න.

තෑන්ක්ස් ඩොක්ටර්.

ජන්කුක් ආසනයෙන් නැගිට හෝසොක් නැමැති තරුණයා පසු පස ගියා.රෝහලේ වාට්ටු අංශයෙන් ඉවත් වී වෙනත්ම ගොඩනැගිල්ලකට පැමිණ එහි තිබූ දෙවෙනි කුටියේ දොර විවර කර හෝසොක් ජන්කුක්ට ඇතුලට පැමිණෙන ලෙස පැවසුවා.

ඔතන ඉදගන්නකො මිස්ටර් ජියොන්.

ජන්කුක් පෙන්වූ ආසනයෙන් ඉදගෙන වට පිටාව පිරික්සමින් සිටියා.ටිකකින් හෝසොක් පැමින ජන්කුක්ගෙන් රුධිර සාම්පලයක් ගෙන එය පරික්ශකාගාරයට ගෙන ගියා.

විනාඩි පහලවකින් පමණ හෝසොක් පැමිණ ජකුක්ට කතා කලා.

ආහ් මිස්ටර් ජියොන්.

ඔව් කියන්න මිස්ටර් හෝසෝක්.

මං හිතන්නෙ ඔයා මිසිස් ජියොන් වෙනුවෙන් වෙන්න ඇති මේ blood test එක කරන්න ඇත්තෙ.

ඔව් මිස්ටර් හොසෝක්.

ආහ් ඒත් සොරි මිස්ටර් ජියොන්.

එහෙම කියන්නෙ ඇයි මිස්ටර් හෝසොක්.

ජන්කුක් හිදගෙන සිටි ආසනයෙන් නැගී සිටිමින් විමසුවා.

ඔයා මේක බලන්නකො.එතකොට තේරෙයි.

හෝසොක් ජන්කුක් දෙසට කොලයක් දිගු කර පවසා එතනින් පිටත් වුනා.ජන්කුක් හෝසොක් දුන් කොලය දෙස බලා දිගු හුස්මක් පිට කලා.

༒︎༒︎༒︎༒︎༒︎༒︎༒︎༒︎༒︎༒︎༒︎༒︎༒︎༒︎༒︎༒︎༒︎༒︎

ටික කාලයක් යනකන් අතීතය තමා.🙂🖋️

බායි.

𝐈 𝐚𝐦 𝐬𝐨𝐫𝐫𝐲|𝐯𝐢𝐦𝐢𝐧𝐤𝐨𝐨𝐤[𝑪𝒐𝒎𝒑𝒍𝒊𝒕𝒆𝒅✓]Where stories live. Discover now