Chapter 24🥀

285 74 2
                                    

Back to past🥀

Jennie Pov...

ඔප්පා ගියපු ගමන් මං ඔප්පගෙ ඇද උඩ තිබ්බ ඩයරිය අතට අරගෙන ඇද උඩින් ඉදගත්තා.ඊටපස්සෙ ඒක කියවන්න පටන් ගත්තා.මං මේ දවස් ටිකේම දැක්කා ඔප්පා මේ ඩයරිය කියාවනවා.කියවන ගමන් සමහරක් වෙලාවට අඩනවත් එක්ක.

දැන් ටිකකට කලින් ඔප්පා ප්‍රශ්නයක් තියෙනවද කියලා ඇහුවමත් කිව්ව ටයිටැනික් ෆිල්ම් එකේ කතාවනම් බොරු කියලා මං දන්නවා.සමහරක් විට ඔප්පග්‍ර් වෙනස්වීමට හේතුව මේ ඩයරියෙ තියෙන්න පුලුවන්.

මං ඩයරියේ මුල ඉදන් කියවන්න පටන් ගත්තා.මේ ඩයරිය ටේ ඔප්පගෙනෙ.😯ඒත් ටේ ඔප්පගෙ ඩයරිය කොහොමද ඔප්පා ගාවට ආවෙ.ආහ් හරි ඉතින් ටේ කියන්නෙ ඔප්පගෙ boyfriend නෙ.ඉතින් එයාගෙ ඩයරිය ඔප්පා ගාව තිබ්බා කියලා මුකුත් වෙන්නෙ නෑනෙ .මටත් පිස්සු.

ඒත් එදා මගෙ ඔපරේශන් එකෙන් පස්සෙ ටේ ඔප්පා ආවෙම නෑනෙ මාව බලන්න.කලින්නම් මං හොස්පිට්ල් එකේ ඉද්දිනම් බලන්නත් ආවා.ඇයිද දන්නෙ නෑ.ඔප්පා එක්ක තරහා වෙලාද දන්නෙ නෑ.ඒකද දන්නෙ නෑ ඔප්පා අප්සට් මූඩ් ඉන්නෙ.🙄අනේ ජෙනි අනුන්ගෙ ඒවා හොයන්නෙ නැතුව පාඩුවෙ ඉන්න.අනික අනුන්ගෙ ඩයරි කියවන එකත් හොද වැඩක් නෙමේ.😌😕

මං ඇදෙන් නැගිටලා ඩයරිය වහලා පැත්තකින් තියන්න හදනකොටම ඒක ඇතුලෙ තිබ්බ කොලයක් බිමට වැටුනා.මොකක්ද ඒ.

මං කොලේ අහුලලා බැලුවා.ඒකෙ තිබ්බෙ heart transplation operation එකක ඩීටෙයිල්ස් වගයක්.මේක කොහොමද ඔප්පා ගාවට ආවෙ.😕මං නිකමට ඒකෙ තිබ්බ නම බැලුවා.

මොකක්..😥😥😥මේක මගේ ඔපරේශන් එකේ එකනෙ.එතකොට මගේ ඇතුලෙ තියෙන්නෙ ටේ ඔප්පගෙ හදවතද?ඒකද ඔප්පා මාව බලන්න ආවෙ නැත්තේ.🥺😥

මං කොලේ අතේ හියන් කල්පනා කර කර ඉද්දි මගෙ ඇස්වලින් වැටෙන කදුලුවලින් කොලේ තැනින් තැන තෙමුනා.ඒත් මං තාමත් කොලේ තියන් කල්පනා කලේ මං දැක්ක දේ ඇත්තක්ද කියලා?එතකොටම මගේ අතේ තිබ්බ කොලේ කවුරුහරි උදුරලා ගත්තා.

මං ඔලුව උස්සලා බැලුවම ඔප්පා මං දිහා බලන් ඉන්නවා.එයාගෙ ඇස්වලත් කදුලු පිරිලා.හරියට ගොඩක් හංගන්න උත්සාහ කරපු දෙයක් එලිවුනා වගේ.ඔප්පගෙ ඇස් වල ලොකු පසුතැවීමක් තිබුනා.

