Chapter 23🥀

292 71 2
                                    

Back to past🥀
One week later.

Jeon jungkook Pov..

ජෙනීගෙ ඔපරේශන් එක ඉවර කරලා දැනට සතියක් වෙනවා.ටේ හියුන්ගෙ ෆියුනරිල් එකත් ජින් හියුන් භාරගෙන කලා.මට ජෙනීව බලාගෙන ඉන්න කිව්වා.

ජෙනීව බලාගන්න ගමන් ඉඩක් ලැබුණු හැම වෙලේම මං ටේහියුන්ගෙ ඩයරිය අ‍රන් ඒකේ තියෙන අපේ පොඩිකාලෙ මතක කියවන්න අමතක කලේ නෑ.

අදත් මං ජෙනීට කෑම කවලා එයාව නිදිකරවලා කාමරේට ආවේ ඩයරිය කියවන්න හිතන්.ඩයරිය කියවන ගමන් දන්නෙම නැතුව මටත් නින්ද ගිහිල්ලා.මං ඇහැරුනේ කවුරු හරි මගේ ඔලුව අතගානවා වගේ දැනුන නිසා.

ඇයි ජෙනී?

මං ඇස් දෙක ඇරලා ඇහුවා.ජෙනීගෙ ඉදගෙන හිටියේ මගේ ඇදේ අයිනෙ.මං ඇහැරිලා කියලා දැක්ක ගමන් ජෙනී ඉක්මනට ඉදගෙන හිටිය තැනින් නැගිට්ටා.

ආශ් ඔප්පා ඔයා ඇහැරුනාද?ආහ් මං ඔයාගෙ ඔලුවට පොඩි මසාජ් එකක් දදා උන්නෙ.ඔයා ඇහැරෙයි කියලා හිතුවෙ නෑනෙ.

මෙන්න මෙහෙ එනවා පන්ඩිතයා වෙන්නෙ නැතුව.

මං ජෙනීව ඇදලා අරන් මගේ ඔඩොක්කුවේ ඉන්ද ගත්තා.

මොකද අද කවදාවත් නැතුව මගේ ඔලුව මසාජ් කරන්න හිතුනේ.වෙනදට කිව්වත් කරන්නෙ නෑනෙ.

නෑ ඉතින් මේ දවස්වල ඔයාට මගේ වැඩත් කරන්න වුනානෙ.ඔයාට මහන්සි ඇති කියලා හිතුනා.

පන්ඩිත ආච්චි.

මං ජෙනීගෙ කම්මුලක් මිරිකලා කිව්වා.

ඒක නෙමේ ඔප්පා ඔයා මේ දවස්වල මොකක් හරි ප්‍රශ්නෙකද ඉන්නෙ?

ජෙනී එකපාරටම අහපු ප්‍රශ්නෙට මාව ගැස්සුනා.මට මොන ප්‍රශ්නෙ තිබ්බත් ජෙනීට ඒවා දැනගන්න තියන්න මං කැමති නෑ.විශේශයෙන්ම මේක.

ආහ් එහෙම මුකිහ් නෑ ඇයි එහෙම ඇහුවෙ ජෙනී.

නෑ ඔප්පා මේ දවස්වල වෙනද තරම් මාත් එක්ක රණඩු දාගන්නෙ නෑනෙ.වෙනදට විනාඩියක් මට සැනසිල්ලෙ ඉන්න නෑ.මොකක් හරි ප්‍රශ්නයක්ද ඔප්පා.

ආහ් නෑ අනේ.මං ඊයෙ රෑ ටයිටැනික් එක බැලුවා.ඒකෙ අවසානෙ ගැන මං මේ කල්පනා කලේ.

මං කටට ආපු බොරුවක් කියලා දැම්මා.මං ඒක කිව්ව ගමන් ජෙනී හයියෙන් හිනා වෙන්න ගත්තා.

ආපෝ ඔප්පා ඔයානම් හෙන මෝඩයිනෙ.ඒක කතාවක් විතරයිනෙ.අනික ඕක හෙන හද්ද පරණ ෆිල්ම් එකක්නෙ.

හාකො ආච්චියේ.තෑන්ක්ස් මට තේරුම් කරලා දුන්නට.

ජෙනී හිනාවෙලා මාව බදාගත්තා.මාත් ජෙනීව ආපිට බදාගත්තා.ජෙනීගෙ ඇග ඇතුලෙ තියෙන්නෙ ටේ හියුන්ගෙ හදවත නිසා මට ජෙනීගෙන් ඇහෙන්නෙත් ටේ හියුන්ගෙ හදගැස්මමයි.මං ගොඩක් වෙලාවට ජෙනීව හග් කරන් ඉන්නෙ ඒ හදගැස්මට මං ගොඩක් ආස නිසා.

ඔප්පා මට ස්ටෝබෙරි මිල්ක්ශේක් එකක්.

ජෙනී මගෙන් ඈත් වෙලා කිව්වා.

ආහ් ගෙදර ඉවර වෙලානෙ.දැන් මොකද කරන්නෙ?

ගෙදර ඉවරයිනම් කඩෙන් ගේන්නනෙ මෝඩයෝ තියෙන්නෙ.ඒකනෙ මං ඔයා ගාවට දැන් ආවෙත්.

යාහ් දැන් එතකොට මං ගාව්ටා ආවෙ මිල්ක්ශේක් එකක් ගෙන්න ගන්න මිසක් මට තියෙන ආදරේකට නෙමේනෙ.

ඔව් ඉතින්.

ජෙනී දත් සෙට් එකම විරිත්තලා කිව්වා.මං හිනාවෙලා ජෙනීගෙ කම්මුකට කිස් එකක් දීලා මගෙ ඔඩොක්කුවෙ හිටිය ජෙනීව ඇදෙන් ඉන්දවලා නැගිට්ටා.

මං එහෙනම් ඉක්මනට ගිහිල්ලා අරන් එන්නම්.

මං ඇදගෙන හිටිය ශර්ට් එක මාරුකරලා වෙන ශර්ට් එකක් දාගෙන කාමරෙන් එලියට ආවා.🥀

༒︎༒︎༒︎༒︎༒︎༒︎༒︎༒︎༒︎༒︎༒︎༒︎༒︎༒︎༒︎༒︎༒︎

@𝑸𝒖𝒆𝒆𝒏_𝑷𝒋𝒌𝒎_𝑱𝒊𝒏𝒏𝒊𝒆🖋️

𝐈 𝐚𝐦 𝐬𝐨𝐫𝐫𝐲|𝐯𝐢𝐦𝐢𝐧𝐤𝐨𝐨𝐤[𝑪𝒐𝒎𝒑𝒍𝒊𝒕𝒆𝒅✓]Where stories live. Discover now