Chapter 7🥀

299 78 1
                                    

Back to past🥀

ජන්කුක් ඉක්මනින් රෝහලේ  ආපනශාලාවට දිව ගියේ කිම් තේහ්‍යන්ග් හමුවීමේ බලාපොරොත්තුවෙනි.ඔහු දුටුවෙ ජින් සමග කතා කරමින් සිටි තරුණයෙකි.ඔහුව දුටු විට ජන්කුක් ආපනශාලාවේ දොරටුවෙ අසල නතර වුනේ තේහ්‍යුන්ගෙ කඩවසම් බව දැකීමෙන් පුදුම වීමෙනි.

ආහ් ආහ් ජන්කුක්..

තේහ්‍යුන් පිලිබද අවධානයෙන් සිටි ජන්කුක් පියවි සිහියට පැමිණියේ නම්ජුන් ඔහු පිටුප්ස සිට ඔහුගෙ නම කියනු ඇසීමෙනි.

ආහ් සොරි හියුන්.

ජන්කුක් ඉක්මනින් නම්ජුන්ට ඉඩ දෙමින් පැවසුවා.

අපි ජින් ඉන්න ටේබල් එකට යන්.එතකොට ඔයාට තවත් හොදට ටේහ්‍යන්ග්ව බලාගන්න පුලුවන්නෙ ජන්කුක්.

ආශ් හියුන්.😑

ජන්කුක් නම්ජුන්ටද රවා ජින් ටේහ්‍යන්ග් සමග හිද සිටි මේසය වෙත ගමන් කලා.නම්ජුන්ද ජන්කුක් පිටුපස එම මේසය වෙත පැමිණියා.

ආහ් ජන්කුක් ඔයා මං මෙතන කියලා දන්නෙ කොහොමද?

තමන් දෙසට එන ජන්කුක් සහ නම්ජුන් දෙස බලමින් විමසුවා.

ආහ් මට ඩොක්ටර් මින් කිව්වේ.

ජන්කුක් ඔහු ඉදිරිපස මේසයේ හිදගෙන  සිටින ටේහ්‍යන්ග් දෙස බලමින් විමසුවා.

ආහ් ජන්කුක් මේ කිම් ටේහ්‍යන්ග්.

ජින් ජන්කුක්ට තමන්ට එහා පසින් හිදගෙන සිටින ටේහ්‍යන්ග්ව හදුන්වා දෙමින් පැවසුවා.

එතකොට ටේහ්‍යන්ග් මේ ඉන්නෙ ජියොන් ජන්කුක්.

හදුනා ගැනිම සතුටක් මිස්ටර් ජියොන්.

ටේහ්‍යන්ග් හිද සිටි අසුනෙන් නැගිටිමින් ජන්කුක්ට තමන්ගෙ දකුණු අත දිගු කරමින් පැවසුවා.ජන්කුක් ටේහ්‍යන්ග් හට මද සිනහවක් සංග්‍රහ කර ඔහු ටේහ්‍යන්ගෙ අත පිලිගත්තා.

ජන්කුක්ට ඒ අත ස්පර්ශ කල විට හුරුපුරුදු බවක් දැනුනා.නිකන් කාලයක් ඉදන් හුරුපුරුදු ස්පර්ශයක්.🥀

༒︎༒︎༒︎༒︎༒︎༒︎༒︎༒︎༒︎༒︎༒︎༒︎༒︎༒︎༒︎

@𝑸𝒖𝒆𝒆𝒏_𝑷𝒋𝒌𝒎_𝒋𝒊𝒏𝒏𝒊𝒆

𝐈 𝐚𝐦 𝐬𝐨𝐫𝐫𝐲|𝐯𝐢𝐦𝐢𝐧𝐤𝐨𝐨𝐤[𝑪𝒐𝒎𝒑𝒍𝒊𝒕𝒆𝒅✓]Where stories live. Discover now