ඔප්පා ටේ ඔප්පට කොච්චර ආදරේ කලාද?එයා කොච්චර මහන්සි වුනාද ඔප්පව හොයන්න.ඔප්පා එයාගෙ ආදරේ හොයාගෙන කියලා දැනගත්තම මං ගොඩක් සතුටු වුනා.ඒත් දැන්.🥺🥺🥺මගේ මෝඩකම තමා මේ හැමදේටම හේතුව.

ඔප්පා.ඒ ටේ ඔප්පද?

ඔප්පා මුකුත් කියන්නෙ නැතුව ඔලුව හොල්ලපු එක විතරයි කලේ.මං ඇයි එයාලට ඇත්ත නොකිව්වෙ.🥺🥺🥺

ඔප්පා මට එයාව බලන්න ඕන.

ජෙනී අහන්නකො මක් ඔයාව පස්සෙ එක්කන් යන්නම්.

නෑ ඔප්පා මට මේ දැන් යන්න ඕන.

ජෙනී ඔයාට තාම හරියට සනීපත් නෑ.කිව්වම අහන්න.

ඔප්පා මාව හග් කරලා කිව්වා.එයත් අඩනවා.මං ඔප්පව මගෙන් ඈත් කරලා එයා ඉස්සරහා ද්ණගහගත්තා.

ඔප්පා මට සමාවෙන්න.මං නිසානෙ මේක වුනේ.අනේ මාව එක්කන් යන්න.🥺🥺🥺😥

මං දණගහලා කිව්වෙ මට ටේ ඔප්පව බලන්න ඕන නිසා.මට තාමත් මතකයි පොඩි කාලෙ ඔප්පා මට කන්න බෑ කිව්වම මට අනලා කවන හැටි.🥺එතකොට මට සීතල දවස්වලට මාව තුරුල් කරන් ඉන්න හැටි.🥺🥺පොඩි කාලෙ වගේම එයා ලොකු වුනාමත් අසනීප වුන වෙලාවෙ මාව බලාගත්තා.මං නිදාගන්නකන් මගේ ඔලුව අතගගා ඉදපු විදිය හැමදේම මට මැවිලා පෙනුනා.මං තාමත් ඒ ආදරේ ඉස්සරහා අසරණයි.අම්මයි අප්පයි නැතුව පොඩි කාලෙ අනාත නිවාසෙ තනිවෙලා හිටපු වෙලාවෙ ටේ ඔප්පා තමා අපිව බලාගත්තේ.

අවුරුදු ගානකට පස්සෙ ඔප්පව දැක්කම මටබ්ගොඩක් සතුටු හිතුනා.ඔව් මං ඔප්පා දැක්ක ගමන් එයාව අදුනගත්තා.ඒ ඔප්පමයි කියලා මං අදුනගත්තේ එයාගෙ ස්පර්ශයෙන්.එයා මගේ ඔලුව අතගාද්දි මට පොඩි කාලෙ හැනුනා වගේම ආදරයක් ඒ ස්පර්ශයෙන් දැනුනා.

අනේ ජෙනී බබා අහන්නකො.🥺කෝ නැගිටින්න ඒ ඔයාගෙ වැරැද්ද නෙමේනෙ.🥺

ඔප්පා මාව නැගිට්ටවලා කිව්වා.එයා මගේ කදුලු වලින් තෙත් වෙලා තිබ්බ කම්මුල් පිහදාලා මගේ නලලට පොඩි කිස් එකක් දුන්නා.

හරි අපි යන්.

කොහොමහරි ඔප්පා කැමති වුනා.ටේ ඔප්පා මං ඔයා ලගට එනවා.🥀

༒︎༒︎༒︎༒︎༒︎༒︎༒︎༒︎༒︎༒︎༒︎༒︎༒︎༒︎༒︎༒︎༒︎

අද කතාව තේරුනේ නෑනෙ.😌ඊලග චැපියෙන් පැටලුනු තැන් ලිහාගන්න පුලුවන්.😌මේකෙ අවසානෙ මොන වගේ වේවිද?🙄

@𝑸𝒖𝒆𝒆𝒏_𝑷𝒋𝒌𝒎_𝑱𝒊𝒏𝒏𝒊𝒆🖋️

𝐈 𝐚𝐦 𝐬𝐨𝐫𝐫𝐲|𝐯𝐢𝐦𝐢𝐧𝐤𝐨𝐨𝐤[𝑪𝒐𝒎𝒑𝒍𝒊𝒕𝒆𝒅✓]Where stories live. Discover now